මෙරට දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුව කෙන්යාවෙන්…

October 19, 2021 at 2:17 am | lanka C news
මෙරට දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුව කෙන්යාවෙන්…

පසුගියදා  කෙන්යානු ක්‍රීඩා අමාත්‍යවරිය සමග  තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙරට මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම අවස්ථාව ලබාගත් බව අමාත්‍යවරයා පැවසීය.

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාව හා කෙන්යානු රාජ්‍යය අතර ද්විපාර්ශ්වික හා ජන සමාජ අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගී වූ අමාත්‍යවරයා, විශේෂයෙන්ම එහිදී  කෙන්යානු ක්‍රීඩා අමාත්‍යවරිය වන ආචාර්ය අමීනා මොහොමඩ් මහත්මිය සමග මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා මට්ටම තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා කළේය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව හා කෙන්යාව අතර ක්‍රීඩා ක්ෂේත්‍රයේ  සම්පත් මෙන්ම ප්‍රවීනයන්ගේ අත්දැකීම් ද හුවමාරු කරගනිමින් සහයෝගයෙන් ක්‍රියා කිරීමට එකගත්වය පළවිය.

ඒ අනුව‍, මෙම වසර අවසානයේ හෝ ලබන වසරේ මුල් කාර්තුව තුළ මධ්‍ය සහ දිගුකාලීන පුහුණුවීම් සඳහා ශ්‍රී ලාංකික මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු කෙන්යාව බලා පිටත් කරයැවීමට නියමිතයි.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ දස්කම් දක්වන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පුහුණුව හා නිරන්තර දිරිගැන්වීම් ලබාදෙමින් ඔවුන්ගේ දක්ෂතා ඔප මට්ටම් කරගැනීමට ඉඩ ප්‍රස්තාව සලසාදීමේ අරමුණින් මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම අවස්ථාව ලබාගැනීමට අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන Eliud Kipchoge (5000m – Men), Abel Kirui ( marathon – Men), Ezekiel Kemboi (3000m – Men), Hellen Obiri (5000m – Women), Beatrice Chepkoech (3000m – Women  – steeplechase) වැන්නන්  බිහි කළ කෙන්යාව වැනි රටක පුහුණුව ලැබීම ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන මහඟු අවස්ථාවකි.

ලැබෙන මෙවැනි අවස්ථාවන් නිසි අයුරින් ප්‍රයෝජනයට ගෙන පුහුණුවීම් කටයුතු සිදුකර තම දක්ෂතා ඔප මට්ටම් කරගනිමින් ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ කරා ළඟා වනු ඇතැ‘යි තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ බලාපොරොත්තුව යි.

– මාධ්‍ය ඒකකය

6,345 views

11 Comments to “මෙරට දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුව කෙන්යාවෙන්…”

  1. desta says:

    Achaea mahajana mudalak bast hi karala Sri lankan flight ✈️ charter karagenna giye oka kiyannda nasthkara kalakanni yakku ban ubala

