මෙරට කොරෝනා අනතුරුදායක තත්වයක්.. ඊයේ හා පෙරේදා හෙලිවූ ආසාදිතයන්ට රෝග ලක්‍ෂණ කිසිවක් නෑ..

April 14, 2020 at 3:00 pm | lanka C news
මෙරට කොරෝනා අනතුරුදායක තත්වයක්.. ඊයේ හා පෙරේදා හෙලිවූ ආසාදිතයන්ට රෝග ලක්‍ෂණ කිසිවක් නෑ..

කොරෝනා වෛරසය ආසාදිත වූ බවට ඊයේ සහ පෙරේදා දින දෙකේදී සොයාගත් සියලු පුද්ගලයන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ අය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි ලේකම් මහේන්ද‍්‍ර බාලසූරිය මහතා සඳහන් කරන්නේ මෙම පුද්ගලයන්ට වෛරසය වැළඳී ඇතැයි තහවුරු වූයේ ඔවුන් රඳවා සිටින නිරෝධායන මධ්‍යස්ථානවල දී කරන ලද පරීක්ෂණවලින් බවයි.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකාව තුළ හඳුනාගැනීමේ පරීක්ෂණ තවදුරටත් ඉහළ දැමිය යුතු බවද ඔහු කියා සිටියේය.

325 views

50 Comments to “මෙරට කොරෝනා අනතුරුදායක තත්වයක්.. ඊයේ හා පෙරේදා හෙලිවූ ආසාදිතයන්ට රෝග ලක්‍ෂණ කිසිවක් නෑ..”

  1. Dicky says:

    This is not a new magic.
    We already know most of the infected people do not get much difficulty.
    Testing is also a useless effort in Sri Lanka due to rare spreading among public. All of these new findings were from suspected and confined crowd.

  2. W.W.Senadhira says:

    මේ තොරතුරේ හිතන්න පැති ගොඩක් තියෙනවා. ඉන් ප්‍රදානතම එක තමා පී.සී.ආර් කියන පරීක්ෂණය පිලිබද. මේ ටෙක්නික් එක හොයාගත්තේ එක්සත් ජනපදයේ පර්යේෂණ ආයථනයක් විසින් 80 දශකයේ විතර. ඇත්තටම ඔය උපකරණය ජීන්ස් ඇම්ප්ලිෆයර් එකක්. ඒ කියන්නේ සාම්පලයක ඇති වෛරස ඉතා සුලු ප්‍රමාණයක එහි ආරක්ෂිත පටල විනාශ කරලා ඇතුලේ තියෙන ජානය (RNA) එලියට අරන් ඒකේ කොපි ගහනවා තව බර ගානක්. එහෙම කොපි විශාල ප්‍රමාණයක් ගැහුවොත් තමා රසායන ප්‍රතික්‍රියක සමග ක්‍රියාකරලා අදුනාගන්න පුලුවන් විදියේ ප්‍රතිපලයක් දෙන්නේ. වෛරසයේ ආරක්ෂිත බිත්ති විනාශ කරන්නේ සාම්පලය සෙන්ටිග්‍රේඩ් 95ට වගේ රත් කරලා. ආයෙත් සාම්පලය 55ට වගේ සිසිල් කරනවා. ඔය මැෂින් එක එහෙම ලොකුම සීන් එකක් තියෙන එකක් නෙවේ. ලංකාවේ 300 වගේ තියෙනවා. ඔය වර්ගයේ පෝර්ටබල් මැෂීන්ස් තියෙනවා ඩොලර් 700ට විතර. අපේ රටේ අගමැතිවරයෙක් ලක්ෂ 6000ක කාර් ගෙනාවා මතකනේ. එතකොට අපිට මැෂීන්ස් ගේන්න පුලුවන් ඒ වගේ වියදමකින් 6000/1.4 = 4285ක්. ලංකාවේ ග්‍රාම නිලදාරි කොට්ටාශ 13000ක් තියෙනවා. එතකොට ග්‍රාම නිලධාරි කොට්ටාශ 13000/4285 = 3කට එක මැශීන් එක ගානේ දීලා ලංකාවෙම මේ කියන වෛරසය ආසාදිත ප්‍රමාණය සති 2කින් බලා ගන්න පුලුවන්. රියජන්ට්ස් වලට එහෙම ලොකු ගානක් යන්නේ නෑ. මෙතන වරදින්න පුලුවන් තාක්ෂණික කාරණා, උඩින් කියපු පැහැදිලි කිරීමත් එක්ක මේ විදියට හිතන්න පුලුවන්. ප්‍රදානතම එක ගන්න සාම්පලයේ වෛරස එකක් හෝ නොතිබීම. මේක ෆෝල්ස් නෙගටිව් රිසාල්ට් එකක් එන විදියක්. ෆෝල්ස් පොසිටිව් රිසල්ට් එන විදියකුත් තියෙනවා. ඒ තමා වෛරසයේ ජාන (RNA) සැකැස්මට බෙහෙවින් සමාන වෙනත් කොරෝනා පව්ලේ වෛරසයක් මගින් ඇම්ප්ලිෆයි කරන කොපීස් වැරදියට SARS-COV2 ලෙස නිරීක්ෂණය වීම.අනෙක් කාරනය තමා මේ පරීක්ෂණයට ගන්න කිට් එක නමින් හදුන්වන රසායන වර්ග. චනීස් කිට් නම් හරිම බාල එව්වා. මම දැක්කා නිකන් දෙනවා අපිට. ඇත්තටම ඒ ටික විසික්කරලා දාන එක තමා හොදම දේ. ඔය කිට් 100ක් ගත්තොත් 40ක් 50ක් දෙන්නේ වැරදි රිසල්ට්. .අනික් සලකන්න ඕනා කාරණය තමා කලක් යනකොට මේ ඉන්ෆ්ලුවන්සා වෛරස වලට ප්‍රතිශක්තීකරණයක් මිනිස්සුන්ගේ ශරීර තුල වර්දනය වනවා. ප්‍රතිශක්තීකරණ පද්දතියේ ක්‍රියාකාරීත්වයට සිතත් ගොඩක් බලපානවා. ඇමරිකාව, එංගලන්තය විශ්වාසය තබලා තියෙන්නේ මේ කියන හර්ඩ් ඉමියුනිටි කියන කන්සෙප්ට් එක. ඉන්ෆ්ලුවන්සා වෛරස් වලට වැක්සීන් හදන්න හරිම අමරුයි. එහෙම මේ වෙනකම් සාර්තක වැක්සීන් හදලත් නෑ. මේකෙන් හැංගිලා බේරෙන්න හරිම අමාරුයි. නිතරම පාලනයක් කරගෙන ඉන්න වෙනවා, මේ වෛරස් එක නිරෝගී මිනිසුන් විසින් ඔව්න්ගේ ශරීර වලට අරන් විනාශ කරලා දානකම්. ඒකට අවුරුදු 3ක් 4ක් නැත්නම් ඊටත් වඩා යන්න පුලුවන්.

