මෙය ‘ආවා රාජ්‍ය’යි.. බලය ඇත්තේ අපට පමණයි.. යාපනයේ වීදි පුරා ලියති..

March 7, 2019 at 6:31 am | lanka C news
මෙය ‘ආවා රාජ්‍ය’යි.. බලය ඇත්තේ අපට පමණයි.. යාපනයේ වීදි පුරා ලියති..

යාපනය චෙම්මිණි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන මාර්ග ඇතුලු මාර්ග කිහියක ආවා කල්ලිය විසින් ආවා රජ්‍ය යනුවෙන් ලියා ඇති බවට ප්‍රදේශවාසීන් පැවසූහ.

රාත්‍රී කාලයේදී කිසියම් පිරිසක් විසින් රහසිගතව මෙසේ මාර්ග පුරා ලියා ඇති අතර එසේ ලියන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න කිසිවෙක් නොදුටු බවද ප්‍රදේශ වාසීන් විසින් පොලීසියට පවසා ඇත.

ආවා 001 රාජ්‍ය ලෙසටත් බලය ඇත්තේ තමන්ට පමණක් බවත් යන වැකි මාර්ග පුරා ලියා ඇති අතර ඒ පිළිබඳව පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය කියා සිටියේ මාර්ගයෙ ඇති සී.සී.ටී.වී උපයෝගි කරගනිමින් මාර්ගයේ ලියන ලද පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පියවර ගන්නා බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,115 Viewers

3 Comments to “මෙය ‘ආවා රාජ්‍ය’යි.. බලය ඇත්තේ අපට පමණයි.. යාපනයේ වීදි පුරා ලියති..”

  1. ජෙපි දර්ශණය (J.P.Darshana)ithi says:

    ආවා රාජ්‍යයේ ධනපතියන් නැත්නම් අපිත් ආවා රාජ්‍යයේ පදිංචියට එනවා ඕo.
    ඉතියෝපියාවෙ නම් ධනපතියෝ නෑ. ඒත් එහෙ රස්නෙ උහුලන්න බෑ.
    නැත්නම් මෙලහකටත් එහෙ පදිංචියට ගිහිල්ල.

    • සිරා says:

      අනේ බයියෝ අන්න උඹලගේ මරා තුමා ජෙප්පොත් එක්ක කරට අත දාගෙන සාකච්චා අරහේ…2005 ලව් එක ආයේ පටං අරන්

  2. GK says:

    අපි කලබල වෙන්න ඕන නැහැ ……..මෙහෙත් තියෙන්නේ එක එක්කෙනාගේ රාජධානි තමා …ම්ධුෂ්ගේ එකයි ,වම්බට්ටගේ එකයි ,කියා කියා ඔය පාතාල රාජධානි තියෙන්නේ …….එහෙ ඒවා ගැන මොකට හිතනවද

Main News