  2. Saleem says:

    ඔව් ඒකනං හොද වැඩක්. තොපි රට කරන විදිහට අපි ඔක්කොටම අද හෙටම දුවන්න වෙයි

  3. Amaris says:

    අනේ මෙහෙමත් මෝඩ අමන වැඩ. අද ලෝකයේ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින්නේ ඉතියෝපියාවේ සහ කෙන්යාවේ .මෙය ඔහුන්ගේ තාක්ෂනයේ ආශ්චර්යක් නොව ඔහුන්ගේ ජානමය හැකියාවක්.දිගු දුර ධාවනය තාක්ෂනයෙන් කරන්ඩ පුලුවන්නම් ඔලිම්පික් මැරතන් පන්පදක්කම් සැමවිටම ගන්නේ ඉතියෝපියාව නොව USA වගේ ලෝකයේ දියුනුම රටක්.මේවා සුපුරුදු මහජන මුදල් කාබාසිනා කිරීමට හිතා කරන වැඩ . අපි දිගු දුර ධාවනයෙන් දුර්වලම ඔලිම්පික් .වාර්තාව තබා තිබෙන රට .ලෝක කුසලනය හිමිකරගත් ලංකාවට අද එම කුසලානයට තරගවැදීම සදහා සුදුසුකම් ලැබීමට නැමීබියාව වගේ රටවල් සමග තරග වැදීමේ ඛේදජනක තත්වයට පත්වෙලා. නැවත මේ රටේ සනත්ල මාලිංගල බිහිවන්නේ නෑ. අද කන්ඩායමට ක්‍රීඩකයින් තෝරාගන්නේ හිතවත්කම් මත සහ එම ක්‍රීඩකයාගේ ආගමික පසුබිම මත .ඉස්සර ජාතික කන්ඩායමට ක්‍රීඩකයින් පැමිනියේ පාසැලෙන්. අද පාසැලේ දක්ශයින්ට ක්‍රීඩා කිරීමට හැකියාවක් නෑ .. පාසැලේ ක්‍රීඩා පුහුනුකරු ක්‍රීඩකයින් තෝරාගන්නේ තමනට ලැබෙන වරදාන අනුව .අද අප සිටින්නේ ඇෆ්ගනිස්තානයටත් පිටු පසින් .ක්‍රීඩා ඇමති කලයුත්තේ අනවස්‍ය දේවලට මුදල් කාබසිනා කිරීම නොව ක්‍රිකට් දේශපාලනයෙන් මුදා හැර එහි අරක් ගෙන සිටින හොර තක්කඩි පන්නා ක්‍රිකට් ස්වාධීන ආයතනයක් කිරීම .

    • Sam says:

      ක්‍රීඩාව වලපල්ලට යවන්නේ නාමල්. පසුගිය ලෝක කුසලානයට ක්‍රීඩකයින් තේරුවේ නාමල් අසන්ත සහ ඔහුන්ගේ පවුලේම ක්‍රිකට් කන පාස්ටර්. දක්ශයෝ හලල පුස්සො ටික අරන් ගියා ක්‍රීඩාවෙන් සමුගෙන සිටි ජීවන් මෙන්ඩිස්වත් ගෙන ගියා. ඔහු නාමල්ගේ ක්ලාස් මේට් .අන්තිමට මූලික වටයෙන්ම හැලිල ගෙදර ආව.

      • JUDE says:

        මේවගේ මෝඩයෙක් ක්‍රීඩා ඇමතිකලාම ඔය වගේ ගොන් කතා අපිට අහන්න සිදුවීම පුදුමයක් නොවේ ..ආණ්ඩුවේ ඉතුරු වසර 3 අවසානයේ රටේ කිසිම ක්‍රීඩාවක් ඉතුරු වේවිද ? පෑඩ් සජිත්ගේ වැඩ වලට දෙවැනි නැහැ මොහුගේ ගොන් වැඩ

  4. ජිමි බේබි says:

    ජිමි කානා මල්ලි…

  5. LalithM says:

    ඇයි ලෙසෝතෝව හොඳ නැතිද. වැඩිම ආධාර ඒ කියන්නේ AIDS තියෙන්නේ එහෙනේ. ඇයි පියානෝ ගේ යාලුවෙක්නේ ජනපති.

  6. neil says:

    They are running cis of geans they have not due to some training tactics!

    This chap Namap does not know and wanted to cover his trip with some gimmicks as politicians did for 70 years

  7. rata rakimu says:

    not a thoughtful decision. Kenya or ehtiyophia runners are genetically strong. I don’t think any technical or tactical advantage may not get by our athletes. as a minster you need to plan and train suitable athletes .looks like a waste of money. just a foreign tour for some people no gain.

  8. Kalu Albot says:

    Kohen hari Gathamat ekak gahanna puluwan nam Ulaaganama Kaapan!!

  9. 69 MIN BAIYOO says: