මෙරට නිශ්පාදිත තුවක්කුවක් සමග සැකකරුවෙකු මාන්කුලමේදී අත්අඩංගුවට..

November 22, 2019 at 2:19 am | lanka C news
මෙරට නිශ්පාදිත තුවක්කුවක් සමග සැකකරුවෙකු මාන්කුලමේදී අත්අඩංගුවට..

මෙරට නිශ්පාදිත තුවක්කුවක් සමග සැකකරුවෙකු මුලතිව් මාන්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට මාන්කුලම් පොලීසිය පවසයි.

අදාල තුවක්කුව සම්බන්ධයෙන් මාන්කුලම් පොලීසිය ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසියකදී මෙම තුවක්කුව අත්අඩංගුවට ගෙන ඇති අතර එම තුවක්කුව මෙරට නිශ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් බවට හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි මාන්කුලම් කරපට්ටිමුරිප්පු ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන මාන්කුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,574 Viewers
Main News