මෙරට ඉහලම ව්‍යාපාරිකයන්, විද්වතුන් රොද බදිද්දී වියත්මග මහ සමුළුවේ ගෝටාගේ දේශණය මෙන්න..

September 9, 2019 at 6:20 am | lanka C news
මෙරට ඉහලම ව්‍යාපාරිකයන්, විද්වතුන් රොද බදිද්දී වියත්මග මහ සමුළුවේ ගෝටාගේ දේශණය මෙන්න..

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පැවති වියත්මග වාර්ෂික සමුළුව අමතමින් හිටපු ආරක්‍ෂත ලේකම්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද සම්පුර්ණ දේශණය මෙහි දැක්වෙයි.

රජයක අරමුණ විය යුත්තේ පලදායී පුරවැසියෙක්,  සතුටින් ජීවත් වන පවුලක්,  විනය ගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමයි.අපි අද හමුවන වියත්මග තුන්වන වාර්ෂික සමුළුවේදී, මා බලාපොරොත්තු වන්නේ මෙම අරමුණ ඉටු කරගත හැකි ආකාරය පිළිබඳව කතිකාවකට මුල පුරන්නයි.ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, රටක්.පෙර අපෙරදිග යාකරන ප්‍රධාන මුහුදු මාර්ගයේ ඉතාමත්ම කේන්ද්‍රීය ස්ථානයක පිහිටා ඇති  අපේ රටේ සුවිශේෂි භූගෝලීය පිහිටීම නිසා අද ලංකාව කලාපීය මෙන්ම ජාත්‍යන්තර බලවතුන්ගේ විශේෂ අවධානයක් දිනාගෙන තිබෙනවා. මෙම අභියෝගයන් හමුවේ නොසැලී මව්බිමේ  ස්වෛරීත්වය ආරක්ෂා  කිරීම රජයේ මූලික වගකීමක් වෙනවා. මින් පෙර ඇමෙරිකාව හා රුසියාව ලෝකයේ ප්‍රධාන බලකඳවුරු දෙක ලෙස තිබුන කාලයේ අනෙකුත් දියුණු රටවල් බොහෝමයක් මින් එක රටක් සමඟ කඳවුරු ගතව සිටියා. නොබැඳි රටවල් ලෙස සිටියේ බොහෝ විට දියුණු වෙමින් පවතින රටවල් සමුහයක්. ලංකාවත් එදා නොබැඳි රටක්. තවමත් ලෝකයේ ආර්ථික බලවතා ලෙස සිටින්නේ ඇමෙරිකාවයි. වේගවත් ආර්ථික සංවර්ධන ක්‍රියාවලියක් හරහා අද ඇමෙරිකාවට ප්‍රධාන අභියෝගය බවට පත් වී සිටින්නේ චීනයයි.

Parag Khanna විසින් ලියන ලද THE FUTURE IS ASIAN නැමති පොතෙහි දක්වා ඇති ආකාරයට, “Today all of Asia’s empires and powers are seeking national revival. None will bow to others. The future Asian geopolitical order will thus be neither American nor Chinese led. Japan, South Korea, India, Russia, Indonesia, Australia, Iran and Saudi Arabia will never collectively come together under a hegemonic umbrella, nor unite into a single pole of power that is neither bandwaggoning with China or balancing against it. Instead, they are on a high alert against excessive US and Chinese influence in their affairs. Asians in particular, have realised that their intense economic integration and rising prosperity require geopolitical stability”

ලංකාව සම්බන්දයෙන් තත්ත්වයද මෙයමයි. අප සෑම රටක් සමඟම මිතුරුදම් පවත්වා ගැනීමට උත්සාහ කල යුතුයි. නමුත් කිසිම විටක අපිට අපේ ස්වාධිනත්වය පවා දෙන්නට බැහැ. ඒ නිසා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී හෝ,  ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු වලදී කිසිදු විදේශ රටක් හමුවේ දනින් නොවැටෙන, රටේ ස්වෛරීත්වය හැම විටම  ආරක්ෂා කරන, ඕනෑම රටක් සමඟ සම තත්වයෙන් ගනුදෙනු කරන, දේශීය අභිමානය සුරකින, ගෞරවාන්විත පාලනයක්  අපි යලිත් ස්ථාපිත කල යුතුයි. විශේෂයෙන්ම ආර්ථික වැදගත්කමක් තියන අපේ භූ ප්‍රදේශ හෝ භෞතික සම්පත්, කිසිවිටකත් වෙනත් රටවල් සතු නොකළ යුතුයි. අපි විශේෂයෙන්ම ජපානය, ඉන්දියාව සහ වියෙට්නාමය සමග ශක්තිමත් ආර්ථික සහයෝගීතාවයක් වර්ධනය කරගත යුතුයි.

