මෙරට තරුණයින්ට ජපානයේ රැකියා…

September 16, 2021 at 2:04 am | lanka C news
මෙරට තරුණයින්ට ජපානයේ රැකියා…

මෙරට තරුණතරුණයින් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපලවල රැකියා අවස්ථා ලබා දීමට ජපාන රජය එකඟ වී තිබේ.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිත් ගුණසේකර මහතාගේ මෙහෙයවීම මත මීට අදාළ අවබෝධතා ගිවිසුම ඉදිරි දෙසතිය තුළ අත්සන් කිරීමට සූදානම් කරන බව 15 සාකච්ඡාවකට සම්බන්ධ වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ගුණසේකර මහතා කිවේය.

මෙම අතත්‍ය සාකච්ඡාවට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රී ලංකාවේ තරුණ පිරිසකට ජපානයේ රැකියා අවස්ථා දහසක් ලබා දීමට මැදිහත් වීම සම්බන්ධයෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට කෘතඥතාව පල කළේය.

මෙම රැකියා අවස්ථා සඳහා තෝරා ගනු ලබන තරුණ පිරිසට විදේශ සේවා නියූක්ති කාර්යාංශය සමඟ එක්ව අවශ්‍ය භාෂා පුහුණුව හා අදාළ වෙනත් පුහුණු අවශ්‍යතා සපුරා දිය හැකි බව ද අමාත්‍යවරයා කිවේය.

මෙම අතත්‍ය සාකච්ඡාවට ජපානයේ ගොවිපල හිමිකරුවන් සමඟ හ්‍රී ලංකා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ද සහභාගි වූහ.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

34,225 views

7 Comments to “මෙරට තරුණයින්ට ජපානයේ රැකියා…”

  1. අපතයා says:

    ඕක විකුන ගන්න , රටක් හොයා ගන්න බැරිවෙන එකක් නැ .

  2. Lasantha de Silva says:

    AAschryayen panala yanna Job polime Japannu camera ellagena phot gahanna bus eke inne 5 star hotel eke’.

  3. 3% ට බය බයියා. says:

    ඔන්න ඉස්සෙල්ලාම හම්බන්තොට තරුණ තරුණියන්ට දෙන්න ඕනේ .

    • MD says:

      මම හිතන විදියට නම් ඇත්තටම ඵ් දරුවන්ට දුන්නට කමක් නැහැනේ.ලංකාවේ ඉතාමත් දුෂ්කර පලාතක්නේ.අනික දැතේ දෙපයින් වැඩ කරන්න පුලුවන් තරුණයෝ.ඵහෙම නැතුව බස්නාහිර ගම්පහ කොළඹ කලුතර ඉන්න කුඩු සෙට් ඵකට දෙන්න ද කියන්නේ?

  4. K.Handunge says:

    පට්ට බොරු, පළාත් සභා චන්දෙට පෝස්ටර් ගහන්න බත් බැලයො හොයාගන්න,

    • බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

      අනේ සර් අපි ගැන කරුණාවෙන් සලකන්න …

  5. Don says:

    Salli tikak hoyaganna thawath ratakata gihin saththunge malapaha askaranna epa