මෙරටට සංචාරයකන් ගෙන්වා ගැනීමට සහන ඉහලට..

June 3, 2020 at 8:02 am | lanka C news
මෙරටට සංචාරයකන් ගෙන්වා ගැනීමට සහන ඉහලට..

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කෙරේ. එය මේ වසරේ අප්‍රේල්01 වන දින සිට ක්‍රියාත්මක වේ.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ  සංචාරක නියෝජිත ආයතනවල ඉල්ලීම සලකා බැලීමෙන් පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව පසුගිය දා අනුමැතිය හිමි වූ බවයි.

මෙරටට සංචාරකයන් රැගෙන ඒම සදහා ඉතා සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරන මෙම සංචාරක නියෝජිතයන් 1000 කට ආසන්න සංඛ්‍යාවකින් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින බව ද ඇමතිවරයා සදහන් කරයි.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නගා සිටුවිම සදහා ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් අදාළ පියවර ගනිමින් සිටින බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ සංචාරක නියෝජිතයන් රට තුළට රැගෙන එන සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කිරීම ඒ සදහා ගත් එක පියවරක් බවයි. සංචාරක ක්ෂේත්‍රයේ  නියුතු වූවන්ගේ ඉල්ලීම අනුව තවත් පියවර රැසක් ඉතා කඩිනමින් ගැනීමට නියමිත බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවලට අනුව 2019 වසරේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 191,702 කි. ලැබු ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3724 කි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වන්නේ වසර 05 ක් තුළ වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ඉලක්කයක් සපුරා ගැනීම සදහා සංචාරක කර්මාන්තය දියුණු කරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පසුගිය අගහරුවාදා (26) පැවති සාකච්ඡාවේදී  ද කොවිඩ් 19 වසංගතය රට තුළ පාලනය කිරීමෙන් පසුව සංචාරක ක්ෂේත්‍ර යේ අදාළ ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටී.

– ප්‍රදීප් අනුර කුමාර

20,518 Viewers

11 Comments to “මෙරටට සංචාරයකන් ගෙන්වා ගැනීමට සහන ඉහලට..”

  1. Saman says:

    Without opening the airport, how can bring sancharakayo?

  2. රට වැසිය says:

    Great

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    පොට්ටුවේ ගැණු ටික ගල්කිස්සේ වෙරළට ගෙන්නලා පෝලිමේ තියලා දෙකට නැමිලා රෙද්ද උස්සන් කිව්වා නම් ලෝන් හැලිච්ච නාකි සුද්දෝ ටිකක් ගෙන්න ගන්න පුළුවන්.

    • ExUNPer V says:

      ඒක කරන්න වෙන්නෙ නෑ. දැනටම GuNP පිරිමි ගණිකාවන් හා Jara Ve Putha වැසිකිලි හෝදන්නන් වසර ගණනාවක පළපුරුද්ද සහිතව පෝලිමේ .

    • john the baptice says:

      ෂක්කාහු මව්ලානා උබට මෝහමෙඩ් සහා අයිෂා ගේ කතාව මතක් උනාද?

  4. Worker.Comm says:

    ආර්ථිකය දිනෙන් දින මාරාන්තික වී ජනතාවගේ ගෙල මේ තරම් හිරවීමට ප්‍රධාන හේතුව පාලකයන් බටහිරට අමානුෂික ලෙස ණය ගෙවාදමමින් සිටීමයි.මේ කාරණය ආණ්ඩුව මෙන්ම විපක්ෂයේ සියලුම පක්ෂ (ජවිපෙ,පෙරටුගාමීන් හා ආර්තික ඔස්තාර්ලාද ඇතුලුව) නොදැකීම හා කතා නොකිරීම පුදුම සහගතය.මෙවැනි ආර්ථික අසාධ්‍යභාවයකින් බෙරීමට හැකි වී ඇති එකම මග ණය ගෙවා දැමීම නවතා දැමීමෙන් පමණි.මේ මොහොතේ කල යුත්තේ මහමැතිවරණයක් වෙනුවට ණය නොගෙවීමට අනුමැතිය ලබා ගැනීම සදහා ජනමතවිචාරණයක් පවත්වා ණය ගෙවීම නවතා දැමීමය.ණය බර ගලිවරයෙකි.හැමදාම පවතින රජයකට එරෙහිව විපක්ෂයන් මතුකල සෙසු සාම්ප්‍රදායික ආර්තික චෝදනා ලිලිපුට්ටන්ය.අද ජාතික ප්‍රශ්නය වීදේශ ණයයි.එය කේන්ද්‍රකොට ගෙනයි සෙසු සියලු ප්‍රශ්ණ පැනනගින්නේ…විසදුම ණය ගෙවීම නවතා දැමීම පමණි.

  5. Worker.Comm says:

    ආර්ථිකය දිනෙන් දින මාරාන්තික වී ජනතාවගේ ගෙල මේ තරම් හිරවීමට ප්‍රධාන හේතුව බටහිරට අමානුෂික ලෙස ණය ගෙවාදමමින් සිටීමයි.මේ කාරණය ආණ්ඩුව මෙන්ම විපක්ෂයේ සියලුම පක්ෂ (ජවිපෙ,පෙරටුගාමීන් හා ආර්තික ඔස්තාර්ලාද ඇතුලුව) නොදැකීම හා කතා නොකිරීම පුදුම සහගතය.මෙවැනි ආර්ථික අසාධ්‍යභාවයකින් බෙරීමට හැකි වී ඇති එකම මග ණය ගෙවීම අත්හිටවීම හෝ ණය ගෙවා දැමීම නවතා දැමීමෙන් පමණි.මේ මොහොතේ කල යුත්තේ මහමැතිවරණයක් වෙනුවට ණය නොගෙවීමට අනුමැතිය ලබා ගැනීම සදහා ජනමතවිචාරණයක් පවත්වා ණය ගෙවීම නවතා දැමීමය.
    අද ජාතික ප්‍රශ්නය වීදේශ ණය හා අනුක්‍රමිකව පත්වන හැම ආණ්ඩුවක්ම එම ණය ගෙවාගෙන යාමත් ණය ගෙවීමට තවත් ණය වීමත්ය.

  6. Deon K says:

    Im just confused. US$ 3724 Million / 191,702 tourists = ? Is it US$ 19,000 ?. If so its a miracle 🙂

  7. Nimal Perera says:

    Reduce the astronomical hotel rates as a constructive step. Take a lesson from Tourist Authority of Thailand.

  8. Love nature says:

    මින් ඉදිරියට විදේශිකයන් වැඩිපිරිසක් එන්නේ අපේ හෙළ වෙදකමෙන් තමන්ගේ ලෙඩ සුවකරගන්න එමනිසා හෙළ වෙදුන්ට රජය සහන ලබා දිය යුතුය. ඒ සමගම සැම හෝටලයකම වස විස නැති ආහාර ලබා දිය යුතුය. දැනට යුරෝපයේ වස විස නැති කෑම ගැනීමට විසාල පිරිසක් පුරුදුවී ඇත.

    • ඊරි යකා says:

      අපි නොදන්න හෙළ වෙදකම.. ඒක ඉතින් බෝඩ් එකේ නමට විතරයි..කාමරේ අස්සට රින්ගුවට පස්සේ ඉතිං මෝල් වෙදකම තමා..සුප්පුවක් දාගෙන..ඉස්පංචිය මිරිකලා.. තේ පාරක් ගස්සන් ..ටින්කිරි හලගන්න එක තමා කොකෙත් වෙන්නේ.