මෙරට එන්නත්කරණය ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රසාදයට පත්වෙලා..

September 22, 2021 at 6:20 am | lanka C news
මෙරට එන්නත්කරණය ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රසාදයට පත්වෙලා..

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික අභියෝගයන් කළමනාකරණය කර ගනිමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම මෙන්ම රටේ අත්‍යවශ්‍ය සංවර්ධන කාර්යයන් ඉදිරියට ගෙන යාමට වත්මන් රජය කටයුතු යොදා ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ බව සඳහන් කළේ ය.

කොවිඩ් 19 වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරලීමට සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා තිබෙනවා. වසංගතය පාලනය කිරීම සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව සිදු කෙරමින් පවතින අතර එම වැඩපිළිවෙල ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රසාදයට පත්වී ඇත්තේ නිසි ක්‍රමවේදයක් තුළ සිදු කිරීම නිසයි.

අද ලෝකයටම ප්‍රබල අභියෝගයක් වී ඇති කොවිඩ් වසංගතය පාලනය කිරීමට සෑම රටක්ම ප්‍රමුඛතාවය ලබාදෙනවා සේම ජන ජීවිත සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් තිබෙනවා. ඒ අනුව අපේ රට තුළද ආර්ථික, සමාජීය, සංස්කෘතිමය ඇතුළු ඒ ඒ අංශවල බිද වැටීමක් ඇති නොවන පරිදි පවත්වාගෙන යාමට කටයුතු කරමින් තිබෙනවා.

විශේෂයෙන් අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පාසල් විවෘත කිරීමේ ඇති හැකියාව සොයා බලමින් තිබෙනවා. දරුවන්ගේ හා ගුරුවරුන්ගේ අරක්ෂාව ප්‍රධාන කාර්යය සේ සලකමින් පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සෞඛ්‍ය හා අධ්‍යාපන විශේෂඥයින් විසින් අධ්‍යයනය කරමින් තිබෙනවා. මේ සියලු දෑ කළමනාකාරණය කර ගනිමින් දරුවන්ගේ අධ්‍යාපනය යළි ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

විපක්ෂය කොවිඩ් වසංගතය තම දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට උත්සහ කරමින් තිබෙනවා. ඔවුන්ගේ හැසිරීම් හා කරන කියන දෙයින් ඒ බව මනාව පැහැදිළි වනවා. වසංගතය ආරම්භයේ සිටම ඔවුනට අවශ්‍ය වූයේ කොවිඩ් වසංගතය අපේ රට තුළ පැතිර යමින් ජන ජීවිත හා රට පරිහානියට යනු දැකීමයි. එවැනි විපක්ෂයක කාර්යභාරය ජනතාව කිසිදු විටක අනුමත නොකරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– media unit

8,660 views

11 Comments to “මෙරට එන්නත්කරණය ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රසාදයට පත්වෙලා..”

  1. බටහිර රටවල්ද? says:

    ජාත්‍යන්තර කියන්නෙ බටහිරද? ජිනීවා මානව හිමිකම් චෝදනා ගේන රටවල්ද?

    • ගෞම් ඊයාරාජ් says:

      මූ දන්න ජාත්‍යන්තරයක් නෑ බං . 😂😂😂

  2. weera says:

    මුන් කතා කරන්නේ හරියට මුන්ගේ පෞද්ගලික සල්ලි වලින් අපිට එන්නත් කරා වගේ .

  3. Norata Eka says:

    දැන් ඒකද අවශ්‍යතාවය …ජාත්‍යන්තර ප්‍රසාදය…🤔🤔🤔🤔

  4. හතර හිනා says:

    ජාත්‍යන්තරය කියනකොට ලංකාව ආර්තිකව බංකොලොත්, ආහාර කිරිපිටි වලට ‌පෝලිම් හැදිලා,කන්න නෑ කියලා-මේ බහුභූතයෝ කියනවා ජාත්‍යන්තරය කියන්නේ බොරු කියලා
    ජාත්‍යන්තරය කියනකොට ලංකා‌වේ මානවහිමිකම් උල්ලංඝනය වෙනවා කියලා-බහුභූතයෝ කියනවා ජාත්‍යන්තරය කියන්නේ පට්ටපල් බොරු කියලා
    මේගොල්ලන්ම අඹරලා දෙන වාර්තා බලලා WHO හෝ UN එකේ හරි පියන් කෙනෙක් කිව්වත් ලංකාවේ කොවිඩ් පාලනය සතුටුදායකයි කියලා- මේ බහුභූතයෝ උඩ පැනලා අඞබෙර ගහලා කියනවා ජාත්‍යන්තරය කියනවා “අපි තමයි හොඳටම කලේ” කියලා.

