මෙම Lockdown කාලයේදී 5000ක් නෑ.. 2000යි..

August 21, 2021 at 12:02 am | lanka C news
මෙම  Lockdown කාලයේදී 5000ක් නෑ.. 2000යි..

මෙවර රට වසා දමා ඇති කාලයේදී අඩු ආදායම් ලාභීන් සඳහා රුපියල් 5000ක් ලබාදීමට හැකියාවක් ඇතැයි තමන් නොසිතන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

නමුත් රුපියල් 2000ක් පමණ දීමනාවක් ලබා දිය හැකි යැයි තම අදහස බව ඒ මහතා පැවසීය.

එතරම් ප්‍රබල ආර්ථික අර්බුදයක රට මේ මොහොතේ ඇතැයිද පැවසූ ඔහු මෙවර ලොක්ඩවුන් කරන ලද්දේ මතුව ව්‍යවසනයෙන් ගොඩ ඒමට නොකර බැරි තත්ත්වයකට පත්වූ නිසා බවද කියා සිටියේය.

කොරෝනා අරමුදල සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ වැටුප පරිත්‍යාග කිරීමට තීරණයක් ගත් බවද ඒ මහතා සඳහන් කළේය.

මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

37,896 views

8 Comments to “මෙම Lockdown කාලයේදී 5000ක් නෑ.. 2000යි..”

  1. Sam says:

    මේ ආණ්ඩුවට කොන්දක් නැත්තේ මොකද ජනතාවට තියෙන ප්‍රශ්න ටික කියන්න.ජනාධිපතිගේ සිට සියලුම් ඉහල රාජ්‍ය සේවකයින්ගේ පඩි යම් ප්‍රමාණයකට අඩු කරලා ,පාර්ලිමේන්තු මන්ත්‍රී ලගේ පහසුකම් අඩු කරලා රටේ වියදම් අඩු කරන්න බැරි මොකද ….

    රජය ආදර්ශයක් වෙලා යමක් කලයුතු කාලකය්ක් ……………..

  2. කැලණියේ නයා says:

    ඔය දෙදාහ දෙන්න වෙන්නෙත් පොටෝකොපි ගහන්නැහෙ සල්ලි අච්චු ගහල තමා.ඒකෙන් වෙන්නෙ පාන් ගෙඩියක් ගන්නත් දෙදාහක් දෙන්න වෙන ගානට උද්ධමනය ඉහල යන එක.දැන්වත් මැති ඇමති දීමනා නවත්තල රාජ්‍ය සේවෙට වන්දි භට්ටයොන්ගෙන් පුරවල පින් පඩි පුදන් නැතුව ප්‍රතිසන්ශෝදනයක් කරල නඩත්තු කරන සුදු අලි ටික විකුණල දාල ගිනි පොලියට ණය අරන් වී වේලන්න හරක්ට ලගින්න හම්බන්තොට හදල තියෙන සන්දර්ශන ඉදිකිරීම් ටික චීනට බැරි නම් යකාට හරි කමක් නෑ ගන්න එකෙක්ට විකුණල ණය පොලී ටික ගෙවා දාල මේ මැරෙන්න යන ආර්තිකේට හුස්ම පොදක් දීපල්ල.තොපේ ඔය මුසාවද වලට වහල් බයියො රැවටුනාට ණය දීපු රටවල් මූල්‍යායතන විදෙස් ජනමද්‍ය රවටන්න බෑ.

  3. බන්ඩා says:

    අර රට වහන්න කියප් කුමුදේෂ්ලා ස්වෙච්චාවෙන් 50% ක් පඩි කපා ගෙන එදා වේල හම්බ කරන් කන ජනතාවට බෙදා දිය යුතුය්

  4. Udara says:

    අන්න ඊයෙම ජෙප්පො යි සජියගේ අමනයෝ ටිකයි කොලබ මහල් නිවාස වල මිනිස්සු කුලප්පු කරෝනව 5000 මදි මේ පාර 10000 ක් ඉල්ලල බහින්ඩ කියල . හෙට ජනමාධ්‍යට වොයිස් කට් දෙන පිරිස තෝරා ගෙන දැන් සිටම පුහුණුවීම් කරනවා .මම වැඩේ යනතැන ටිකක් බලා හිටිය හරියට ටෙලි ඩ්‍රාම එකකට දෙබස් කියෝනව වගේ .එක් පුද්ගලයෙක් උපදෙස් දෙනව මෙතනදී හැගීම් බර වෙන්ඩ මෙතනදි ආවේගශීලි වෙන්ඩ කියල . කියන දේවල් කොලේක ලියල දීල තිබෙනව. බලාගෙන සිටින අය මල කෝලන් මුන්ට ඕනෑ මේ ආන්ඩුව පෙරල ගන්ඩ කියල බැන බැන යනවා ..

  5. බන්ඩා says:

    මගේ ගෙවල් ලග දුප්පත් පවුල් කිහිපයකට බඩු මල්ල ගානෙ දෙනවා.

  6. Silva says:

    මුලු රටටම කොවිඩ් බෝකලේ ජේවීපී කාරයෝ , විපක්ෂයේ එවුන් , ජෝසප් ස්ටාලින් , මහින්ද ජයසිංහ කියන කාලකන්නි . උන් එකතුවෙලා ගොවියන් ,ගුරුවරුන් විදුහල්පතිවරුන් ගොනාට අන්දවලා රටපුරා උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් පැතිරෙව්වා .ශත පහක් දෙන්න එපා .

  7. Buwa says:

    ඔය මොන මගුල කරත් වැඩක් නෑ රටේ ඉන්නෙ හරක් වුනාම. සර් ෆේල් කියන එක කියන්න විතරක් දන්නව. තම තමන් නේද පරිස්සං වෙන්න ඕන බව දන්නෙ නෑ. මිනිස්සු තමයි ෆේල්. ගොන් හැතිකරයක්

  8. මේවා කියන්න ඕනෑ අර උද්ඝෝෂණ කරපු උන්ගේනුයි, රටවහපන් කියලා කෑගහපු උන්ගේනුයි. මේකේ ඉන්න උනුත් හරියට කතා කරන්නේ සංසර්ගයේ යෙදෙනවා වගේ. දානකොට ගනින් කියනවා ගන්නකොට දාපන් කියනවා. කොහොම උනත් ලගදීම පඩියෙන් කාලක් ගන්න බලාගෙන හිටපියව්. එදාට ගිහින් සබජේ උන්ගේනුයි ජෙප්පන්ගේනුයි ගිහින් පඩි ඉල්ලගනිල්ලා.

Main News