මෙරට කොරෝනා දෙවැනි රැල්ල පාලනයෙන් ගිලිහෙමින්.. තුන්වැනි රැල්ල අතලග..

December 25, 2020 at 12:40 pm | lanka C news
මෙරට කොරෝනා දෙවැනි රැල්ල පාලනයෙන් ගිලිහෙමින්.. තුන්වැනි රැල්ල අතලග..

ඉදිරි සතිය තුළ සෞඛ්‍ය අංශ මෙන්ම ජනතාවද වගකීම් විරහිතව කටයුතු කළහොත් කොරෝනා තුන්වෙනි රැල්ලක් පැමිණීමේ අවදානමක් නිර්මාණය වීම කිසිසේත්ම නතර කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ කොරෝනා අවදානම ජනතාවට සන්නිවේදනය කිරීම නිසි ආකාරයෙන් සිදු කළ යුතු බවයි.

චීනය විසින් කොරෝනා පාලනය කිරීමට යොදාගත් උපක්‍රම අනුගමනය කල යුතු බවත් එවැනි උපක්‍රම ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් තරම් අනුගමනය නොකරන බවත් ඔහු කියා සිටියි.

මේ වන විටත් දෙවෙනි රැල්ල පාලනයෙන් ගිලිහී යන තත්ත්වයක් නිර්මාණය වී රටේ තැනින් තැන කොරොනා පොකුණු මතුවෙමින් පවතින බවද හෙතෙම පෙන්වා දෙයි.

වෛරසය පාලනය කිරීමට අනුගමනය කළ යුතු ප්‍රධාන උපක්‍රම සියල්ල මේ වනවිට ප්‍රශස්ත මට්ටමකට නැති බවත් ඔහු පවසයි.

18,997 views

5 Comments to “මෙරට කොරෝනා දෙවැනි රැල්ල පාලනයෙන් ගිලිහෙමින්.. තුන්වැනි රැල්ල අතලග..”

  1. බූරු පුතාණෝ සජියා says:

    තුන්වැනි රැල්ලක් ඇති නොවෙන්න නම් ඔය පරණ කතා රිපීට් කරන්නෙ නැතුව වැක්සින් එක ගෙනෙන්න කියල ආණ්ඩුවට බල කරපල්ල. විශේෂයෙන් උඔලගෙ දොස්තරල ටික ආරක්ෂා කරගන්නවත් ඒක කරපල්ලා.

  2. කැප්පෙටිපොළ says:

    පැණිය කාලි මැණියො භුමදානය හා මිසදුටුව හා අවිද්‍යාව
    කාලි මැණියො බෙහෙතක් කිව හැකිද. කාලි මැණිපමණක් නෙවෙයි වෙන කෙනෙක් වුනත් බෙහෙතක් කිව හැකියි. මෙය විය හැකියි. මෙය මිසදුටුවක් හෝ අවිද්‍යාවක් නොවේ. ගොඩක් අය මිසදුටුවයි අවිද්‍යාවයි පටලවා ගෙන තියෙනවා. නමුත් භුමදානය කර දෙවියන්ගේ විනිශ්චය අවිද්‍යාවක් විතරක්නොවෙයි මිසදුටුවක්ද වෙන්නෙ කර්මය විස්වාස නොකිරිමයි. මතක වස්තු පුජා අවිදි්‍යාවක් වුනත් මිසදුටුවක් නොවෙයි. ලංකාවෙන් මිසදුටු අඩු කිරිම කරුණාව මුලික කරගෙන සිදුවන දෙයකි. එතකොට ලොකෙයෙත් මිසදුටු නැතිවේ. අවිද්‍යාව හා මිසදුටුව පිලිබද සියලු ආගම් සමග සාකච්චාවක් ලංකාවේ විය යුතුයි. අභයගිරිය නිසා අතිතයේ මෙය වෙලා තියෙනවා. අනිත් එක තමයි පළාත් සභා ජන්දය විතරක් ගේන්න එපා එයින් අවිද්‍යාව හා මිසදුටුව වැඩිවෙනවා.

  3. රිටිගල උකුසු බිත්තර කටු ගංජා තලපය says:

    බටහිරට ආවඩන්න එපා දෝස්තර මහාත්තයෝ….

  4. අසංග says:

    අනේ මේ මොකද වුනේ? කොච්චර බලාපොරොත්තු ඇතිවද අපි මේ වෙනස කලේ? අවුරුද්දයි ගියේ, නටපු නැටුමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ. මම නම් විශ්වාශය තැබුවේ මහින්ද මහත්තයා ගැන විතරයි. සැමදාමත් විශ්වාශ කලෙත් එතුමා විතරයි. ඔබ තුමා දැන් වත් මැදිහත් විය යුතුයි. නැති නම් රටම ඉවරයි. ඔබ තුමාට බුදු සරණයි.

  5. Vidora says:

    Corona will Most likely rise by 10fold in the next two weeks because of the crowd demanding the so called Covid pani, as definitely there would have been quite a few corona Infected people who went knowingly or unknowingly with and without symptoms.
    The media and government entirely to blame … for giving false unnecessary publicity and creating confusion.
    Too late too little.. when other countries are enforcing strict measures during this Christmas and holiday season we are relaxing … too much movement between District boarders and around the country and to many families gathering together,

Main News