ඒවගේම,  ව , ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි ආසියාන් රටවල් සමගද හොඳ සම්බන්ධතාවයකින් කටයුතු කල යුතුයි. ජාතික ආරක්ෂාව රටක   ඉතාමත්ම වැදගත් වෙනවා. සාමකාමී පරිසරයක් රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්. රට සාම කාමී නැත්නම් දේශීය හෝ විදේශීය ආයෝජන සිදු වන්නේ නැහැ. මිනිසුන්ට නිදහසේ රැකියා කරන්න බැහැ.  සමස්ථ ආර්ථික ක්‍රියාවලියම දුර්වල වෙනවා. සාමකාමී නොවන රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමත් දුර්වල වෙනවා ඒනිසා ජාතික ආරක්ෂාව රජයක  මූලික වගකීමක් විය යුතුයි.

I am committed to address national security not only as a defensive mechanism, but also to provide broader social  political and economic security to the people. Our country should be free from crime, drug trafficking, terrorist financing, money laundering and corruption. Our houses and streets must be safe places for children, women and the community at large. Businesses should be shielded from security threats

2005 සිට 2014 දක්වා පැවති රජය මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ජාතික ප්‍රමුකතාවක් ලෙස හඳුනාගත්තා. වසර 30 කට ආසන්න කාලයක් රටේ ජනතාවට විශාල ප්‍රශ්නයක්ව පැවති ත්‍රස්ථවාදය අපි පරාජය කලා. ඉන් පසුවත් අපි දිගටම ජාතික ආරක්ෂාව තහවරු කලා. ඒ නිසා දස වසරකට ආසන්න කාලයක් ත්‍රස්තවාදය යලි ක්‍රියාත්මක වුනේ නැහැ. යුද්ධයෙන් පසු මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරණ විට අපි විශේෂයෙන්ම ජනතාවගේ නිදහසේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කලා. මේ කාලය තුල ජනතාවට හිරිහැර වන හමුදා හෝ පොලිස් ක්‍රියාන්විතයන් සිදු කලේ නැහැ. නමුත් අපේ බුද්ධි අංශ ජාලා තව තවත් ශක්තිමත් කරන්නට අපි කටයුතු කලා. මේ බුද්ධි අංශ ක්‍රියාත්මක වුනේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. අද  අපට අහිමි වී ඇති මෙම ආරක්ෂක තත්ත්වය නැවත ස්ථාපිත කල යුතුයි. එදා තිබුණු ජාතික බුද්ධි යාන්ත්‍රනය නැවතත් ස්ථාපිත කරන්නට අවශ්‍යයි.
ඒ සඳහා  ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සතු බුද්ධි සේවා අංශ සියල්ල ජාතික ආරක්ෂාව පිළබඳව වගකියන, බලතල සහිත  බුද්ධි අංශ ප්‍රධානියෙකු යටතට ගෙන, ඒ අංශ අතර මනා සම්බන්ධිකරණය්ක් ඇතිකල යුතුයි. දක්ෂ නිලධාරීන්ට නැවතත් මෙම වගකීම භාර දිය යුතුයි. ඒ වගේම පසුගිය කාලේ විවිධ අතවර නිසා බිඳ වැටුන ආරක්ෂක හමුදාවල හා පොලීසියේ නිලධාරීන්ගේ මානසිකත්වය ශක්තිමත් කිරීම සඳහා දේශපාලන බලපෑමෙන් තොරව රාජකාරි කිරීමට අවශ්‍ය නීතිමය රැකවරණය ඔවුන්ට ලබා දිය යුතුයි. විදේශ බුද්ධි සේවා සමඟ මනා සම්බන්ධීකරනයක් ඇති කිරීම, අපේ  ආරක්ෂක නිලධාරීන්ට අවශ්‍ය දේශීය හා විදේශිය පුහුණුව ලබාදීම වගේම ඔවුන්ගේ සේවා කටයුතු සාර්ථකව ඉටු කිරීම සඳහා නවීන තාක්ෂණයේ සහාය ලබා දීමද  වැදගත් වෙනවා.

ආර්ථික සංවර්ධනය රටකට ඉතාමත්ම වැදගත්. රටේ පවතින බොහෝ ප්‍රශ්න වලට විසඳුම ආර්ථික සංවර්ධනයයි. මා අවශ්‍යව තිබෙන්නේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක්. රටේ සෑම පුරවැසියෙකුටම  යම් ආර්ථික ස්ථාවරත්වයකුත්, දියුණු  වීමේ සම අවස්ථාවකුත්, ගෞරවාන්විතව ජීවත්වීමේ අයිතියත් තිබිය යුතු යැයි මම  විශ්වාස කරණවා.