  5. හතර හිනා says:

    ජාත්‍යන්තරය කියනකොට ලංකාව ආර්තිකව බංකොලොත්, ආහාර කිරිපිටි වලට ‌පෝලිම් හැදිලා,කන්න නෑ කියලා-මේ බහුභූතයෝ කියනවා ජාත්‍යන්තරය කියන්නේ බොරු කියලා
    ජාත්‍යන්තරය කියනකොට ලංකා‌වේ මානවහිමිකම් උල්ලංඝනය වෙනවා,මිනිසුන් අතුරුදහන් වෙනවා කියලා-බහුභූතයෝ කියනවා ජාත්‍යන්තරය කියන්නේ පට්ටපල් බොරු කියලා.
    මේගොල්ලන්ම අඹරලා අතේ රෝල් කරලා දෙන වාර්තා බලලා WHO හෝ UN එකේ හරි පියන් කෙනෙක් කිව්වත් ලංකාවේ කොවිඩ් පාලනය සතුටුදායකයි කියලා- මේ බහුභූතයෝ උඩ පැනලා අඬබෙර ගහලා කියනවා ජාත්‍යන්තරය කියනවා “අපි තමයි හොඳටම කලේ” කියලා.

    • ගෞම් ඊයාරාජ් says:

      ලන්සා කියන්නේ ජාත්‍යාන්තරේ නිකුත් කරන ප්‍රෙස් රිලීස් එකක්වත් කියොගෙන , තෙරුම් ගන්න බැරි දැනුම් මට්ටම ප්‍රාමාණිකව නැති මීහරකෙක් කියලා රටේ කවුරුත් දන්නවනේ , හැබැයි මිනිහට පෙනිලා හරි කවුරු හරි කියලා තියෙනවා මෙහෙම කියපං එතකොට රටේ ඉන්න ගං කබරයො ටික අන්දන්න පුලුවන් කියලා , ඔන්න ඔකයි ඔතන ඔය කරන්නේ හැබැයි , මෙගොල්ලො ඉන්නේ කුණුහරුපයක් පලලා බෛයන්ට ආතල් දෙන බෛයි බැටැලියන් එකේ , ඒත් බෛයි ඉහලම ස්ථරයේ නායකයො ජාත්‍යාන්තරේ පැත්තකට දාලා ,අමු කොදෙව් මානසිකත්වයක් හැදුවා , ඒ හදන්නේ ලිබරල්වාදී ඇමෙරිකාවේ ඉදලා ඇවිල්ලා සහ ජාත්‍යන්තරයේ පහසුකම් , ද්‍රව්‍ය හා මතවාද වල පහස විදින ගමන් , ඇයි අපේ මෝඩයන්ට ජාත්‍යන්තර බිල්ලව පෙන්නන්නේ ? ඒ පෙන්නන්නේ , අටපාස් , මෝඩ, තකතීරූ , දැක්මක් නැති කබ්බො දේශපාලනයේ රදාපවතින්න ඔනේ හින්දා ,සැබැ දැනුමකින් සන්නද්ද කිසිම පුද්ගලයෙක් මේ රටේ හෙන පොරවල් යැයි පාරම් බාන කිසිම දෙශපාළුවෙක්‍ට චන්දය නොදී හිදීවී සහ නොඇන්දේවී. මෝඩයො රොත්තක් බිහිකරන්න කරන්න , දේශපාලකයට හොදයි.

  6. ගෞම් ඊයාරාජ් says:

    අනේද කියන්නේ ජාත්‍යන්තරේට පලු අරින ගමන් , ජාත්‍යන්තර නිර්දේශ තබේකට මායිම් නොකරන ගමන් දැන් කියනවා ඔන්න අපිට පසසලලූ , මේ වගේ නූගත් වහල්ලු ඉන්නකං මේ රට ගොඩ දාන්න බෑ , දැන් ඔක්කොම ගායවල් සනීපයි , දෙමළ ඩයස්පෝරා ගායත් අද හෙට ඉවරයි , අන්න අපේ ජනාධිපති තුමා දෙමළ ඩයාපෝරාවට සාකාච්චා කරන්න ඉත සිතින් ආරාධනා කරලා , එතකොට අර එදා ඉදලා තිබ්බ , කොටි ,එන්.ජි.ඕ ඩයස්පෝරා කුමණ්ත්‍රණ ගායත් එහෙම් පිටින්ම ඉවරයි. බෛයන්ට දැන් මාර සැපක් ඇත්තේ.. 😂😂

  7. saman says:

    තව ප්‍රසාදයට ලක් උනා නෙවෙයි. තව ටික දවසක් ඉවසලා බලමු අපි ප්‍රසාදයට ලක්වෙන හැටි

  8. අබරං ආතා says:

    මං හිතන්නෙ ජාත්‍යන්තරේ ටී. වී. එකේ දකින්න ඇති සමහර තැන්වල ගහපු ගැහිල්ල. මෙයා හිතන්නෙ , ජාත්‍යන්තරය කියන්නෙ හමිබන්තොට වෙන්ටැ.

  9. E_Gona Vikunuawa says:

    Nathuwa, metharam untesetd vaccine ekak uda panala deegena deegena yana thava ratak thiyenavaya, LAb rat human experiment karala minissungen galavila inna, Ithin Jathyantharayata hitha ganna baruwa athi mun kohomada eka karanne kiyala. Anith rataval vala minissu marunath kamak naha kiyala protesting against vaccines ne

Main News