මෙරට කොරෝනා වේගයෙන් සුවවන්නේ, මරණ අඩු වෙන්නේ දේශීය ඖෂධ නිසා..

February 25, 2021 at 3:50 pm | lanka C news
මෙරට කොරෝනා වේගයෙන් සුවවන්නේ, මරණ අඩු වෙන්නේ දේශීය ඖෂධ නිසා..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් සුවය ලැබීම වේගවත් වී ඇත්තේ දේශීය ඖෂධ භාවිතය නිසා බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වීමදටද දේශීය ඖෂධ භාවිතය හේතු වී ඇතැයි ද ඔහු පවසයි.

වසංගත අවස්ථාවේ දේශීය කැද වර්ග සහ විවිධ පාන වර්ග භාවිතා කිරීම හේතුවෙන් සුවපත් වන රෝගීන් සංඛ්‍යාව වැඩි වී ඇති බව ද මරණ ප්‍රතිශතය අඩු ඇති බවද ඒ මහතා කියා සිටියේය.

13,128 views

10 Comments to “මෙරට කොරෝනා වේගයෙන් සුවවන්නේ, මරණ අඩු වෙන්නේ දේශීය ඖෂධ නිසා..”

    • හතර හිනා says:

      තණකොල කන හරක්වත් ගොනාට අන්දපු තක්කඩි..ගව ඝාතනය තහනම් කරනවා කියලා.
      බත් කන හරක්ව කොහොම අන්දයිද ?
      පව්,තණ කන හරක් බලාග‌ෙන ඉන්නවා ගව ඝාතනය තහනම් කරනකම්.
      බත් කන හරක් බලාග‌ෙන ඉන්නවා පාස්කු ප්‍රහාරකයන් අල්ලනකම්,මහබැංකු හොරැ අල්ලනකම්.

  1. Aurora says:

    සිසිර ජයකොඩි ඇමති තුමාගේ ප්‍රකාශය සත්‍යයි. ජනතාව දේශීය වෙදකම් ගැන විශ්වාසයෙන් එම ප්‍රතිකාර, කැඳ වර්ග, කසාය වර්ග පාවිච්චි කරනවා. මම නිතරම සමාජය සමඟ ගැටෙමින් මගේ වෘතිය කරගෙන යන අතර අමිල සංජිව වෛද්‍ය තුමාගේ කසාය සකස්කර පානය කළා. රජය lock-down එකකට නොයා සිටීම දේශීය වෙදකමට ඉතාමත් විශාල අනුග්‍රහයක්. රෝග ලක්‍ෂණ පහළ වෙනවාත් සමඟම දේශීය වෙදකම් අරන් බොහෝ දෙනා සුව වෙනවා. බටහිර වෙදකම විශ්වාස කරන දේශීය වෙදකම විශ්වාස නොකරණ අය රෝහල-IDH-ආදහනාගාරය වෙත යනවා. අපි මොනවා කරන්නද? නිරෝධායන පනතෙන් කොටුනොකරනවානම් ජනතාවට ප්‍රතිකාර ලබාගන්න නිදහස දෙනවනම් ඔය මැරෙන සංඛ්‍යාව තවත් අඩු වේවි, සුවවෙන්න ගතවෙන කාලයත් ඉතාමත් අඩු වේවි.

  2. කුඹුක්කණ් says:

    අපේ ඇලොපති සේල්ස් රෙප් කාක්කො නං කියන්නෙ , අර දකුණු අප්රිකාවෙන් විසික් කරපු 60% කවත් ඵලදායීත්වය නැති
    පට්ට විද්‍යාත්මක එන්නත නිසා කියලා

  3. kamal says:

    ගුරුදෙව් වෙදකමෙන් මිනිසුන්ට පිහිටවෙන්න කිරිබත්ගොඩ හිමියනේ
    පුතේ හෙල වෙදකම තමයි කොරෝනා වලට තියෙන නියමබෙහෙත. නමුත් එහි සාර්ථකත්වය එන්නතට වඩා වැඩියි. ඒ වුනාට කපටි මිනිසුන් හිතන්නෙ එන්නත තමයි එකම විසදුම කියලා. නමුත් කපටි කම අතහැරපු කමල් සහ මම දන්නවා එන්නතට වඩා සිංහල බෙහෙත හොදයි කියා. මෙයට ඥාණ 26ක් ඔනේ නැතිනම් තෙරෙන්නෙ එන්නත ගැන කමල්ගෙ වචනයෙන් කියනවානම් විභව තණ්හාවට ඇලිම කෙලෙසක් නමුත් හාමුදුරුවො හිතන්නෙ කෙලෙස් ගැන නෙවෙයි කපටි කම ගැන.

  4. Criminal says:

    All these politicians/ministers need good programmes to update their knowledge and improve thinking pattern.
    Then they will gradually stop talking this type on nonsense.

  5. Criminal says:

    All these politicians/ministers need good programmes to update their knowledge and improve thinking pattern.
    Then they will gradually stop talking this type of nonsense.

  6. BNV says:

    Rata wegayen wala pallata yanawa!!!!! Thopi wage amathiyo nisa!!!!!

  7. වරකයා says:

    අනේ අම්මේ.. මේ රට නම් ගොඩ යනවා බොරු. ලෝකේ කොයි රටෙත් මිනිසුන්ගේ සංයුතිය එකයි. එහෙම තිබිලා සමහර රටවල් වල මිනිසුන් ණය නොවී සුව පහසුව ඉන්න කොට, අපි වලපල්ලටම යනවා..

  8. ඊබ්‍රහිම් සහෝදරයා says:

    ඔය බෙහෙත් පිටරටට විකුණලා ඒ සල්ලි වලින් කොරෝන එන්නත මිලදීගමු

Main News