GDP is not the only criteria in measuring development. Growth alone is not enough to deliver overall wellbeing for the people. In the 21st century, inclusive development has become a better measure of national progress. The recently devised Inclusive Development Index (IDI) takes into account not only economic size but also life expectancy, unemployment, median income, poverty level, inequality rates, household savings, carbon intensity and other factors. These are important factors we need to be aware of. We must also bear in mind that the centre of gravity of golobal economic development has shifted to Asia. If we look at the Asian region, from Turkey to China, the population is close to five billion. There is a large middle class in this region with high purchasing power. India alone has a 400 million strong middle class. China, Japan, South Korea, Indonesia, Vietnam, and Malaysia are other large, populous countries with a rising middle class.

This represents a marketplace of hundreds of millions of people. Asia will soon have more millionaires and billionaires than any other region. We should look at these Asian markets and find opportunities there, without always relying upon our traditional markets. Sri Lanka must make maximum use of the opportunities within our region.

අනාගත වෙළඳපොල අවස්ථාවන් තිබෙන්නේ මේ ආසියානු කලාපය තුල බව අපත් හඳුනාගෙන අපේ ව්‍යවසායකයන් ඒ වෙළඳපොලවල් සොයා යාමට උනන්දු  කල යුතුයි. සිංගපූරුව උදාහරණයකට ගත හොත්, එම රටේ අපනයනන්ගෙන් සියයට 90ක් පමණ සිදුවන්නේ ආසියානු කලාපීය රටවලටයි. ඇමරිකාවට සහ යුරෝපයට යන්නේ සියයට 10ක් පමණයි. 21වන සියවස හඳුන්වනුයේ දැනුම කේන්ද්‍රික ශතවර්ෂයක් ලෙසයි. කෘෂිකර්මය වේවා, කර්මාන්ත ක්ෂේස්ත්‍රය වේවා, සේවා අංශය වේවා, අනාගතයේදී තාක්ෂනය මත යැපෙන ආර්ථික අංශ බවට පත් වෙනවා. විවිධ හේතූන් නිසා දෙවන ලෝක යුද්දයට පසුව ජපානය සහ දකුණු කොරියාව වැනි වැනි රටවල් ලැබූ  ඉලෙක්ට්‍රොනික් සහ පරිගණක ආශ්‍රිත දියුණුව අපට අහිමි වුනා. 21වන සියවසේදී දැනුම සහ නව තාක්ෂණික නවෝත්පාදනය මගින් ඇතිවන අවස්ථා අහිමි නොවීමට අප වගබලාගත යුතුයි.

Future growth throughout the world will be led by innovations such as the Internet Of Things, Artificial Intelligence, Biotechnology, Big Data, Robotics, 3D Printing and other cutting edge technologies that are still in their infancy. We must strategically invest in such new technologies, infusing them into our education system and introducing them into each economic sphere.

මම දන්නවා අද රටේ විවිධ තරාතිරිමේ සමාගම් හා තරුණ තරුණියන් විශාල පිරිසක් දැනටමත් නව තාක්ෂණ ලෝකය සමඟ සම්බන්ද වී විවිධ සේවා සපයමින් විශාල ආදායමක් උපයන බව. මම එවැනි අවුරුදු 24ක පමණ තරුණයෙක් සමඟ කතා කලා. ඔහු දැනටමත් බටහිර රටවල් කිහිපයක ආයතන වලට තොරතුරු තාක්ෂණ සේවාවන් සපයන සාර්ථක ව්‍යවසායකයෙක්. මා ඔහුගෙන් ඇහුවා  ඔබ වගේ තරුණ තරුණියන් තව බිහි කරන්න රජය කුමක් කල යුතුද කියා. ඔහුගේ සරල උත්තරය වූයේ  තරුණ පරපුරට  ඉංග්‍රීසි උගන්වන්නටත්, හැම තැනටම අධිවේගී අන්තර්ජාල පහසුකම් දෙන ලෙසයි.

This is exactly what other countries in the Asian region are doing.  For example, China is laying down a fibre optic cable from Pakistan to the Phillippines, and setting up 5G network connectivity for hundreds of millions of people. Sri Lanka, too, will benefit greatly from 5G data links that will enable high speed broadband access throughout the country.

