මෙතෙක් සියළු ජනාධිපතිවරුන් පත් වූයේ මුස්ලිම් ඡන්දවලින්.. මුස්ලිම් ඡන්ද නැතිව හැකිනම් ජනාධිපති වී පෙන්වනු..

July 24, 2019 at 10:40 am | lanka C news
මෙතෙක් සියළු ජනාධිපතිවරුන් පත් වූයේ මුස්ලිම් ඡන්දවලින්.. මුස්ලිම් ඡන්ද නැතිව හැකිනම් ජනාධිපති වී පෙන්වනු..

ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාවගේ ඡන්දය නැතිව කිසිවෙකුට මේ රටේ ජනාධිපති විය නොහැකි බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

ජේ ආර් ජයවර්ධනගේ සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා සියලු ජනාධිපතිවරුන් මෙරට බලයට ගෙන ආවේ මුස්ලිම්වරුන් විසින් බවද ඔහු සඳහන් කළේය.

වර්තමාන ජනාධිපතිවරයාට මුස්ලිම් ජනතාව ඡන්දය නොදුන්නේ නම් ඔහුට ජනාධිපති විය නොහැකි වූ බවත් ලක්ෂ 8ක පමණ මුස්ලිම් ජනතාවක් ඔහුට ඡන්දය දුන් බවත් හිටපු ආණ්ඩුකාරයා සඳහන් කළේය.

මුස්ලිම් චන්ද නැතිව ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගත හැකි යැයි ඇතැමුන් ප්‍රකාශ කළ ද මුස්ලිම් ජනතාවගේ ඡන්දය නැතුව කිසිම පුද්ගලයෙකුට ජනාධිපති පුටුවේ අසුන් ගත නොහැකි බව තමන් අභියෝග කරන බවද ඔහු කියා සිටියේය.

135 views

29 Comments to “මෙතෙක් සියළු ජනාධිපතිවරුන් පත් වූයේ මුස්ලිම් ඡන්දවලින්.. මුස්ලිම් ඡන්ද නැතිව හැකිනම් ජනාධිපති වී පෙන්වනු..”

  1. ජයා says:

    පර තම්බින්ගෙ කටේ නරිවාදම අඩු වෙලා නැති හැටි.
    ඒක උන්ගෙ නෙවෙයි සිංහල අපේ තියන දුර්වලකමයි. සිංහල මහ ජාතිය සියයට 70ක් උනාට උන් පිල් දෙකකට බෙදිල කුලල් කා ගන්නතාක් කල් මුන් මේ චන්ඩිකම පෙන්නනව.
    දෙගොල්ල එකතුවෙන්නේ නැති බවත් හොදටම විශ්වාසයි.
    එහෙනම් කරන්න තියෙන්නෙ එක සිංහල අපේක්ශකයෙකුට චන්ද සියයට 50 ට වඩා දෙන එකයි. මේක ඉතාමත් තීරණාත්මකයි.
    එහෙම කලාම මේ තම්බින්ගෙයි අනික් උන්ගෙයි සැර නිකන්ම බහිනවා. උන්ට අපි ලගට වැද වැටීගෙන එන තැනට වැඩ වෙනව.
    කරුමෙට සිංහලය තවමත් බෙදිල. කවදද උන් ඔලුවෙන් හිතල හදවතෙන් දැනිල චන්දෙ පාවිච්චි කරන්නෙ?
    මේ තමයි අන්තිම අවස්තාව. අපේ රට රැක ගන්න අනාගත පරපුරට.
    ඒ සදහා පෙල ගැහෙමු. බුදු සරණයි!

Main News