මෙරටට සියළු ආනයනය තහනම් කරන්න වෙනවා.. මූඩීස් වාර්තාවෙන් පසු ආයෝජකයන් එන්නේ නෑ..- ප‍්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා

September 30, 2020 at 12:01 am | lanka C news
මෙරටට සියළු ආනයනය තහනම් කරන්න වෙනවා.. මූඩීස් වාර්තාවෙන් පසු ආයෝජකයන් එන්නේ නෑ..- ප‍්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා

ඉදිරියේදී මෙරටට සියළුම ආනයන නැවැත්වීමට සිදුවනු ඇති බව මෙරට ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි.

එසේ නොවීමට නම් ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා සම්බන්ධ විය යුතු යයිද පවසන ඔහු නැතහොත් මෙරටට විදේශ අයෝජකයන් ආකර්ශණය නොවනු ඇතැයිද සදහන් කරයි.

මූඩීස් ජාත්‍යන්තර වර්ගීකරණ ආයතනය විසින් ශ‍්‍රී ලංකාව වර්ගීකරණයෙන් පහලට ඇද දැමීමෙන් පසු ටිවිටර් සටහනක් යොදමින් ඔහු මේ බව පවසා ඇත.

ශ‍්‍රී ලංකාව B2 තත්වයේ සිට CAA1 තත්වය දක්වා මූඩීස් නවතම වර්ගීකරණයෙන් පහත හෙලා ඇත.

111,699 views

40 Comments to “මෙරටට සියළු ආනයනය තහනම් කරන්න වෙනවා.. මූඩීස් වාර්තාවෙන් පසු ආයෝජකයන් එන්නේ නෑ..- ප‍්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා”

  1. රට වෙනුවෙන් says:

    Moody’s ඔය වැඩේ කලේ (විශ්‍රාමික) ජනරාල් සාන්ත පොල් මනින මිල සුත්‍රය දැමූ නිසා..

    දැන් හමුදා නිල ඇදුම් අවභාවිත කළා කියා චන්දිමාල්ට විරුද්දව CID පැමිණිලි කළා. Moody’s හෙටම AAA+ කරයි ඕක.

  2. Nuwan Wickramasinghe says:

    Whatever he says is correct, except one spelling mistake. Instead TASK he wrote TUSK, means ඇත්දළ.

  3. Alapaluwa says:

    අම්මෝ කොරෝනා නිසයි සේරම කරදර. අපේ රටට කොරෝනා හැදුනනෙ. නැත්නම් මේරට දිවියලෝකයක්.

  4. kamal says:

    මේක නම් sure එකටම ගොන් රනිල මොන්ගලය එක්ක ගහපු ගේමක් වෙන්ඩ ඕනේ, මුන්ට රට , ජාතිය, ආගම වැඩක් නැහැ, ඔහොම නෙමේ චන්ද්‍රික හතර ගාතේ වට්ටලා බාර දුන්න රට, අපේ මහින්ද මහත්තය ගොඩ දැම්මේ, අපහු කොටළුවෝ එක කාල හප කරා

  5. lotus says:

    what for the Moody’s. we have RAWANA… Gota is the Son of Rawana.

  6. නිරංජන says:

    අපේ සීයා කියන්නේ (අධ්‍යාපන තත්ත්වය 8 ශ්‍රේණිය සමත් / වයස 81 / නිරෝගී) මොන මගුලක් කලත් කමක් නැහැ ‌රට ඇතුලේ කන්න ටික වවාගෙන, රටට අත්‍යවශ්‍ය කොස්ස ඉදල රෙද්ද වාගේ දේවල් හදාගෙන පුලු පුලවන් හැටියට වැවෙන දේවල් සහ හදන දේවල් පිටරටට යවලා පිටරටින් අත්‍ය්‍යශය දේවල් ගෙනාවම රට දියුණු වෙනවා කියලා එතකොට ඩොලර් උඩ ගියත් අපට පාන්ද කියලා

  7. අගමැති සීයා says:

    Nimal Perera. 2010 CSE stock market විනාස කරපු පාහරය. Sri Lankan Airbus වංචාවෙ පියා. Moodys downgrade කළේ මුං වගේ කාලකන්නි නිසා.

  8. Ayatollah says:

    What ever the Entrepreneur says is correct. Although the PM states there is no ban on certain items like motor spare parts Electrical equipment and medical spare parts. These are essential items for day to day life and not available in the market even in Colombo.Sri Lankan is aware that we have to save Foreign exchange and to perform that implore restrictions on foreign travel for Ministers and MP,s, No brand new vehicles for them duty free and find the tax dodgers among the millionaires

  9. Modaya says:

    What moody says we knew 10 years ago. The situation worsened during Yahapalanaya. In any case foreign investers won’t come for another 5 years until COVID 19 is banished from the World. Therefore, there no alternative but to restrict imports and develop exports at least during the next 5 year period.

    Be careful at this juncture Uncle Sam is peeping through the window with MCC in hand.

  10. PULATHISI says:

    ආයෝජන එන්න ඕනෙ නැහැ. සෞභාග්‍යයේ දැක්මේ පිළිවෙත අනුව ආරම්භකර ඇති ස්වදේශීය නිෂ්පාදන අපනයනය කිරීමෙන් උපයාගන්නා විදේශ විනිමය පරණ ණය ගෙවන්න යොදාගත හැකියි. එසේම කුඩුකාරයන්ගේ සහ පාතාලයන්ගේ ගිණුම් සියල්ල රාජ සන්තක කර ඒවා ද විදේශ ණය ගෙවන්න යොදාගත යුතුය. ඒකාධිපති පාලනයකින් තොරව කුඩු කාරයන් සහ පාතාලයන් මර්දනය කළ නොහැකිය.

Main News