මෙරට ඉන්ධන හිගයට වගකිව යුත්තා ගම්මන්පිලයි…

August 12, 2022 at 10:40 am | lanka C news
මෙරට ඉන්ධන හිගයට වගකිව යුත්තා ගම්මන්පිලයි…

ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයක් නිර්මාණය විට ප්‍රධානම වගකිය යුත්තා වන්නේ හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ යැයි එවකට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළ නිසා ජනතාව ඉන්ධන වැඩි වශයෙන් එක් රැස් කර ගැනීමට පෙළඹීම මත ඉන්ධන හිඟයක් ඇතිවූ බවයි.

නමුත් වත්මන් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉන්ධන අර්බුදය විසදීමට ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව ද ඔහු පැවසීය.

රටේ සම්පත් නොමැති අවස්ථාවක කංචන විජේසේකර මහතා සම්පත් කළමනාකරණය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අගය කළ යුතු බවද මහ ලේකම්වරයා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

50,104 views

52 Comments to “මෙරට ඉන්ධන හිගයට වගකිව යුත්තා ගම්මන්පිලයි…”

  1. modaya says:

    Now it has been revealed that a corrupt son of a powerful politico is behind this where 6 companies in Dubai are owned by them. THey make sure that quotations sent for cabinet approval has all these companies SL buys a barrel at over 1000 dollars when the real price is 695 dollars. This is how these people have ruined our economy and people suffer

  2. sam says:

    oya kathawe eththak thiyenawa.gommanpilaya thama kiwwe theo nehe kiyala.ithin minissu pissu wen wage thel ekathu kala.

  3. පියල් රත්නායක says:

    ඇත්ත කතාව …සිංහල බෞද්ධයා කාලෙකට පස්සෙ කලවම් නොවී හදපු ආණ්ඩුව කාබාසිනියා කලේ විමල් සහ ගම්මන්පිල කියන වැද්දො දෙන්නා තමයි වරෙල්ලකෝ අලුත් සංධාන හදාගෙන චන්ද ඉල්ලන්න ඉලපත් පාර තමයි දෙන්නෙ

    • මහජනයා says:

      සිංහල බෞද්ධ ආණ්ඩුව කාබාසිනියා කලේ බැසිලා. මිනිස්සු ලක්ෂ ගානක් පාරට බැස්සේ විමල් ගම්මන්පිල කියලද? නෑ බැසිලා මුදල් ඇමති විදිහට කරපු කෙරුවාවෙන් මිනිස්සු අන්ත අසරණ වුන නිසා. යකෝ සිංහලයා බඩගින්නේතියන නමට සිංහල බෞද්ධ ආණ්ඩු වැඩක් නෑ.

  4. Darsya says:

    හැමෝම මේ රට කාබාසිනියා කරන්න අඩු වැඩි විදියට දායක වෙලා .. දැන් අත පිහිදගන්න හදනවා. අපි අපේ කොටස කලා… දේශපාලකයන් ඔව්න්ගේ කොටස හරියට කරලා නෑ.. ලජ්ජා වෙයල්ලා…

  5. NAK says:

    මෙයා සුපුරුදු පරිදි බයිල කියනව. කියන‍් නා කෙසෙ‍් කිවත‍් අසන‍් නා සිහි බු‍ධ‍් දියෙන‍් අ‍ැසිය යුතුය‍ැයි කියමනක‍් තියෙනව. ඔවුන‍් කීවෙ‍් තෙල‍් සංචිත අ‍ැත‍් තෙ දින හතරකට පමනක‍් බවත‍් න‍ැවත තෙල‍් ගෙන‍් වීම සදහා ඩොලර‍්න‍ැතිබවත‍්. එය සම‍් පුර‍් න සත්‍ය බව පසුවහෙලිවුනා.

  6. දසුන් says:

    ගම්මන්පිල කිව්වේ මේ රටේ වැරදි ආර්ථික කලමණාකරණය සහ ණය බර නිසා බලශක්ති අර්බුදයක් ඇතිවී එය ආර්ථික සහ දේශපාලන අර්බුදයක් බවට පත්වෙනවා කියලයි. ඒක සහති ඇත්ත බූරුවෝ. ඒක තේරුම් නොගෙන අර බැසිලා කලේ ඒ මිනිස්සු එලියට දාපු එක ගෝටට කියලා.

Main News