මෙරට කොරෝනා රෝගීන්ගෙන් 80%කට රෝග ලක්ෂණ නොපෙන්වන්නේ මව්කිරි හා පාරම්පරික ආහාර රටාව නිසා..

December 19, 2020 at 3:32 am | lanka C news
මෙරට කොරෝනා රෝගීන්ගෙන් 80%කට රෝග ලක්ෂණ නොපෙන්වන්නේ මව්කිරි හා පාරම්පරික ආහාර රටාව නිසා..

ස්වදේශික ව්‍යවසායකයන් බලගන්වමින් මේඩ් ඉන් ශ්‍රී ලංකා” රැල්ලක් – සංස්කෘතියක් හා ජීවන රටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙරට සියලු සිංහල, දෙමළ , මුස්ලිම් ස්වදේශික ජනයා එකාවන්ව වෙහෙසී ඇප කැප යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි

කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් දියත් කරනු ලබන ‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ පසුගියදා ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රයේදී ජනගත කරමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“අද අපේ රටේ දේශීය කර්මාන්තකරණයේ, ව්‍යවසායකත්වයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරන දිනයක් යැයි මා විශ්‍වාස කරනවා. මේ මීට පෙර මව්බිම ලංකා පදනම වැනි සංවිධාන විවිධ මට්ටම්වලින් බලගැන්වීමට වෙහෙස වූ සංකල්පයක් වඩා බලසම්පන්න කර දේශීය නිෂ්පාදකයන්ට හා ව්‍යවසායකයන් වෙනුවෙන් වූ තණනිල්ල නිර්මාණය වන දවසයි.

අද ජනගත වූ මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙබ් අඩවිය ලබන වසර මැදභාගය වන විට අපේ රටේ දේශීය නිෂ්පාදකයන් හා ඔවුන්ගේ නිෂ්පාදන තොග වශයෙන් ගැනීමට උනන්දු වන ගැණුම්කරුවන් මුණ ගස්වන වෙළඳපොළ බවට පත්වේවි. අද අපි මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංඡනය දුන්නේ මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් 10 දෙනෙකුටයි. නමුත් ඊට වඩා බහුජාතික සමාගම් සමග තරඟකාරීව අපේ වෙළඳපොළ නිෂ්පාදන කරන ආයතන තිබෙනවා. අපි පළමු වටයේදී ඒ ආයතන එක්කර නොගන්නේ මුලින්ම පහළ මට්ටමේ අය දිරිගැන්වීම වැදගත් නිසයි. මීළඟ වටයේදී ඒ තරඟකාරී ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහාත් මේ ලාංඡනය ලබාදෙනවා.

මේ අන්තර්ජාල වෙළඳ ද්වාරය මුදල් ඉපයීමේ පරමාර්ථයකින් තොරව කරන කටයුත්තක්. ඒ නිසා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මේ සඳහා ඔවුන් සතු විහිඳුණු සාමාජික ජාලයේ ශක්තියත් මෙම වෙළඳ ද්වාරය අංග සම්පූර්ණ මට්ටමකට ගෙනඒමට යොදවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් එක තැනකට එක්වන ස්ථානයක් බවට මෙම වෙබ් අඩවිය පත්කිරීමේ අරමුණ අපට තිබෙනවා. ඒ වෙනුවෙන් අපි සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙනවා. වෙළඳපොළ ද්වාරය මෙන්ම දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ට දේශීය නිෂ්පාදන ලබා ගත හැකි මේඩ් ඉන් ශ්‍රී ලංකා අලෙවිසැල් ඇතිකර මේඩ් ඉන් ශ්‍රී ලංකා රැල්ලක්, සංස්කෘතියක්, ජීවන රටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපි එකාවන්ව වෙහෙසී ඇප කැප වෙනවා.

කොවිඩ් 19 වසංගතය පැමිණීමත් සමඟ බොහෝ දෙනෙකුගේ චින්තනය වෙනස් වෙන්න ගත්තා. අපේ ජීවන රටාව වෙනස් වුණා. කවදාවත් දේශීය බෙහෙත් වෙනුවෙන් නොතිබුණ පෝලිම් ඇතිවුණා. පෙරුම්කායම් ගැට නොගැසූ අත්වල පෙරුම්කායම් ගැටගසා තිබුණා. වාණිජමය වශයෙන් කෘෂි වගා ඇතිවුණා. අපේ කොරෝනා රෝගීන්ගෙන් සියයට 80කට රෝග ලක්ෂණ නොපෙන්වන්නේ අපේ මහපොළව මව්කිරි වැඩියෙන් බිව් මිනිසුන්ගෙන් සමන්විත නිසා හා අපේ පාරම්පරික ආහාර රටා නිසා යැයි මා සිතනවා. සොබාදහම විපතක ස්වරූපයෙන් ලබා දී ඇති මෙම අවස්ථාව අපි ප්‍රයෝජනයට ගත යුතුයි.

