ශ්‍රී ලංකාවට සහාය වීමට අපේක්ෂා කරනවා..- IMF

June 25, 2022 at 8:02 am | lanka C news

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙති.

හමුව (24) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

සතියක කාලයක් මෙරට රැඳී සිටින නියෝජිත පිරිස මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹීමට අදාළ සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ දීර්ඝව අධ්‍යයනයට ලක් කරති. අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු ආර්ථික බලධාරීන් හා විශේෂඥයන් සමග සිදු කළ සාකච්ඡා සහ වත්මන් තත්ත්වය පිළිබඳ ඔවුහු ජනාධිපතිතුමා දැනුම්වත් කළහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වීමට අපේක්ෂා කරන බව නියෝජිත පිරිස කියා සිටියහ.

පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කළ ජනාධිපතිතුමා අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වීම සම්බන්ධයෙන් නියෝජිත පිරිසට සිය ස්තූතිය පළ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බෲවර් (Peter Breuer), මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි (Masahiro Nozaki), නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිදානු සෙට්යාවන් (Tubagus Feridhanu setyawan), ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඈන් මාරි ගුල්ඩේ (Anne Marie Gulde), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය සී. අමරසේකර හා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, නියෝජ්‍ය මුදල් ලේකම් එම්.එස්.එස්. සමන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

17,811 views

10 Comments to “ශ්‍රී ලංකාවට සහාය වීමට අපේක්ෂා කරනවා..- IMF”

  1. Citizen says:

    ….ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව….

    Sri Lankans need to understand the meaning of these words..

  2. iob says:

    First give the proposal to SL to cancel the extension of government service from the age 62 to 60 by the IMF Then, start to work

  3. ගමයා says:

    දෙනවනමි දැන්ම සල්ලි දෙන්න කියන්න වැල් බයිල නැතිව නැතිනමි රැසියාවෙන් දෙන තෙල් ගැස් ටික සහ පොහොර ටික ගත්තනමි නේ හරි ඉයේත් යුරොපා සංගමි තනාපතිලා ජනපති ගාවට අැවිදින් කියන්න අැත්තේ රැසියාවෙන් මුකුත් ගන්න එපා කියලා වෙන්න අැති උන් දෙන්නෙත් නැහැ අපිට ගන්න දෙන්නෙත් නැහැ

    • BRICS says:

      මේ අය එන්නේ දෙන්න නෙමෙයි ගන්න. උත්සහාය දැනට ගෙවීම අත්හිටුවූවා ඇති ණය ගෙවිල්ල නැවත පටන්ගන්න ලංකාව චාටුවෙන් පොළඹවන්න.
      ලංකාව හරි හමන් ණය විගණනයක් නොකර දැනට අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම නැවත ආරම්භ කරන්නේ නම් එය ජනතාද්‍රෝහී අපරාධයකි.

    • Gorilla says:

      කිසිදෙයක් කිසිම කෙනෙකුට නිකම් දෙන්න එපා. නිකම් අද්‍යාපනය සෙඛ්‍ය එපා. සෙඛ්‍ය සේවය ඉන්ශුවරන්ස් එකක් ගේන්න.අද්‍යාපනයට ණය පහසුකම් දෙන්න. මේවිදිහට ඔක්කොම හිගන්නෝවගේ අරන් රටවල් ගෙනියන්නේ කොහොමද? රජකාලේ නම් තමන් කුඹුරු වවලා කොටසක් රජයට දෙන්නත් ඔනේ බදු විදිහට. දැන් තියෙන්නේ හිගන චින්තනයක්.

  4. David Milli-banda says:

    අපේක්ෂා කරනවා..- pamanai

  5. ආර්ථික ඝාථක බටහිර නාසිවාදීන් වැටළීමට වහා වහා වීදි බසිනු,.! says:

    ආර්ථික ඝාථක බටහිර නාසිවාදීන් වැටළීමට වහා වහා වීදි බසිනු,.!

    තිස්අවුරැදු යුද්ධය, යුධඅපරාද,පාස්කු ප්‍රහාර, නැව් ප්‍රහාර , මහබැංකු මහකොළ්ලය, බෙදුම්වාදය, ත්‍රස්ථවාදය යන දැවැන්ත ක්‍රීයාන්විතයන් මෙහෙයවනළද අමෙරිකානු ආර්ථික ඝාථකයන් බිම පතිතකරනාළද ”දඩයම” භුක්තිවිදීමේ අරමුණ සහිතව , වහල් පාහර ඵ්ඡන්තයන්වන ගු කෑ රඡපකයා හා රනීගේ ඇරයුම මත මාත්‍රෘභූමිය නව යටත්විඡිතකරනයට ගොදුරැකරගැනීමට පැමිනීමට නියමිතයි,. !
    ආර්ථික ඝාථක බටහිර නාසිවාදීන් වැටළීමට වහා වහා වීදි බසිනු,.!

    නිර්පාකෂික අරගළයට නියත ඡය,.!

  6. අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම නැවත ආරම්භ කරන්නේ නම් එය ජනතාද්‍රෝහී අපරාධයක්,.! says:

    අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම නැවත ආරම්භ කරන්නේ නම් එය ජනතාද්‍රෝහී අපරාධයක්,.!

    අප පසුකරමින් සිටිනුයේ බටහිරකුමන්ත්‍රණයේ ගැඹුරැම ආක්‍රමණික සව සරළ සත්‍ය නම් ආර්ථිකය විණාශකරදමා,. ඡාතික සම්පත්,සවාභාවිකසම්පත්,වරායන්,සහ ගුවන්තොටුපළවල් කොල්ළකැමටයි,. බටහිර ආර්ථිකය පොශණය කරනා අයි ඵම් ඵෆ් ලෝක බැංකු වැනි සංවිධාන බටහිරයන්ගේ විණාශවන කොළ්ලකෑමේ ආර්ථිකය යාවත්කාළීන කර ගැනීමට දැවැන්ත උත්සාහයක් දරනු ළබයි,.!

    අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම නැවත ආරම්භ කරන්නේ නම් එය ජනතාද්‍රෝහී අපරාධයක්,.!

    අයි ඵම් ඵෆ් බටහිට ව්‍රෘක හස්ථය රටතුළට පැමිනෙනු ළබනුයේ, දීමට නො ගැනීමටයි,.! උත්සහාය දැනට ගෙවීම අත්හිටුවූවා ඇති ණය ගෙවිල්ල නැවත පටන්ගන්වා ලංකාව වංචාසහගතලෙස පොළඹවීමටයි,.!

    ලංකාව හරි හමන් ණය විගණනයක් නොකර දැනට අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම නැවත ආරම්භ කරන්නේ නම් එය ජනතාද්‍රෝහී අපරාධයක්ම බව සමස්ථයේ අවධානයට,.!

Main News