මෙරට ධන කුවේරයන්ගේ නම් හෙළිවෙයි.. මධුෂ්ගේ රහස් පොලීසියේදී සියල්ල වමාරයි..

May 11, 2019 at 3:00 pm | lanka C news
මෙරට ධන කුවේරයන්ගේ නම් හෙළිවෙයි.. මධුෂ්ගේ රහස් පොලීසියේදී සියල්ල වමාරයි..

මහා පරිමාණයෙන් කුඩු බිස්‌නස්‌ කරන තවත් ජාවාරම්කාරයො පිරිසක්‌ ශ්‍රී ලංකාවේ ඉන්නවා. බන්ධනාගාරයේ ඉන්න වෙලේ සුදා ඇතුළු පිරිසක්‌ කුඩු බිස්‌නස්‌ එක ජයටම කරගෙන යනවා යෑයි අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිකර ඇත.

මම ශ්‍රී ලංකාවේ ප්‍රධානම හෙරොයින් ජාවාරම්කාරයා නම් මේ වෙනකොට වෙළෙඳපොළේ හෙරොයින් හිඟයක්‌ ඇතිවෙන්න ඕනේ. ඒත් වෙළෙඳපොළේ ඕන තරම් හෙරොයින් තිබෙනවා යෑයි ද මාකඳුරේ මධුෂ් ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ධන කුවේරයන් ලෙස පෙනී සිටින විදේශිකයන් කිහිප දෙනකුම මෙම හෙරොයින් ජාවාරමේ මහා පරිමාණයෙන් නිරතවන බව ද මධුෂ් හෙළිදරව් කර ඇත.

අත්අඩංගුවේ පසුවන පාතාල නායකයකු මෙන්ම ශ්‍රී ලංකාවේ අංක එකේ හෙරොයින් ජාවාරම්කරු බව කියන මාකඳුරේ මධුෂ්ගෙන් මෙම හෙරොයින් ජාවාරම් පිළිබඳ කළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ බව අනාවරණය කර තිබේ.

පසුගිය කාලයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී මෙන්ම මහ මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින්වලින් වැඩි ප්‍රමාණයක්‌ තමා විසින් එවූ හෙරොයින් බව මාකඳුරේ මධුෂ් පිළිගෙන ඇති බව ද වාර්තා වෙයි.

– divaina

99,086 Viewers

7 Comments to “මෙරට ධන කුවේරයන්ගේ නම් හෙළිවෙයි.. මධුෂ්ගේ රහස් පොලීසියේදී සියල්ල වමාරයි..”

  1. මහ ජාතිය දෙකට බෙදී says:

    රෝම ලන්දේසි ක්‍රමයත් ප්‍රජාතන්ත්‍රවාදයත් බටහිර ක්‍රමයට ක්‍රියාත්මක කිරීම නිසයි මේ විනාශ ඔක්කොම. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, ප්‍රබල පාතාලය, ප්‍රබල සුළු ජාතිවාදීන්, ප්‍රබල ලිබරල් පක්ෂ, ප්‍රබල ස්ත්‍රීවාදීන් ඇතුළු මේ සියළුම සුළුතර බලවේග අති ප්‍රබල වී ඇත්තේ (කොයි රටේත්) පක්ෂ දේශපාලනය නිසා මහ ජාතිය දෙකට බෙදී දුර්වල වී ඇති නිසයි. රටට ඔබින නීතියක් සහ ව්‍යවස්ථාවක් ඉක්මනින්ම සාදාගත යුතුයි.

  2. බෞද්ධයිනි says:

    සංඝයා වහන්සේලාට කෙණෙහිලිකම් කරන කිසිම රටකට හරියයි ද? 1505 සිට තිබූ සියළුම ආණ්ඩු කළේ ඒකයි. මේ වෙලාවේදී යුග පරිවර්තනයක් නොකළොත් ආයෙ ශතවර්ෂයකටවත් වෙලාවක් එයිද?

    • දේවක says:

      කවුද බන් කෙනෙහිලිකම් කරන්නෙ පන්සල් දිව්‍යලෝක වගේ හදාගෙන ඔය සිටුවරු වගේ ඉන්නෙ. දුප්පත් මිනිහට තමා හැම තැනින්ම කෙනෙහිලිකම්.

  3. Sun says:

    Dear friends I would like to know any government ministers involved in this illegal business. I can see some hidden connections to some strong people as the way he was handling with top intelligence network. Still they are surviving without knowledge if not through other possible ways , I think.

  4. හිටන්ගෙදර අප්පුහාමි says:

    බඩු ගන්න කඩවලට යනකොට ටිකක් හොයල බලලා යන්න. ආර්ථිකය පාලනය කරන නිසා තමයි, මෙම ප්‍රහාර එල්ල කරන්නේ පාලන බලය ලබාගන්න

  5. Hiru says:

    Kawda lokka kiyala mulu lankawama dhannawa.. Hiru ge malli ne? Mama dhanne nathi nisai ahuwe.. Sudhewa saha Rangana obey awadhanaya pinisai

  6. Love nature says:

    මැතිසබෙන් බාගයකට අබසරණයි

Main News