මෙරට ගව ඝාතනය තහනම්.. අගමැතිගේ යෝජනාව සම්මතයි..

September 8, 2020 at 2:10 pm | lanka C news
මෙරට ගව ඝාතනය තහනම්.. අගමැතිගේ යෝජනාව සම්මතයි..

මෙරට තුල ගව ඝාතනය තහනම් කිරීමට අද දින ඉදිරිපත් කළ යෝජනාවක් ආණ්ඩුවේ මන්ත‍්‍රී කණ්ඩායම විසින් සම්මත කර ඇත.

මෙම යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇත.

අනුව අගමැතිවරයා දැනුම් දී ඇත්තේ මෙරට ගවයන් ඝාතනය නොකර අවශ්‍ය නම් ගවමස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.

123,107 views

120 Comments to “මෙරට ගව ඝාතනය තහනම්.. අගමැතිගේ යෝජනාව සම්මතයි..”

  1. jayantha says:

    මමත් බෞද්ධයෙක්, එත් ගව මස් පමණක් තහනම් කිරීම බෞද්ධ ලක්ෂණයක් නෙවියි. ප්‍රාණ ඝාතනය අකුසල කර්මයක් තමයි එහෙමනම් කුකුල්ලු, එළුවෝ, මාළු, කරවල, හාල්මැස්සෝ, බිත්තර සහ එකී නොකී සියලුම සත්ව ඝාතන නතර කල යුතුයි. එහෙම නැතුව ගවයන් පමණක් තහනම් කිරීම තරම් විහිළුවක් තවත් නැහැ. අනික ගව මස් පමණක් තහනම් කිරීමෙන් වෙන්නේ එළුවන්/කුකුලන් වැඩිපුර ඇති කිරීමට සිදුවීමයි එයින් වන්නේ එක් හරකෙකුගේ මස් ප්‍රමාණය ලබා ගැනීම සදහා එළුවන් 15-20 මැරීමට සිදු වීමයි. එවිට ප්‍රාණ ඝාත ප්‍රමාණය 20 ගුණයකින් පමණ වැඩි වීමයි. අගමැති තුමා මෙම යෝජනාව සත්භාවයෙන් ගෙනාවත් එය ප්‍රායෝගික නැත.

Main News