මෙන්න තවත් ඡන්ද ප්රතිඵලයක්.. මානව හිමිකම් කොමසාරිස් ‘ඊළාම් ආණ්ඩුව’ පිළිගනී..
January 27, 2017 at 9:20 am | lanka C news
ශ්රී ලංකාවෙන් පිටත ඊළාම් ආණ්ඩුව නමැති සංවිධානය ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් කුමරු විසින් පිළිගෙන ඇත.
මෙම සංවිධානයේ නියෝජිතයන්ට මානව හිමිකම් සමුළුව ඇමතීමට අවසර ලැබී ඇති බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
ලබන පෙබරවාරි 24 දා ආරම්භ වන 34 වැනි මානව හිමිකම් සමුළුවට සහභාගී වීම සඳහා රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජිනීවා පැමිණෙන බව ප්රකාශ කර ඇත.
මෙම ඊළාම් සංවිධානය රාජ්ය නොවන සංවිධානයක් ලෙස මානව හිමිකම් කවුන්සිලයේ ලියාපදිංචි කර ඇත.
රටින් පිටත ඊළාම් ආණ්ඩුව සිහින සංවිධානයක් බවට විදේශ ඇමැති මංගල සමරවීර මහතා ප්රකාශ කර තිබුණි.
– දිවයින