‘මෙන්න හොරා පැනල යනෝ.. හූ.. හූ..’- ආණ්ඩුවේ ඇමතිට ජනතාව හූ තියා පන්නා දමති.. තව පොඞ්ඩෙන් ගුටි..
September 26, 2017 at 9:20 am | lanka C news
මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මධ්‍ය අධිවේගයේ මාර්ග කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් වූ සාකච්චාවක් එම කොටසට මායිම් වන ජනතාව හා බලධාරීන් අතර ඊයේ පැවැත්වින.
ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු එම අවස්ථාවට සම්බන්ධ වූ අතර එහිදී ඉතා උණුසුම් තත්වයක් ඇති විය.
තත්වය පාලනය කිරීමට නොහැකි වීම නිසා නියෝජ්‍ය ඇමතිවරයා පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයෙන් ඉවත් වූ අතර ජනතාව ‘මෙන්න හොරා යනෝ’ යයි කියමින් හූ තැබූහ.
මුලින් කණු මත ඉදිකිරීම්ට සැලසුම් කර තිබූ මෙම මාර්ගය නව ආණ්ඩුව යටතේ පස් වුරවා ඉදිකිරීමට සූදානම් වීම ගැන ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පල කරති.