ලෝකයේ දියුණුවන රටවල් රැසක් මේ යථාර්තය වටහාගෙන තිබෙන්වා. තාක්ෂණික කේන්ද්‍රීය ආයෝජන සඳහා විශාල මුදලක් වය කරනවා, ඊශ්‍රායලයේ ඩොලර් බිලියන 16ක පමණ ආයෝජනයක් කර ඇති චීනය නව ව්‍යවසායකයන් වෙනුවෙන්ම වෙන්වූ සිනෝ-ඉස්රායලි නවෝත්පාදන අරමුදලක් (Sino-Israeli Technology Innovation Fund) ආරම්භ කර තිබෙනවා. ඊශ්‍රායලයේ Tel-Aviv නගරයේ Technion නම් වූ Artificial Intelligence සඳහා කැප වුනු පර්යේෂණ විශ්ව විද්‍යාලයක් පිහිටුවා තිබෙනවා. චීන Ali Baba සමාගම robotic තාක්ෂණ සමාගම් සඳහා එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ තාක්ෂණික නගරයක්  පිහිටුවීමට ඩොලර් මිලියන 600ක් ආයෝජනය කල තිබෙනවා. ජපානය ඔවුන්ගේ දැනටමත් දියුණු සූක්ෂම කර්මාන්ත ඉදිරියට ගෙන යෑම සඳහා නව තාක්ෂණ නවෝත්පාදනය මගින් කර්මාන්ත දියුණු කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන විශාල ප්‍රමාණයක් ආයෝජනය කල තිබෙනවා. මෙලෙස 21වන සියවසේ සංවර්ධනයට තුඩු දෙන ආයෝජන සඳහා අපට දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ගේ සහාය අවශ්‍ය වෙනවා. ආසියානු කලාපයේ සෑම රටක්ම වාගේ මෙලස විදේශ ආයෝජන උනන්දු කරනවා.

Foreign Direct Investments across Asia is creating hundreds of thousands of jobs annually in electronics, information technology, automation, real estate and business services, adding value across the economy. This has attracted the global Private Equity industry to Asia, which has already surpassed Europe as the world’s second highest Private Equity destination after the United States.

නමුත් මෙහිදි වැදගත් වන කරුණ වන්නේ රටට විදේශ ආයෝජන ගෙන එමේදි අනුගමනය කල යුතු ප්‍රතිපත්තිය කුමක්ද යන්නයි.

Foreign Direct Investment should be encouraged strategically. We must safeguard our sovereignty, local entrepreneurs and businesses. We need an FDI policy that will attract investments which can transfer technologies and knowledge, and increase our productivity.
We need to encourage investments into high tech industries such as Artificial Intelligence, Robotics, Internet Of Things and Big Data, which would otherwise take a long time for us to develop our own expertise in. By selectively bringing in foreign investments in such spheres, we will be able to leapfrog old technologies and adapt to new technological trends much faster. This will provide us what has been called by some economists, the “second mover advantage”.

අපට ඇති වටිනාම සම්පත අපේ අනාගත පරපුරයි. ඒ නිසා මානව සම්පත් සංවර්ධනය අනාගතයේ බිහිවන රජයක මූලික වගකීමක් වෙනවා. රටේ අනාගත පරපුර පලදායි පුරවැසියන් කරන්නට අවශ්‍ය දැනුමින් ඔවුන් පෝෂනය කරන්නට, ඔවුන්ගේ කුසලතා හා නිපුනතා වර්ධනයට විශේෂ අවධානයක් යොමු කරන්නට අපට සිදුවෙනවා. තරුණ තරුණියන්ට අධ්‍යපන ක්ෂෙත්‍රය තුල අතරමං වීමට ඉඩ නොදී ඔවුන්ට උසස් අධ්‍යාපනයට හා තාක්ෂණික අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කල යුතුයි. 2018 වසරේ පමනක් සිසුන් 280,000 කට වැඩි පිරිසක් අපොස සාමාන්‍යපෙල අසමත් වී තිබෙනවා.  උසස් පෙල සිසුන්ගෙන් 99,000 ක් අසමත් වී තිබෙනවා. උසස් පෙල සමත් වී විශ්ව විද්‍යාලවලට ඇතුලත් වීමට සුදුසුකම් ලබන ප්‍රමානයෙන් 170,000 කට සරසවි වරම් ලැබී නැහැ. මෙය කිසි සේත්ම අපට සතුටුවිය හැකි තත්වයක් නොවේ. රජයේ විශ්ව විද්‍යාල 15 කට හා රජයේ නොවන උපාධි පිරිනමන ආයතන 5 කට වසරකට ඇතුලත් වන්නේ සිසුන් 35,000 ක පමන ප්‍රමාණයක්. ඉනුත් බහුතරය හදාරන්නේ තාක්ෂණික විශයන් නොවේ. තාක්ෂණික දැනුම මූලික කරගත් 21 වන ශතවර්ශයට මුහුණ දීමට නම් අපට අපේ  අධ්‍යාපන ක්‍රමයේ සහ අපට ඇති පහසුකම් දියුණු කිරීම සඳහා විශාල ආයෝජනයක් කල යුතුයි.

At the tertiary level, countries across South and South East Asia are trying to significantly increase university admissions—at times doubling, tripling or even quadrupling it. Sri Lanka should not fall behind this trend.