    • තුනෙන් දෙක ඕනමයි says:

      Good comment. This is SL everything is governed by dirty politics (except a few) so you and me can do a very little to change. At the end they decide what to buy from whom. So health officials have to struggle there on wards. Not only in medical sector most other fields too, where Chinese have intruded has this issue. They send cheap quality stuff to developing countries. Recently Europe rejected many PPE kits due to poor quality. Anyway we as a poor country can’t afford high quality stuff as well. Good that at least Donald Trump has declared a cold war.

  3. Lakcha says:

    යකෝ ලංකාව මෙච්චර අවදානම් නම් ඇමෙරිකාව, ප්‍රංශය, ඉතාලිය ගැන මුන්ට කියන්න වචන නැති වෙයි නේ. පිස්සුද බන් මුන්ට

  4. Mr.Positive says:

    mata thaerenne maeke pitupasse wena sellamak yanawaa wage

  5. ඩෙංගු සෑදී පිටස්තරයින් තබා අසදිතයවත් නොදැන සුවවී යන අවස්ථා බොහෝ ඇති බව වයිද්‍ය මතයයි.
    ඒ එම පුද්ගලයින්ගේ සක්තිමත් ප්‍රතිසක්තිකරණ බලය නිසා. මෙය වයිරස වල ලක්ෂණයක් වේ.
    එම නිසා මෙම බිහිසුණු කොවිඩ් වසන්ගතයෙදී නම් පරීක්ෂණ වැඩි කිරීම අනිවාර්යයි.

  6. bua says:

    yako den okkoma hari kiwwe.

    after 19th everything is ok and gmoa is bad.

  7. mdd says:

    a nurse should come to the place and collect test samples. then we can use those 20000 machine sent by china to test them. that is the scientific way. unfortunately our health director anil jasingha does not understand scientific ways. we must check his ol qualification

  8. SLCommunity says:

    රටේ නීතිය ඒ අයුරින්ම ඉදිරි දින කීපය තුලදී තදින්ම ක්‍රියාත්මක කල යුතුව ඇත. ඇදිරිනීතීය ක්‍රියත්මක කරන කාලය තුලදී වුවද ඇතැම් පුද්ගලයින් වගකීමෙන් තොරව ක්‍රියාකරනු දක්නට ඇත. මොවුන් රෝග වාහකයන් ලෙස ක්‍රියාකල හැකි අතර මෙතෙක් දුරට රෝගය පිලිබදව තිබුන පාලනය ගිලිහීයාමට මෙයම හේතුවක් විය හැක. අප මෙය සරලව ගතහොත් සියල්ල එක සැනින් වෙනස් විය හැක. රෝගය පාලනයට නිසි ප්‍රතිකාරයක් සොයාගන්න තුරු මෙම ක්‍රියාවලිය මෙලෙසින්ම ඉදිරියට ක්‍රියාත්මක කල යුතුය.

Main News