මෙරට පලමු ‘ඩෙල්ටා පොකුර’ ගුරුවරුන්ගෙන්..

July 26, 2021 at 3:50 pm | lanka C news
මෙරට පලමු ‘ඩෙල්ටා පොකුර’ ගුරුවරුන්ගෙන්..

ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආරක්ෂිතව කටයුතු නොකළහොත් ඉදිරියේදී කොරෝනා ව්‍යාප්තිය දැඩිලෙස වර්ධනය විය හැකි බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා අනතුරු අඟවයි.

පාරට බැස විරෝධතාවන් සිදු කරන ගුරුවරුන් වැඩි දෙනකු ගේ සිරුරේ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රමාණවත් තරම් ප්‍රතිශක්තියක් ගොඩනැගී නැති බවත් ඔවුන් ඉන්නේ දැඩි අවදානමක බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඩෙල්ටා ප්‍රභේදය රටතුළ පැතිර යන මේ අවස්ථාවේ සති තුන හතරක් තුළ ගුරු පොකුරක් ඇති වීමේ ඉහළ අවදානමක් ඇතැයිද අමාත්‍යවරයා අනතුරු අඟවා සිටියේ ය.

49,753 views

13 Comments to “මෙරට පලමු ‘ඩෙල්ටා පොකුර’ ගුරුවරුන්ගෙන්..”

  1. උපාසක says:

    පොහොර හිගය සම්බන්ධ උද්ඝෝෂණ, ස.ජ.බ. මගින් කරන උද්ඝෝෂණ, ගුරු උද්ඝෝෂණ ආදී වශයෙන් අද රට පුරා නොයෙකුත් උද්ඝෝෂණ පවතී. එසේම දුම්රිය හා බස් රථ වල පොල් පොදියට ජනතාව ප්‍රවාහනය කරන අයුරු දක්නට ලැබේ. කරුණු මෙසේ තිබියදී ගුරු පොකුරක් පිළිඹදව පමණක් මෙතුමා කතා කිරීම මධ්‍යස්ථ ජනතාවට ගැටලුවකි. (තමාද සම්ප්‍රදායික දේශපාලකයෙක් බව මහාචාර්ය චන්න ජයසුමන ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කර හමාරය.)

  2. හතර හිනා says:

    කෙහෙළිය ගුරුවරුන්ට කාලකන්නි කිව්වා..පස්සේ කිව්වා තමාගේ ප්‍රකාශය යම් පිරිසන් එඩිට් කරලා කියලා..අවසානයේ කිව්වා නෑ මම කාලකන්නි කියලා කියපු එක ඉල්ලා අස්කර ගන්නේ නෑ කියලා.
    දැන් නාථගේ අඳබාල අනාථ චන්නයා ගුරුවරුන්ට ඩෙල්ටා පොකුර කියනවා.
    කෙහෙළියගෙන් හා චන්නගෙන් පිට වෙන හඬ කාගෙද කියලා රටම දන්නවා.

    • උකුස්සා says:

      කැපිටල් මහරාජා ගියා.
      සිම්පල් මහරජා ඉන්නවා.කාගේ හඬද?

  3. බන්ඩා says:

    වසංගතය අස්සෙ ඉල්ලීම් බල්ලා ස්ට්‍රයික් කරන්නෙ ර⁣ට වට්ටල බලය පතන උන්

    • Jagath says:

      අමුතුවෙන් වට්ටන්න ඕනේ නෑ. දැන් ටික ටික ගිලෙනවා නැව. 😂😂😂😂😂

    • catseye says:

      thiyena deyak kaala nidaganin bando……….

    • ජෙමා says:

      බංඩෝ රට කෙහාටද වැටෙන්න තියෙන්නේ.බොට කන්න තිබුණට රටේ උන් හාමතේ.අම්මපා යකෝ බඩ පිට පොත්තට ඇලිලා වැලේ වැල් නැ තවත් කඩේ යනව වස්ත්‍රයත් නැතුව

  4. Dengu Nona says:

    Ada ekak kiyanawa. Heta thawa ekak kiyanawa. Dan aaruda wela pena kiyanawa!. Me yakaata pissu!!

  5. Lakshman says:

    මහරජතුමා sirase ලොක්ක corona වලින් මැරුණා oka ගණන් ගන්න එපා

  6. බයියා says:

    ඔය ජෙවීපි කාලකන්නි 89 ජන සංහාරයක් කරා නැවතත් කොරෝනා ව්‍යාප්තකර රටේ ජන සංහාරයක් ඇතිකර ඒ පහත් ආශාව තුලින් රාජ්‍ය බලය ලබා ගැනීමට දරණ පහත් උත්සාහයක්

    • KP says:

      රාජ්‍ය බලය ලබා ගන්න ජේවිපි එක…. හිහිහි… ජේවිපියට රාජ්‍ය බලය ලබා ගන්න කිසි වුවමනාවක් නෑ…එහෙම එකක් තිබ්බෙත් නෑ කවදාවත්..ඒකේ පහල මට්ටමේ සාමාජිකයින්ට එහෙම හීනයක් ඇති…. ඒත් හැමදාම පක්ෂෙ මූලික කාර්ය භාරය වුනේ විජාතික බලවේගවල රහස් ඔත්තු සේවාවලින් සල්ලි අරං රට අස්ථාවර කරන එක…. වැඩේ ගැස්සුන හැමවතාවෙම නායකයින්ව ටක් ගාලා රහස් ඔත්තු සේවා හරහා වෙන රටවලට පැන්නුවෙ ඒකනේ… අහන්න ඩොක්ට අතුලගෙන් වැඩි විස්තර

  7. K de Silva says:

    ගුරුවරු පාරේ පිස්සු කෙලිනවා.
    රෝහල් වල වෛද්‍ය වරු, හෙදියෝ, තාක්ෂන, සහායක සේවා පවු ගෙවනවා.

  8. KP says:

    අපේ ලමයාට නං ඉස්කෝලෙං ඕන් ලයින් නොකලැයි කියලා පාඩු වුනේ නෑ. ඉස්කෝ⁣ලෙ ටීචලැයි හවස පංතියට ඕන් ලයින් දැම්මා. ටීච උදේට විරෝධතාවෙට ගිහිං හවස අනිවාරෙන් ප්‍රයිවැට් ක්ලාසිය දානවා…. පොඩි ගානක් ගියා කොල්ලා දාගන්න ඒකට…දැං ඔය යස අගේට ඉගෙන ගන්නේ ඒකා…

Main News