මේ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් ඉතා කෙටි කාලයක් තුල ගොඩ නැගිය යුතුයි. රජයේ විශ්ව විද්‍යාලවල හා රජයේ විවිධ උසස් අධ්‍යාපන ආයතනවල ඇති ධාරිතාවන් කාර්යක්ෂමව ප්‍රයෝජනයට ගැනීම තුලින්, විශ්ව විද්‍යාල වලට ඇතුලත්කරගන්නා ශිෂ්‍යයන් සංඛ්‍යාව වැඩිකළ යුතුයි. අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීම සඳහා නව තාක්ෂනය භාවිතා කල යුතුයි. උපාධි පාඨමාලා සඳහා දුරස්ථ අධ්‍යාපනය යොදා ගන්නා නව විවෘත විශ්ව විද්‍යාලයක් ආරම්භ කල යුතුයි. ආර්ථිකයට අවශ්‍ය වුර්තීය සුදුසුකම් සහ නිපුනතා, තොරතුරු තාක්ෂනය, කළමනාකරණය, සේවා අංශයේ කළමනාකරණය වැනි අංශ වලට කළා අංශයේ සිසුවන් පහසුවෙන්ම පුහුණු කල හැක. අපිට ආසන්නයේ තිබෙන ඉන්දියාවේ මෙය ඉතාමත්ම සාර්ථ්කව ක්‍රියාත්මක වෙනවා.

India’s private education powerhouse NIIT has scaled onsite and online industry linked skills programmes to reach 500,000 students per year. Training is provided to them on demand, with tailored courses being offered to meet the needs of local and global companies. These companies range from oil rigs to tech parks, with curricular offerings expanding to service, insurance, supply chain management, programming and other sectors. Once students complete one assignment, they can return for others. This reflects NIIT’s motto: “the spirit of lifelong learning, without beginning, without end”. This industry linked education model is one that we should follow.

තවද රටේ දැනට තිබෙන ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා උගන්වන ආයතන ක්‍රමයෙන් උපාධි පිරිනමන  මට්ටමට උසස් කිරීම අවශ්‍යයි. ඒ සඳහා මූලික  වන්නේ නව විෂය පාඨමාලා හඳුන්වා දීම සහ පුහුණු කතිකාචාර්‍යවරු අනුයුක්ත කිරීමයි. මෙහිදි ගූරු පුහුණු පාසැල් හා හෙදි පුහුණු පාසලුත් උපාධි මට්ටමට ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. පුහුණු උපාධිධාරී ගුරු හිඟය දනටමත් අධ්‍යාපන ක්ෂෙත්‍රය තුල ගැටලුවක්. එ වගේම හෙදියන් සඳහා දැනට ලබාදෙන වසර 3 ක ඩිප්ලෝමාව වසර 4ක උපාධියක් දක්වා උසස් කිරීමෙන් ද, ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට ක්‍රියාකිරීමෙන්ද, ඔවුන්ට ජාත්‍යන්තර ප්‍රමිතියන්ට අනුව විදේශ රටවල් වල සේවා කිරීමටත් ඉඩ සැලසෙනවා. හෙද වෘත්තියට අද ලෝකයේ විශාල ඉල්ලුමක් තිබෙනවා.  ජර්මනියේ පමනක් හෙද පුරප්පාඩු  ලක්ෂ 2 ක් මේ වන විට තිබෙනවා. පුහුණු හෙදියකට අවම වශයෙන් රුපියල් ලක්ෂ 5 කට වඩා වැඩි පඩියක් බොහෝ යුරෝපීය රටවල ලබාගත හැකියි. නොපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් රට යැවීමෙන් රටේ ගෞරවයත් ආරක්ෂා වෙනවා. ඒ වගේම රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමානයත් වැඩි වෙනවා’ උසස් පෙළ අසමත්වන සහ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත් ශිෂ්‍යයන්ට තාක්ෂණික සහ කාර්මික අංශයේ දැනුම වැඩි කරීම සඳහා, කාර්මික සහ තාක්ෂණික විද්‍යාල ආරම්භ කල යුතුයි. මේ හරහා ආර්ථිකය තුල අවශ්‍යවන පුහුණු නිපුනතා වලින් යුත් ශ්‍රම බලකායක් ඇති කල හැකි අතර, ඉහල වේතනයක්ද තරුණ තරුණියන්ට ලබා දිය හැක.

We should also bear in mind that Education can also be a foreign exchange earner. Instead of sending Sri Lankan students abroad, we should find ways to attract foreign students to Sri Lanka. There are countries that have pursued such a strategy very successfully. For example, nearly 100,000 Chinese students are enrolled in schools across Australia, making education the country’s third largest export. Malaysia has started following this model in recent years, and has more than 150,000 international students studying in its higher educational institutes. If we can make the necessary educational reforms, we too can attract foreign students. For example, we have adopted a similar model at the Kotelawala Defence University. However, it is very important that we rapidly improve the standards of our Universities to attract more students. All our state Universities should strive to enhance their world rankings. Similarly, we should also encourage the private sector educational institutes in our country to gradually enhance their standards. They should introduce job specific educational programmes. What is important here is to understand the demand that exists for job specific qualifications in local and foreign arkets.

