මෙරටට එන බෝරා නායකයාට VIP ආරක්‍ෂාව දෙනවා..- ආරක්‍ෂක ලේකම්

June 14, 2020 at 3:00 pm | lanka C news
මෙරටට එන බෝරා නායකයාට VIP ආරක්‍ෂාව දෙනවා..- ආරක්‍ෂක ලේකම්

ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බෝරා මුස්ලිම් නායකයා ඇතුළු පිරිසට මෙරට රැඳී සිටින කාලයේ දී විශේෂ ප්‍රභූ ආරක්ෂාවක් ලබාදෙන බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

මුළු ලෝකේම බෝරාවරුන්ගේ නායකයා ඔහු බවත් එය පාප්තුමන් මෙරටට පැමිණියා සේ සමාන කල හැකි බවත් එනිසා මෙම විශේෂී ආරක්ෂා සපයන බව ද ඔහු පැවසීය.

මෙම විශේෂ ආරක්ෂාව සැපයීමට නියමිත ඇත්තේ ජතික බුද්ධි ප්‍රධානියා යටතේය.

මෙම කණ්ඩායම බණ්ඩාරවෙල ඔවුන් ගේ විශේෂ නවාතැනක දින දාහතරක් නිරෝධායන වීමට නියමිතව තිබේ.

ඒ කිසවෙකු රට පුරා ඇවිදීමට නොවන බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ය.

402 views
Main News