මෙරට ඉන්ධන මිල සතිපතා සංශෝධනයට IMF හා එකග වෙයි.. ගිවිසුම්ගත වෙයි..

July 13, 2018 at 2:10 pm | lanka C news
මෙරට ඉන්ධන මිල සතිපතා සංශෝධනයට IMF හා එකග වෙයි.. ගිවිසුම්ගත වෙයි..

මෙරට ඉන්ධන මිල සතිපතා සංශෝධනය කිරීමට ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පොරොන්දු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ගිවිසුම්වලටද අත්සන් කර ඇති බවත් දැනට තෙල් මිල මාස් පතා සංශෝධනය වන බවත් ඔහු සදහන් කරයි.

ජනතාවට ලබා දෙන සහන කප්පාදු කරන්නැයි මුල්‍ය අරමුදල, ලෝක බැංකුව නිතර දන්වන බවත් ආණ්ඩුවද ඒ අනුව කටයුතු කරමින් සිටින බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක්දී ඔහු මෙම අදහස් පල කලේය.

31 views

One Comment to “මෙරට ඉන්ධන මිල සතිපතා සංශෝධනයට IMF හා එකග වෙයි.. ගිවිසුම්ගත වෙයි..”

  1. kumara says:

    ලෝක වෙළදපොලේ මිල වැඩිවී ඇත්නම් මාසික තෙල් පොලිම් දර්ශණය වීම
    පුද්ගලික ආයතන වල ඉන්දන දීමනා ගෙවීම අතිසංකීර්ණ බවට පත්වීම
    බස්ගාස්තු නිතර වෙනස්වීම මගින් මගි ජනතාව දැඩි අපහසුතාවට
    ලෝක වෙළදපොලේ මිල වැඩි වී ඇත්නම් නීති විරෝදී ලෙස තෙල් ගබාඩාකිරීමට යොමුවීම
    බහුතර භාණ්ඩ වල මිළ නිතර වෙනස්වීම මගින් වෙළදපොලේ බොහෝ මිලගණන් අවිනිස්චිත වීම සහ වංචා වැඩිවීම
    තවත් අච්චාරුවක් අතලග !!!

Main News