මෙරට පාසැල්වල උගන්වන්න ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වයි..

December 11, 2017 at 8:02 am | lanka C news
මෙරට පාසැල්වල උගන්වන්න ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වයි..

ඉන්දියාවෙන් ගුරුවරුන් ගෙන්වීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

මෙම ගුරුවරුන් ගෙන්වනු ලබන්නේ වතු කරයේ පාසල් වල ඇතිව තිබෙන දෙමල මාධ්‍යයෙන් විද්‍යා හා ගණිත ගුරු හිඟය පියවා ගැනීම සදහායි.

දෙමළ මාධ්‍ය පාසල්වල විද්‍යා හා ගණිත ගුරුවරුන්ගේ විශාල හිගයක් ඇති බවත් සුදුසුකම්ලත් ගුරුවරුන් සිටින ප‍්‍රමාණය ප්‍රමාණවත් නැතිකමත් නිසා සිසුන් අපහසුතාවකට මුහුණදී ඇතැයි
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් සදහන් කරයි.

අගමැතිවරයාට මේ තත්වය පෙන්වා දුන් පසු සුදුසුකම් ලත් ගුරුවරුන් සියයක් ඉන්දියාවෙන් ගෙන්වීමට ඔහු එකඟවූ බවත් ඇමතිවරයා වැඩි දුරටත් කීය.

146 views

10 Comments to “මෙරට පාසැල්වල උගන්වන්න ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වයි..”

  1. saman says:

    දියවන්නවේ මොන්ටිසෝරියට ඉංදියාවෙන් ශිෂ්‍ය යන් ගෙන්වීමට අකිල තීරණය කරන්නේ කවදාද.?

  2. sena says:

    ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගන්නත් ඉංදියාවෙන් චන්දදායකයින් ගෙන එයි..

  3. Mohandev says:

    Better to make English the National language & official language of SL & bring teachers from India or Timbuktu to stop both Sinhala Tamil Muslim & various religious extremists destroying Sri Lankan unity to live in peace & harmony rather than become bath eating animals created by selfish crooked politicians since independence

  4. ගමේ හුටන් මට රඹුටන් says:

    පර්ලිමෙන්තුවෙක් ගෑනු මන්ත්‍රීවරු හිගයක් නිසා පිරිමි මන්ත්‍රීවරු අයාලේ යනවාලු. හිගය පිරිමහන්න හනිකට ඉන්දියාවෙන් ගෑනු සියකට ම්න්ට්‍රිකම් දෙන්න යෝජනාවට කැබිනට්ටුව අවසර දිලාලු. මැකෝ කිවලු ලිස්ට් එක එවන්න කියලා. නිතිපති කිව්වලු 2/3 නැති උනාට කමක් නෑ. ජාතික අවස්යතාවයක් කියල…

  5. Hesh says:

    මරු. අපේ ගෑනු වහල් සේවයට පිටරට යවන ගමන් පිටරටින් ගෑනු ගෙන්නමු අපේ රටෙ වැදගත් රස්සාවල් වලට. අවජාතකයො රජ උනාම ඔහොම තමයි.

  6. Neo says:

    වරායවල් විකුනනවා විදේශ සන්චිත වැඩි කරගන්න කියලා. ඊට පස්සෙ පිටරටින් මිනිස්සු ගෙන්නලා පඩි ගෙවනවා. අන්තිමට වැඩි වෙච්ච විදේශ සන්චිත ටික ඉන්දියාවට අපිට තිබුන වරායත් නෑ. රනිලා මොලයක් නෙවෙ අලයක්.

  7. රාහුල මල්ලී says:

    ඉන්දියානු දෙමළ ගෑනු මේ රටට ගෙන්නලා උනුත් මෙහෙ බින්න බහීවි… සිංහලයලාගේ පිටට තියෙන්නේ මහ මුහුද තමයි…

  8. love nature says:

    ඉන්දියාවේ “පියන්” රැකියා 30කට හැත්තෑ පන්දහසක්‌ පොරකති

  9. Saradiel says:

    ඔබේ දරුවන්ගේ අනාගත රැකියා අවස්ථා අහිමිවීමට යන්නේ, ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබාදීමට දරණ ඔබගේ වෑයම අල්පමාත්‍රයකින් හෝ අඩුවූ නිසා නොවේ. ඒ ඔබෙත් අපෙත් අමිල සම්පත වූ දරුවන්ගේ දක්ෂතාවයෙහි කිසිදු අඩුවක් නිසාද නොවෙයි. අප විසින්ම පත් කරගත් රාජ්‍ය නායකයන් විසින් අදූරදර්ශී සහ අත්තනෝමතික ලෙස ඉන්දියාව සමග ශ්‍රී ලංකාවේ සියලු රැකියා අවස්ථා ඉන්දියානුවන්ට හිමිවන ගිවිසුමකට එළඹීමත් සමගය.

  10. lion says:

    ඉන්දියාවේ ජනගහනය මිලියන 1267 ක් වන අතර එය ශ‍්‍රී ලාංකීය ජනගහනය මෙන් 60 ගුණයකට වඩා වැඩිවේ. ඉන්දියාවේ ශ‍්‍රමබලකාය මිලියන 523 ක් වන අතර ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රමබලකාය මිලියන 8.5 ක් පමණි. ඉන්දියාවේ රැකියා විරහිත ප‍්‍රමාණය මිලියන 37 ..

Main News