Zoho University in India has followed this model very successfully. It takes in small town high school dropouts and puts them through coding bootcamps so that they can get programming jobs. This is a model that can be adopted in Sri Lanka too to provide job specific training.

අපට වෙළඳපොල අවස්තා තිබෙන්නේ තාක්ෂණික ක්ෂේත්‍ර වල පමනක් නොවන බවත් මෙහිදී වටහා ගත යුතුයි. උදාහරණයක් වශයෙන් අනාගතයේ අපට පහසුවෙන්ම දියුණු කල හැකි ක්ෂේත්‍රයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. 2018දී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4 ක පමන ආදායමක් ඉපැයූ සංචාරක කර්මාන්තයට අනාගතයේදී ඇමරිකානු ඩොලර් බිලියන 10 ක පමන  ආදායමක් ගෙනෙනා කර්මාන්තයක් බවට පත් වන්නට අවකාශය තිබෙනවා. ඒ සඳහා  සංචාරකයන් මිලියන 7 ක්වත් ලංකාවට පැමිණිය යුතුයි. දැනට  අප සතුව ඇති හෝටල් කාමර ප්‍රමාණය දෙගුණ කරන්නට සිදු වන අතර වඩා ඉහල ප්‍රමිතියේ සංචාරක හෝටල් ඉදි කරන්නටද වෙනවා. සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා නව සේවාවන් හඳුන්වා දීම, සාප්පු සංකීර්ණ ඉදි කිරීම, අභ්‍යන්තර ගුවන් සේවා හා අනෙකුත් ප්‍රවාහණ සේවා දියුණු කිරීම වගේම සංචාරක ක්ෂේත්‍රය තුලු පුහුණු හා නුපුහුණු සේවකයන් පිරිස වැඩි කරන්නට සිදුවෙනවා.

The construction industry is another key growth sector that has huge potential. The domestic construction industry has already proved that its engineering capabilities are on par with international standards.

අනාගතය සැලසුම් කරණා විට අපට තවත් ඉතා වැදගත් ක්ෂේත්‍රයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. රටේ ජනතාවගෙන් 1/3 ක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තය මතයි. අපි මේ ජන කොටසේ ජීවන මට්ටම ඉහල නැංවිය යුතුයි. දැනට ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.6 කි. එයින් ඇමරිකානු ඩොලර් බිලියන 1ක්ම ලැබෙන්නේ තේ අපනයනයෙන්. කුළු බඩු, පලතුරු,  එළවළු, ධාන්‍ය, මස් සහ මාළු  වැනි අපනයනය කල හැකි කෘෂි නිෂ්පාදන රැසක් තිබියදී, මෙයට වඩා අපනයන ආදායමක්  අප ලබා ගත යුතුයි.

තවද, තේ කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාරිකයන්ට අනුව, එහි අපනයන ආදායම පවා ඇමරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා ඉහල නැංවීමට හැකියාව තිබෙනවා.

If we want to develop our agriculture industry, we need to do more research, and use modern technology. We need to bring in technological solutions such as drip irrigation, vertical agriculture, and organic food production, all of which can generate higher incomes. Instead of using high levels of fertilizer and pesticides, we have to encourage and train our farmers to engage in organic farming for better revenue. It is time for the government and the private sector to work hand in hand to transform our agriculture industry. The first step should be to reach self sufficiency in product categories where we can minimize or avoid imports of food products. The next step is to turn our farmers into agricultural entrepreneurs, and encourage them to enter global markets and find niche markets where they can thrive. ASEAN exports of meat, fruit, tea and other agricultural goods to the Gulf States has doubled in less than a decade, contributing to their 130 billion dollars in annual trade. This is an opportunity for us to explore. Not only in agriculture but in all economic spheres, we need to focus on value addition.

Always, instead of exporting raw materials, we need to promote branded products and goods. We already have success stories like Dilmah Tea in this regard. As the Government, we will need to support by giving this direction, incentivizing appropriately, and providing support for marketing.

අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම අපේ මූලික වගකීමක්. අපි උදාකර ගත යුත්තේ  අනාගත පරපුරටද ප්‍රතිපල බුක්ති විදිය හැකි තිරසාර සංවර්ධනයකුයි. ඒ නිසා අප අද කරනා සෑම ආයෝජනයක්ම අනාගත පරපුරට බල පානා ආකාරය ගැන අප සංවේදි විය යුතුයි. විශේෂයෙන්ම බල ශක්තී ක්ෂේත්‍රය තුල හා ප්‍රවාහණ ක්ෂේත්‍රය තුල හැකි තාක් දුරට පුනර්ජීව බල ශක්තී ප්‍රබවයන් භාවිත කල හැකි ආකාරය අප තවදුරටත් අධ්‍යයනය කල යුතු යැයි මා විශ්වාස කරනවා. ලෝකයේ වැඩියෙන්ම තෙල් සහ ගෑස් නිශ්පාදනය කරනා රටවල්  පවා මේ පාරිසරික වගකීම තේරුම ගෙන තිබෙනවා

Saudi Arabia has planned to initiate seven renewable energy projects in 2019, to attract total investment of 1.5 billion US Dollars. Saudi Arabia’s ambitious renewable energy plans  seek to achieve over 25 gigawatts of wind and solar power generation in the next five years, and close to 60 gigawatts over the next decade. Kazakhstan, another country that produces Oil and Gas is investing about 1.2 billion US Dollars over the next 5 years to generate renewable energy using solar, hydro, wind and biomass.

