මෙරට උද්දමනය ඉලක්කම් දෙකක වාර්තාගත අගයක.. පාකිස්තානයට ආසන්න වේ..
December 22, 2021 at 12:02 am | lanka C news
2021 නොවැම්බර් මාසයේ දී මෙරට වාර්ෂික ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 11.1 දක්වා ඉහළගොස් ඇත.
මේ බව සදහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
—
2021 නොවැම්බර් මාසයේ දී ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය සියයට 6.2 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ෂ්යමය මතුපිට උද්ධමනය සියයට 11.1 දක්වා ඉහළ ගියේය
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 8.3හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 11.1 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.7හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගියේය.
උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 11.7හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 16.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.4හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගියේය.
2021 නොවැම්බර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 3.14ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 2.61කින් සහ සියයට 0.53කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව, 2021 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩය තුළ, එළවළු, සහල්, කිරි පිටි, ලොකු ළූණු, නැවුම් මත්ස්‍ය සහ කුකුල් මස් මිල ගණන් ඉහළ ගියේය. තවද, ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ආපනශාලා සහ හෝටල් සහ මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් 2021 නොවැම්බර් මාසයේ දී ඉහළ ගියේය.
තවද, වාර්ෂික ලක්ෂ්යමය පදනම මත මූලික උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 7.2හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 8.8 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.6හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේය.
ඉහළ ගියේය…..ඉහළ ගියේය…..ඉහළ ගියේය…..
පකිස්තානය වගේ? මරැනේ, අර සම හරක් කියන්නෙ අන්න ජනාධිපතිලා කියලා ඒ රටේ තමයි.
යහපාලන කාලකන්නි කරපුවා තමා අපි මේ විඳවන්නෙ.
නටන්න බැරි එකාට පොළොව ඇදයි කියන්නේ මේවට තමයි. සර් ට බැ කියලා කොච්චර කිව්වත් වහල්ලු එව්වා පිළිගන්නේ නෑ.😄
wiruwek kiyala wada bari pambayek genawa….dan mulu ratama uge karume gewanawa….ude hawasa hamoma hena illamu me wesa rajapaksa paula hadi gawila yanna kiyala….
Tama bayyo yahapalaneta baninawa
Moda bayyanwa hadana ba
Sir fail
The U.S. inflation rate as of November 2021 was 6.8% compared to a year earlier. That means consumer prices increased by 6.8% over a year. The inflation rate is an important economic indicator because it tells you how quickly prices are changing. It’s measured by the Consumer Price Index (CPI), reported by the Bureau of Labor Statistics (BLS) each month.1
Energy was the biggest contributor to the annual increase in inflation (33.3%)—of that, gasoline, fuel oil, and energy services experienced the largest year-over-year changes. Apparel, new and used car sales, and shelter prices also increased.
What Is the Inflation Target?
වසර 73ක අබිමානය ලැජ්ජයි. සුද්දා මේ රට දාලා යද්දී රට සතයක් නය වී තිබුනේ නැහැ බැංකුවල බිලියනක මුදල් බාරදී තිබුනා.