ලෝකයට නවීන දේ ලබාදුන් අය බොහොමයක් ආචාර්‍ය උපාධි ඇති අය නෙවෙයි. අපේ පුස්කොල පොත්වල තිබුණේ නොවැදගත් දේ නම්, නොවැදගත් ඖෂධ වට්ටෝරු නම් පුස්කොල පොත් ලක්ෂ ගණනක් බ්‍රිතාන්‍යයට රැගෙන ගියේ ඇයි? අපේ රටේ විශ්මිත නිර්මාණ කළ ඉංජිනේරු පරම්පරාව, වෙද, අංගම්පොර පරම්පරාවන් මැරුවා. යෝධ ඇල හැදූ වාරි ඉංජිනේරු පරම්පරා මරා ඒ දැනුම අනාගතයට උරුමවීම වැලැක්වූවා. සුද්දන් අපේ රටට ඉන්දියාවෙන් ගෙනාවේ අපේ රටේ වහල්ලු නොසිටි නිසයි.

අපේ රටේ ඉන්න කලු සුද්දන්ට දේශීය නිෂ්පාදන ගැන හීනමානයක් තිබෙනවා. ඒ හීනමානයට එරෙහි ස්වදේශිකත්වය බලගැන්වීමේ සටනක් අපි ආරම්භ කරනවා. මෙය මීට කලකට පෙර ඇරඹිය යුතුව තිබූ දෙයක්. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ සමයේත් මෙයට උත්සාහ ගත්තත් එය අවසන් කරන්න බැරි වුණා.

වත්මන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා ස්වදේශිකත්වය බලගැන්වීමේ අරමුණින් කටයුතු කරනවා. පෙරදිග දැනුම් සම්ප්‍රදායට ගරහන්නේ නැති මිනිස්සුන්ට, දේශීය නිෂ්පාදකයන්ට අප හා එක්වන ලෙස ආරාධනා කරනවා. ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ ස්වදේශික අපි කාගේත් සන්නාමය බවට පත්කරගැනීමට හීනමානයෙන් ගැලවී ඉදිරියට යමු.”

මෙහිදී Made in Sri Lanka සන්නාමය, වෙබ් අඩවිය හා තේමා ගීතය ද එළි දැක්විණි. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

20,686 views

9 Comments to “මෙරට කොරෝනා රෝගීන්ගෙන් 80%කට රෝග ලක්ෂණ නොපෙන්වන්නේ මව්කිරි හා පාරම්පරික ආහාර රටාව නිසා..”

  1. වරකයා says:

    පුදුම ආකාරයට මිථ්‍යාව සමාජ ගත කිරීමක් සිද්ධ වෙන්නේ.. රට ජීවත් වීමට නොහැකි තැනකට පත් වෙයි වගේ..

  2. මේඩ් ඉන් පිටරට says:

    ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ වලට වැඩියෙන් විරුද්ධ ‘මේඩ් ඉන් පිටරට’ බඩු ගෙන්වන ව්‍යාපාරික ප්‍රජාව හෙයින් රටේ නිෂ්පාදන දියුණු කරන අයට වෙන්නේ සිරිමාවෝට මෙන් ප්‍රජා අයිතිය අහිමි කර ගැනීමටය.

  3. saman says:

    නියමයි. අගය කල යුතු වැඩක්

  4. කාන්තාර පළඟැටියා says:

    මිනිහා මේඩ් ඉන් ශ්‍රී ලංකා ‍‍‍‍‍‍‍‍රැලි ගොතනව. හැබැයි නෝන ශොපිං යන්නෙ ඇමෙරිකාවේ 🤣🤣🤣

  5. kim says:

    kiren baala una tawath ekek tama atdakeema kiya pati

  6. Nimal says:

    Dan designer shirt, shoes ehema andinne nadda? Boru baila.

  7. ක්‍රිමිනල් says:

    රීවස් පෙත්ත පාර්ට් ටූ ! 😂😂😂

    • sam says:

      Better to Remain Silent and Be Thought a Fool, than to Speak and Remove All Doubt

    • Rohan says:

      KAANTHAARA PALANGATIYA – KIM – KRIMINAL – MUN EKEKWATH MINIS MAWAKAGE KIRI BEELA
      HADUNA EWUN NOWANA BAWA OWUNMA OPPU KARALA.THIYENNE .
      LAPAYA . SAJIYA .WENUWEN MUN WAGE HARAK PENEE INNA EKA GANA PUDUMA WENTA HETHUWAK NAHA.

Main News