වන සංරක්ෂණය, වෙරළ සංරක්ෂණය , කසල කලමනාකරණය,  බලශක්ති කලමණාකරනය, ශබ්ද කලමණාකරනය වැනි පාරිසරික වගකීම් ජාතික ප්‍රතිපත්ති වලට ඇතුල් කරන්නටත් පරිසර කළමණාකරනයේ වැදගත්කම ගැන ජතතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමටත් අපි කටයුතු කල යුතුයි

I am of the view that the Government should be the enabler for society to prosper and meet its aspirations. In this context, the regulatory environment should be streamlined, and government administration should be made efficient. The Government should regain its credibility by placing an internationally reputed national procurement system and procedures, a contract management system, and a transparent and accountable public expenditure management system. Undertaking such systemic reforms and institutional strengthening initiatives will enable the private sector, public sector, international lending agencies and investors to make credible and sustainable decisions on economic issues.

ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්.  ආසියානු මහාද්වීපයේ රටවල් අතුරින් ප්‍රථමයෙන්ම සර්වජන ඡන්ද බලය හිමි වූයේ ශ්‍රී ලංකාවටයි.  සර්වජන ඡන්ද බලය මගින් සිදුවන්නේ, පරමාධිපත්‍ය බලය  ජනතාව සතු වීමයි. ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂාකිරීමේදී නීතියේ ආධිපත්‍යය රටකට ඉතා වැදගත් වෙනවා. කාලීන ජාතික  අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි  ව්‍යවස්ථා සංශෝධනය, යල්පැනගිය නීති රීති  යාවත්කාලීන කිරීම, මැතිවරණ නීතිවල වෙනස්කම් වැනි වැඩකටයුතු රාශියක් අප ඉදිරියේ තිබෙනවා. එක රටක් තුල ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමනයි. නීතිය හැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි.

We need the support of domestic and foreign investors to accelerate the nation’s economic development. For this, we need to demonstrate that we have an independent judiciary and an efficient legal system. We should also have properly functioning dispute resolution mechanisms such as arbitration. The role of professionals, civil servants and technocrats in managing foreign relations, national security, law and order, state enterprises and government services will be explicitly recognized and strengthened. To achieve this goal, attracting professionals to the public sector, and rebuilding confidence and trust in public servants and institutions, must be given priority.Government officials who discharge their duties in good faith and with utmost integrity should be given necessary protection through an improved legal framework. It is paramount to ensure that such a legal framework would prevent officials from being subject to politically motivated witch hunting.

ලෝකයේ  දියුණු රටවල පවා, නීති සම්පාදකයන් ප්‍රමාණය වැඩිවෙන වේගයට දක්ෂ පරිපාලකයන් බිහි වෙන්නේ නැහැ. නීතිය ගැන වාද කරමින් සිටිනවා විනා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වෙලාවක් නැහැ. දේශපාලනඥයාගේ වගකීම විය යුත්තේ ජනතාවට අවශ්‍ය දේ වටහාගෙන එය රාජ්‍ය ප්‍රතිප්ත්තියට ඇතුල් කිරීමයි. ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කල යුත්තේ ඒ සඳහා පරිපාලන වග කීම පැවරී ඇති නිලධාරීන් විසිනුයි.

We need to marry the virtues of democratic inclusiveness with the effectiveness of technocratic management. Democratic feedback is crucial for governments to ensure that they are on the right track.

අප TECHNOCRAT කියා හඳුන්වන්නේ තමුන්ට බාරදී ඇති  විශය පිලිබඳ මනා දනුමක් ලබාගෙන ඇති පරිපාලන නිලධාරියෙකුටයි. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ක්‍රියාකිරීම සඳහා දේශපාලනඥයින්ට  TECHNOCRAT ලා ගේ සහාය අවශ්‍යය වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නිසි ආකාරයට ක්‍රියාත්මක වන රටක නිසි කලට චන්ද පැවත්විය යුතු අතර තමන් රජය ගැන ඇති තක්සේරුව ප්‍රකාශ කිරීමට ඉන් ජනතාවට අවස්ථාව ලැබෙනවා. රජය බාරගත්තාට පසු පරිපාලන කටයුතු වලදි දේශපාලනඥයා බෙහෙවින් ප්‍රවේසම් විය යුතුයි. උගත් දක්ෂ විශය දැනුමින් සම්පූර්ණ පරිපාලකයන් පිරිසකගේ සහය ලබා ගත යුතුයි. මෙය සිදු  නොවන සෑම අවස්ථාවකම අවසන් ප්‍රතිපලය අසාර්ථ්ක විය හැකියි

