මෙරට කොරෝනා බිහිසුණුම අවදිය ආසන්නයේ.. මාස තුනක් ඇදිරි නීතිය දාන්නැයි කියයි..

April 4, 2020 at 10:00 am | lanka C news
මෙරට කොරෝනා බිහිසුණුම අවදිය ආසන්නයේ.. මාස තුනක් ඇදිරි නීතිය දාන්නැයි කියයි..

මෙරට තුළ කොරෝනා ව්‍යාප්ත සැලකිය යුතු මට්ටමින් පාලනයට නම් අඩුම තරමින් තවත් මාස තුනක්වත් රට පුරා එක දිගට ඇදිරි නීතිය පැනවිය යුතු බව තම අදහස බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

එසේ කළ නොහැකි නම් ඇඳිරි නීතිය කඩින් කඩ ඉවත් නොකර මාසයක කාලයක් ඉතාම තදින් ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

එසේ කටයුතු නොකළහොත් තත්වය භයානක විය හැකි යැයිද වෛද්‍යවරයා අවධාරණය කරයි.

පවතින රෝගීන් වර්ධනය ගැන සලකා බැලීමේදී තවත් සති දෙකකින් පමණක් කොරෝනා ආසාදිතයන් ගණන දෙගුණයකින් ඉහළ යනු ඇති බව ද ඔහු පැවසීය.

කොරෝනා ව්‍යාප්තිය දැනට පවතින අදියරේ සිට ඊළඟ අදියරට ගියොත් ඇතිවන අවදානම සිතාගත නොහැකි බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

313 views

57 Comments to “මෙරට කොරෝනා බිහිසුණුම අවදිය ආසන්නයේ.. මාස තුනක් ඇදිරි නීතිය දාන්නැයි කියයි..”

  1. HERATH says:

    මේ ප්‍රකාශ කරන්නේ ඒ විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ දැනුමක් ඇති වෘත්තිකයින් බව මෙහි අදහස් දක්වන සියල්ලෝ දැනගත යුතුය​.සාමාන්‍ය මිනිසුන් වන අපි මේ පිළිබඳ ප්‍රාමානාත්මක විද්වතුන් නොවන්නෙමු.අප කල යුත්තේ මේ ගැටලුකාරී අවස්ථාව මග හැරෙන තුරු අදාල උපදෙස් අපහසුවෙන් හෝ පිළිපැදීමය​.ඔලුවට ආ පලියට අදහස් ලියා සිය සැබෑ ස්වරූපය ප්‍රදර්ශණය කරනු වෙනුවට කිනම් හෝ පරිත්‍යාගයක් කර රටත් ජාතියත් බේරා ගැන්මට අදාල අංශවලට හැකි අයුරින් උදව් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව වටහා ගත යුතුය​.

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    දැනට ලක් රජය අනුගමනය කරගෙන යන්නාවූ කෝවිඩ්-19 වසංගත මර්ධන මෙහෙයුම ප්‍රශංසනීය වන අතර එය ලෝක සෞඛ්ය සංවිධානයේ වසංගත රෝග මර්ධන ප්‍රතිපත්තීන් අනුගමනය කරමින් මෙරටට ගැලැපෙන ක්‍රමවේදයකින් යුක්තයි. මේ වෙද මහතා කියනා දේ සත්‍යමුත්, ප්‍රායෝගිකව කල නොහැක්කක්. කල යුත්තේ දිස්ත්‍රික් ඇඳිරි නීති පදනමින් ඉවත්ව වෙනත් ක්‍රමයකින් ජනතාවට යම් සහන සැලැසීම. ( ඇඳිරි නීතිය ඉවත්කිරීම සහ යළි පැනැවීම පොලිස් බල ප්‍රදේශ , ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ , නගර සභා බල ප්‍රදේශ වශයෙන්

  3. david milibanda says:

    The problem is the arrogance of the Muslims in Sri Lanka

  4. රැකියා විරහිත උපාධි ධාරියා says:

    මේ වෙලාවේ රාජ්‍ය සේවය ශක්තිමත් කරොත් තමයි රට ආගාධයට නොවැටී යලිත් නැගී සිටුවන්න පුලුවන් වෙන්නෙ. ඒ නිසා සියලු රැකියා විරහිත උපාධිධාරීන් රජයේ රැකියා ලබා දී රට සංවර්ධනය කරා ගෙනයාම වැදගත්.

Main News