මෙරට ඩොලර් අච්චු ගැසීම ගැන නිමල් සිරිපාල කියයි..

October 2, 2021 at 12:02 am | lanka C news
මෙරට ඩොලර් අච්චු ගැසීම ගැන නිමල් සිරිපාල කියයි..

රුපියල් නම් අච්චු ගැසීමට හැකි වුවත් ඩොලර් නෝට්ටු අච්චු ගැසීමට මෙරටට පුළුවන් කමක් නැතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

අද මෙරටට අවශ්‍ය ඩොලර් ප‍්‍රමාණය නැතිවීම හේතුවෙන් මූල්‍ය අර්බුදයක රට හිර වී තිබෙන බව සැගවිය යුත්තක් නොවන බව ද ඒ මහතා පැවැසීය.

එම තත්ත්වය මත දැනට ඇති සුළු ඩොලර් ප්‍රමාණය කළමනාකරණය කරමින් කටයුතු කරන්නට සිදුව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

කොරෝනා වසංගත තත්වයත් සමඟ ශ්‍රී ලංකාව මේ ආකාරයේ සුවිශේෂී ආර්ථික තත්ත්වයකට මුහුණ දෙමින් තිබෙන බවත් එම යථාර්ථයට මුහුණ දිය යුතුව ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

36,964 views

2 Comments to “මෙරට ඩොලර් අච්චු ගැසීම ගැන නිමල් සිරිපාල කියයි..”

  1. Non Violence says:

    ඕනෑම අත්තනෝමතික හෝ නීතිවිරෝධී පාලනයක් දණගැස්සවීමට හෝ පලවාහැරීමට උපයෝගී කරගතහැකි සටන් ක්‍රමයක් Civil Disobedience උපක්‍රමය.ඉන්දීය නිදහස් සටනේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ව පලවා හැරීමට මහත්මා ගාන්ධි Civil Disobedience යොදාගත්තා.සිවිල් නීති පිළිනොපැදීම හා බදු ගෙවීම පැහැරහැරීම Civil Disobedience වශයෙන් යොදාගත්තා.වත්මන් තත්වයට ගලපන්නේ නම් ජල බිල්පත්,විදුලිබිල්පත්,වරිපනම්,ලීසිං,බදු නොගෙවා (Civil Disobedience) ඕනෑම අත්තනෝමතික,දුර්දාන්ත ආණ්ඩුවක් දණගස්වා පලවාහල හැක.මන්ද ජනතාව මර්දනයට යොදා ගන්නා මෙවෙලම් වල පැවැත්මත් රදා පවතින්නේ මහජනයා ගෙවන බදු මුදල් මතමය. ඇමෙරිකන් ජාතික හෙන්රි ඩේවිඩ් තොරෝ විසින් Resistance To Civil Government ලෙස 1848දී කල ලියවිල්ලක් ඔහුගේ අවෑමෙන් පසු Civil Disobedience ලෙස පලවී ඇමෙරිකාව තුල එම පාඨය ප්‍රචලිත වන්නට විය.බ්‍රිතාන්‍යයෙන් නිදහස දිනන 1919 ඊජිප්තු විප්ලවය,ඉන්දියාවෙන් බ්‍රිතාන්‍ය පලවා හරින ඉන්දීය නිදහස් අරගලය,ඇමරිකාවේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කර ජීවිතය පූජා කල මාටින් ලූතර් කිංගේ අරගල, Civil Disobedience අරගලයේදී මොනතරම් බලවත් මූලිකාංගයක්ද යන වගට සාක්ෂි දරයි.
    Thoreau declared that if the government required people to participate in injustice by obeying “unjust laws,” then people should “break the laws” even if they ended up in prison. “Under a government which imprisons any unjustly,” he asserted, “the true place for a just man is also a prison.”අයුක්තිසහගතව පුද්ගලයන්ව සිරගත කරන ආණ්ඩුවක් ඇතිවිට යුක්තිගරුක පුද්ගලයකුට හිමි නියම තැනත් සිපිරිගෙයයි.

  2. Kalu Albot says:

    Ohelaa karana magodi wedawala hatiyata Dolar achchu gahilla simple wedakne! Sauththu Amaathyanse Lokkaa welaa hitapu kaale ara thadi baduwa ekka paradaara sewane yedilaa wifege athatama ahuwelaa wechcha kachal eka dan hari athine.

Main News