I am convinced that investment and development can be fast tracked if a credible and firm decision making machinery is established within a transparent governance framework. The country has already seen the benefits of such a frame work in many flagship investments in tourism, ports and transportation, urban housing development, waste management, and city beautification during the 2010 -2014 period. We can repeat that speed and effectiveness by picking the right team to deliver the promises of a new Government. I am positive that the private sector will also be determined to contribute its best to help achieving our common objectives. I love my country, I am proud of my country and I have a vision for my country. I seek your support to achieve that vision. Let us work together to create a prosperous country for our future generations

– GR midea

67,092 Viewers

17 Comments to “මෙරට ඉහලම ව්‍යාපාරිකයන්, විද්වතුන් රොද බදිද්දී වියත්මග මහ සමුළුවේ ගෝටාගේ දේශණය මෙන්න..”

  1. කාන්තිලතා says:

    ඉහත සඳහන් ඡායාරූප තුන හොඳින් නිරීක්ෂණය කෙරුවොත් පෙනෙන්නේ පැමින සිටින විද්වත් පිරිස ධාන්‍යයකට සමවැදුනාක්මෙන් සාවදානව සහ උනන්දුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශනයට සවන් දෙන බවයි.

  2. Ex UNP says:

    Can any other Candidate keep this educated crowd listening so eagerly?

    This is the type of leadership we need..

    I am for Gota , let Ranil , Sajith , Sirisena , be with their personal games.

    • country man says:

      Ex UNP, I fully agree with you. I am for GOTA too. At this moment what we want is some educated person to take SRI LANKA out of this MESS. Green,Blue or Red dose not matter.For the last 2500 years our mother land has been taken for rides many times,and always a leader ,a fighter has come forward and saved her. GOTA is the man, no bragging ,no mud slinging but hard work.
      “MAY THE TRIPLE GEM PROTECT GOTA.”

  3. a says:

    what a speech sir. You are the man. All the best.

  4. Me3 says:

    Great presentation with a great vision

  5. Dp says:

    I am not educated enough to make a comment on this.but gota has a vision .it will be an uphill task for his with corrupt politicians and party politics. All should support him .

  6. pali says:

    Nagara alankaraya kirimedi colamba higannan sambandayen methuma Gath theeranaya athi wishishtai.

  7. නෙවිල් says:

    යුඑන්පි හා ජෙවිපි දැක්ම ලිං පතුලක සිටින මැඩියන්ගෙ දැක්ම හා සමාන වන බව මෙතුමාගෙ දේශනයට සවන් දුන් ඕනෙම කෙනෙකුට තේරුම් ගත හැකි සරල සිද්ධාන්තයය.
    ..සජිත් , රනිල් , අනුර , කරු , නාගානන්ද , මෙ කිසිවෙකුට මෙතුමාගෙ දැක්ම හා දර්ශනය පිලිබඳව සම වීමට තබා ලංවීමටවත් නොහැක ..ජයවේවා මාතෘභූමියට..

  8. Prasad says:

    I was a participant in this event. I never heard such a speech. He is a genius….a comprehensive speech..have an excellent vision…we are unlucky if we do not elect such a leader….

  9. Siribo says:

    Here we see only the bouquets directed at the speech. It is too early to observe any brickbats or negative comments from intellectuals other than those participated. No where in the speech he mentions how to get rid of the endless corruption, crime, nepotism which are the core issues of today. Without clearing this mess he will never get to implement the plans in his mind. Wish him Good Luck.

  10. Gotaimbara says:

    I wonder whether Yahapalanaya idiots can understand what Gota is saying.

  11. Gama says:

    The best speech from a politician i have ever heard.. Thanks

  12. Gotaimbara says:

    A true Sri Lankan speech. For security and development of a country you need vision. Gota has both plus the commitment, dedication and discipline.

  13. Yasika says:

    මෙම දේශනයේ තිබෙන අදහස් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි.
    රටේ පවතින දේශපාලන තත්ත්වය අනුව දෙශපාලන හෙංචයියන් සතුටු කරන්න ගියොත්…… මේ කියන දේවල් කරන්න බැරිවෙයි.
    ඒ ගැන සහතිකයක් දෙන්න පුළුවන් නම් මගේ ඡන්දය ගෝඨාභය මැතිතුමාට තමයි…!

  14. ranjith mahanama says:

    Agree. But his uniform and dressing style may turn off local voters.

  15. gajaman says:

    Sure Da oya Katawa Telepromptare nathuwa kiyala ?

Main News