මෙන්ඩිස්-දික්වැල්ල-ධනුෂ්ක තහනම අවසන් වෙන්න පෙර යලි පිටියට..

September 26, 2021 at 12:02 am | lanka C news
මෙන්ඩිස්-දික්වැල්ල-ධනුෂ්ක තහනම අවසන් වෙන්න පෙර යලි පිටියට..

දැනට දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දනුශ්ක ගුණතිලක නියමිත දඬුවම් කාලය ඉක්ම යාමට පෙර ක්‍රිකට් පිටියට අවතීර්ණ වන බවට ඉඟි පළ වෙමින් ඇත.

ඒ අනුව කුසල් මෙන්ඩිස් තමන් වෙත ක්‍රීඩා කළ CCC කණ්ඩායම හැරදා SSC පිළට එක් වී තිබේ.

ඔවුන් තිදෙනා සම්බන්ධයෙන් කටයුතු කරන මානසික වෛද්‍ය උපදේශකවරුන් ගෙන් ලැබෙන ධනාත්මක වාර්තා අනුව ඔවුන්ගේ තහනම ඉක්මනින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සලකා බලමින් ඇතැයි වාර්තාවෙයි.

නියමිත දඬුවම් කාලය ඉක්මවීමට දින කිහිපයකට කලින් හෝ දේශීය තරග තහනම ඉවත් කරනු වනු ඇති බවද ඒ අනුව නිල නොවන වාර්තා කියා සිටී.

දේශීය තරඟ සඳහා මෙම ලිහිල ලැබෙනු ඇති බව වාර්තා වුවද ඔවුන්ට පනවා ඇති වසරක ජාත්‍යන්තර තරග තහනම සහ වසර දෙකකට අත්හිටුවන ලද ජාත්‍යන්තර තරග තහනම එලෙසින්ම ක්‍රියාත්මක වනු ඇතැයි ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් සිය දඬුවම සම්බන්දයෙන් යලි සලකා බලන ලෙස ඔවුන් විසින් කර ඇති අභියාචනා සළකා බැලීමෙන් තොරවම ඉවත දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

39,682 views

8 Comments to “මෙන්ඩිස්-දික්වැල්ල-ධනුෂ්ක තහනම අවසන් වෙන්න පෙර යලි පිටියට..”

  1. Nandasena says:

    කොහොම හරි කමක් නෑ…උබලා සිගරට් කෑවත් කමක් නෑ…වැඩ පෙන්නපල්ලා..වැඩ…දිකා නම් හොදටම මදි….ඌ අලුතින්ම දිගඇරලා ගන්න ඕන..අනික් උන් දෙන්නා වැඩ පෙන්නුවනම් ok…

  2. Ranga says:

    බිංදු මෙන්ඩියයි කුරුස වැල්ලයයි නම් මෙලෝ රහක් නෑ. මුන් දෙන්න ටීම් එකට ගන්නව කියන්නේ දක්ෂ ක්‍රීඩකයො දෙන්නෙකුට අවස්තාව නැතිවෙන එක. හැබැයි දක්ශ ක්‍රීඩකයෙක් වන දනුශ්ක ගැනනම් සලකා බැලිය යුතුයි.

  3. BNV says:

    This is country with no law/no discipline /no social responsibility . Whole things can hide in carpet using money. These three idiots should punish more than this given punish.

  4. සහොදරය says:

    දනුස්ක තමයි වෙඩ්ඩා

  5. yvonne- chul says:

    me pathayn epa epa

  6. කලින්ම දැනං හිටියා says:

    අපේ නං ඉතින් ඕව කලින්ම දැනන් හිටියා. ක්‍රිකට් තවම ගොඩ ගිහින් නෑ.

  7. Silva says:

    කොන්ද පන නැති තීරණ.

  8. LalithM says:

    විනයගරුක නොවූ ක්‍රීඩකයා දැන් ඉන්න බොහෝ පාදඩ දේශපාලකයන්ට සමානයි. මුන් තිදෙනාට නැවත ක්‍රීඩා කරන්න ඉඩ දෙන්න එපා.

Main News