මෙරට ධීවර යාත්‍රාවක් කැඩී ඉන්දියාවට ගසාගෙන යයි…

April 20, 2022 at 2:10 am | lanka C news

මුලතිව් මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීම සඳහා 17 දින මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු සමග යාත්‍රාවක් ඉන්දියාවේ තූත්තුකුඩි වෙරලට ගසාගෙන ගොස් තිබියදී තූත්තුකුඩි පොලීස් භාරයට ගෙන ඇතැයි වාර්ථා වෙයි.

යාත්‍රාවේ තමන් මුහුදේ මසුන් අල්ලමින් සිටයදී යාත්‍රාවේ ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් එන්ජිම පණගැන්වීමට නොහැකි වී ඇති අතර පසුව තමන් ඉන්දියාව දෙසට ගසාගෙන ගිය බවට පොලිස් භාරයට පත් මුලතිව් ධීවරයින් විසින් පවසා ඇත.

එලෙස ඉන්දීය පොලිස් භාරයට පත්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයේ පදිංචි 29 හැවිරිදි රොසාන්ත් සහ මන්නාරම් දිස්ත්‍රීක්කයේ පදිංචි 26 හැවිරිදි සුදාකර් නැමති ධීවරයින් බවට හඳුනාගෙන ඇති අතර අදාල ධීවරයින් පිළිබඳව මෙරට වෙරලාරක්ෂක නිලධාරීන් වෙතට දැනුම් දීමට තූත්තුකුඩි පොලීසිය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,481 views
Main News