මෙරට කුරුඳුවල පිළිකා හා කොලෙස්ටරෝල් නාශක ගුණය ලොව කිසි කුරුඳු වර්ගයක නෑ..

July 3, 2017 at 8:02 am | lanka C news
මෙරට කුරුඳුවල පිළිකා හා කොලෙස්ටරෝල් නාශක ගුණය ලොව කිසි කුරුඳු වර්ගයක නෑ..

හොඳ ප්‍රමිතියේ කුරුඳු වගා කොට එහි නිෂ්පාදනයේ අගය දාමය ඉහළ නංවා ලෝක වෙළෙඳපොලට යැවීම කළ යුතු බව ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ අවධාරණය කරයි.

වසර 2020 වන විට කුරුඳු අපනයන ආදායම ඩොලර් බිලියනය දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂිත බව ඔහු කියා සිටියේ, කුරුඳු තැලුම් ශිල්පීන් වෙනුවෙන් ගාල්ල සහ මාතර පැවති සම්මන්ත්‍රණ අමතමිනි.

ශ්‍රී ලංකා කුරුඳුවල ඇති පිළිකා නාශක හා කොලෙස්ටරෝල් අඩු කිරීමේ ඖෂධීය ගුණ ලොව අන් කිසිදු කුරුඳු වර්ගයක අඩංගුව නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.

ලෝක බැංකුවේ සහාය ඇතිව තම අමාත්‍යංශය ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘතිය යටතේ කුරුඳු වගා කිරීමට අවශ්‍ය තාක්ෂණය හා මූල්‍යාධාර ලබා දෙන බවද හෙතෙම කීය.

GSP+ සහනය නැවතත් ලබා ගැනීමට හැකි වීම හරහා රටවල් 100කින් පමණ සමන්විත වෙළෙඳපොලකට ශ්‍රී ලංකා කුරුඳු යැවිය හැකි බවද, එම නිසා හොඳ ප්‍රමිතියේ කුරුඳු නිෂ්පාදනය තවත් ඉහළ නැංවිය යුතු බවද ඇමතිවරයා පැවසීය.

සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙසින් තම ජීවිත කථාව ගෙනහැර දැක්වූ ගමගේ මහතා, තමන් ආදර්ශයට ගෙන හැකියාව සහ දක්ෂතාව ඔස්සේ ඉදිරියට යන්නැයි ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටියේ, ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දෙන බවට පොරොන්දු වෙමිනි.

මෙම සම්මන්ත්‍රණවලදී, කුරුඳු තැලුම් ශිල්පීන්ට එන්වීකිව් සහතික පාඨමාලාව හැදැරීම සඳහා රු. 10,000 බැගින් වූ වව්චර් පත් බෙදා දීමක් ද සිදු විය.

– ජෝර්ජ් ද සිල්වා

73 views

One Comment to “මෙරට කුරුඳුවල පිළිකා හා කොලෙස්ටරෝල් නාශක ගුණය ලොව කිසි කුරුඳු වර්ගයක නෑ..”

  1. දයා says:

    තමුන්නාන්සේලාට කන්න තමා තියේ

Main News