මෙරට පළමු මෙගා වේදිකාව.. වර්ග අඩි 7000යි.. පරිවාර ආවරණ කුටිවල 3000කට ආසන.. ගොල්ෆේස් දැවැන්ත වේදිකාවේ පුදුම විස්තර මෙන්න..
May 1, 2017 at 11:20 am | lanka C news
ලංකාවේ මෙතෙක් ඉදිවු විශාලතම එලිමහන් වේදිකාව අද මැයි රැලිය වෙනුවෙන් කොළඹ ගෝල්ෆේස් පිටියේ ඉදි කොට ඇත.
මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ප්රමුඛවව පොදු විපක්ෂය ඇතුළු පක්ෂ ගනනාවක් එක්ව අද සවස 2ට ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි දිනය රැස්වීම පවත්වනු ලබනුයේ මේ මහා විශාල මෙගා වේදිකාවේ සිටයි.
ගෝල්ෆේස් පිට්ටනියේ ගෝල්ෆේස් හෝටලයේ ආකෘතියට ගැලපෙන ලෙස දේශිය ගෘහනිර්මාණ ශිල්පීන් විසින් නිර්මාණය කොට ඉදිකල මෙම මෙගා ස්ටේජ් එක මෙතෙක් ශ්‍රීලංකාවේ ඉදිකල විශාලතම එලිමහන් වේදිකාවයි.
එමෙන්ම ප්‍රථම වරට මෙවෙනි විශාල වෙදීකාවක් ඉදිකිරීමත් එහි තුල ආසන පහසුකම් 750 දෙනෙකුට සලසා තිබිමත් එහි විශේෂත්වය වන අතර එයට සම්බන්ධ කොට තවත් ආසන 3000 ක් සහිතව පරිවාර ආවරණ කුටි දෙකක් දෙපස ඉදි කොට ඇත.
ලක්ෂ 05 කට වඩා එම රැස්වීම එහි සිට ඉතා පහසුවෙන් නැරඹීමට අවශ්‍ය පහසුකම් සංවිධායකින් විසින් සපයා ඇති අතර ලොව සුපතල තාක්ෂණය සහිත ශබ්ද විකාශන මෙන්ම ඩ්ජිටල් පුලුල් තිර මුලු ගෝල්ෆේස් පිටිය ආවරණය වන අන්දමින් සවි කොට ඇත.
Mama hama bankuwen horakapu tikakui, waraya vikunala gatta advance ekenui thamai mekata salli dune 🙂