මෙරට කොරෝනාවෙන් මසකට අඩුම 600ක්.. මාස කිහිපයකින් දහස් ගණනක් මියෙනු ඇතැයි පුරෝකතන කෙරේ…

May 14, 2021 at 3:00 pm | lanka C news
මෙරට කොරෝනාවෙන් මසකට අඩුම 600ක්.. මාස කිහිපයකින් දහස් ගණනක් මියෙනු ඇතැයි පුරෝකතන කෙරේ…

කොරෝනා වසංගතය මෙරට තුල පැතිරීම වෙනස්වන බවක් පෙනෙන්නට නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ විධායක කමිටු සාමාජික ප‍්‍රසාද් කොලඹගේ මහතා පවසන්නේ පවතින තත්ත්වය මත මසකට රෝගීන් හයසීයක් පමණ මරණයට පත් වීමේ ලකුණු පෙනෙන්නට ඇති බවයි.

වෛරසය පාලනය සඳහා සෞඛ්‍ය අංශ විසින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන එතරම් විශ්වාසයක් තැබිය නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

සෞඛ්‍යය ධාරිතාව යනු ඇඳන් පමණක් නොවන බවද කී ඒ මහතා මේ මොහොතේ ඇඳන් දහදාහක් පමණක් නිපදවීම එතරම් ඵලක් නොවන බවද පැවසීය.

සෞඛ්‍ය පහසුකම් යනු ඇදන් පමණක් නොවන වෛද්‍යවරුන්, හෙදියන්, වෛද්‍ය උපකරණ, දැඩි සත්කාර ඒකක ආදී එකතුවක් යයිද ඔහු කීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

53,641 views

19 Comments to “මෙරට කොරෝනාවෙන් මසකට අඩුම 600ක්.. මාස කිහිපයකින් දහස් ගණනක් මියෙනු ඇතැයි පුරෝකතන කෙරේ…”

  1. sunimal says:

    “දරුණු වෛරසය වලට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කරන රහස් හෙල ඔසු අපේ රටේ තියෙනවා.

    • Dp says:

      මූo ලොකුවට ආසාධිතයන් අරං ගියත් ප්‍රතිකාර කියලා මේලෝ දෙයක් මුන් ගාව නෑ. ඔහේ දවස් ගානක් තියන් ඉන්නවා නිකන් හොඳ වෙන අය ගෙදර යනවා , අනිත් උන් මැරෙනවා. ප්‍රතිශක්තිය වැඩි කරන්න පුළුවන් ආයුර්වේද යට මුං ඉඩක් දෙන්නේ නෑ.කුහක හැත්ත

  2. මෝඩ බයියා says:

    ඔහේල ඔක්කොම ජාත්‍යාන්තර කුමන්ත්‍රණ කාරයො අපි හෙළයො ගෙළයන්ට කොරෝනාව බයයි.අපේ සර්ලා හෙළ රජවරු එයාලට කොරෝනාව හොදටම බයයි.එයාල තමා ලොකෙන් හොදටම කලේ.කොච්චර හොදට කලාද කියනව නම් කොරෝනාව විකුණල අපිව උගස් තියල ලෝක බැන්කුවෙන් ණයත් ගන්නව චීන හාම්පුතාට පොළී ගෙවා ගන්න බැරුව ඉද්දි

  3. අපි මලොත් GMOA එකේ උන්ට හොල්මං කරමු. පාවාදෙනිය ඇතුලු රොත්ත තමයි මේකට වග කිව යුතු. අපේ ඉස්පිරිතාල වල ඉන්න ඩොකාලා නර්ස් නෝනල දෙවිවරු.

  4. Nammbee says:

    සෞඛ්‍ය අංශය ඉතා බරපතල ලෙස දේශපාලනීකරණය වී ඇත

  5. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    GMOA ගොන්නු කියන දේවල් කිසි දෙයක් මේ වෙනකම් වුණේ නැති නිසා මේකත් නිකම් බයිලා විතරයි 😂😂😂😂

  6. A Sri Lankan says:

    Our people do not accept Science and Logic. So don’t waste your time.

  7. මදුසන්ක says:

    ගේ දොර දරු පවුල් ඇමරිකාවේ හරකබාන විතරයි ඉල්ලන්කාවෙ.ඒ නිසා ඔහොම නොවෙයි කොහොම මලත් අවුලක් නෑ.පාඩු උනොත් හරකබාන චීනගෙ ණයට හිලවුවට දීල ඇමරිකාවට යතෑකි.

  8. සමන් says:

    ! ලංකාවේ දොස්තර ල පරිපාලනය ට දුර්වලයි

  9. පාස්කු ශාපය says:

    එතකොට තමයි ඔය සංගමය ඇතුළු අනෙකුත් ජාතික යැයි කියා ගන්නා වියාපාර වලට,හාන්දුරුවන්ටත් නින්ද යන්නේ .

  10. Nishanthi jayawardana says:

    GMOA eka corona wedi wenna kalin me wage thathwayak ethi wei kiwwa.eda minissu baya karanawa gonee billek mawanawa kiyala ownta dos kiwwa.namuth eda own kee deya ada sidda wela thiyenawa

    • Dr Zee says:

      ඕක කියන්න දොස්තර සංගම් ඕනද ? මී හරක් වගේ පොදි ගැහෙනකොට, ට්‍රිප් යනකොට, පාටි දානකොට බෝවෙනව තමයි.