මෙරට පුරුෂයින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 72යි.. ස්ත‍්‍රින්ගේ අවුරුදු 80යි..

October 16, 2016 at 2:07 am | lanka C news
මෙරට පුරුෂයින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 72යි.. ස්ත‍්‍රින්ගේ අවුරුදු 80යි..

පොදුරාජ්‍ය මණ්ඩලීය වෛද්‍ය සංගමයේ 24 වන සැසිවාරය ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩි හෝටලයේ දී පැවැත්විනි.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

‘පොදුරාජ්‍ය මණ්ඩලීය වෛද්‍ය සංගමයේ 24 වන සැසිවාරය ශ‍්‍රී ලංකාෙවි දී පැවැත්වීමට ලැබීම සතුටට කරුණක්. බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු ශ‍්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත‍්‍රය නංවාලීමට පියවර රැසක් ගෙන තිබෙනවා. වර්තමානය වන විට ජනතාවගේ ආයු අපේක්ෂාව දෙස බැලීෙමි දී පුරුෂ පක්ෂය වයස අවුරුදු 72 ක් ද, ස්ත‍්‍රී පක්ෂය වයස අවුරුදු 80 ෙවි මට්ටමක ද පවතිනවා. සජීවී දරු උපත් දහසකට මරණ 06 ක් දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබී අතර, මාතෘ මරණ අනුපාතය ද ලක්ෂයකට 35 දක්වා අවම වී තිබෙනවා. මෙම සංඛ්‍යා ලේඛණ සංවර්ධිත රටවල දත්ත හා සැසදීෙමි දී සමාන මට්ටමක පවතිනවා. ශ‍්‍රී ලංකාෙවි සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සදහා දළ ජාතික නිෂ්පාදනයෙන් වැය කරනු ලබන්නේ සියයට 04 කට වඩා අඩුවෙනි. එවැනි අවම මට්ටමක් පවතින මොහොතක සෞඛ්‍ය සේවාව ලබා ඇති සාර්ථකත්වය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් සමග හුවමාරු කර ගැනීමට අපි සුදානම්. ලෝක බැංකුෙවි පුරෝකථනවලට අනුව දකුණු ආසියානු රටවල් අතරින් ෙවිගයෙන් සංවර්ධනය වෙන රට ශ‍්‍රී ලංකාවයි.

මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තොරතුරු හා තාක්ෂණයෙන් දියුණුවට පත්ව තිබෙනවා. එහිදී විද්්‍යුත් සෞඛ්‍ය සේවාව ඉතාම වැදගත්. බෝනොවන රෝග, මානසික රෝග, දුම්කොළ සහ මධ්‍යසාර මැඩලීම, ළමා සෞඛ්‍ය සදහා විද්්‍යුත් සෞඛ්‍ය සේවාව දායක කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සදහා වූ අත්දැකීම් මෙම සමුළුෙවිදී හුවමාරු කර ගන්නවා. වසර 2030 වනවිට තිරසර සංවර්ධන ඉළක්ක ලගා කර ගැනීමට එය ඉතා වැදගත්.

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ජනතාවගේ නිරෝගීකම තහවුරු කිරිම සදහා සෞඛ්‍ය යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීෙමි දී මානව සම්පත වැඩිදියුණු කිරීම කාලීන අවශ්‍යතාවයක්. පොදුරාජ්‍ය මණ්ඩලීය වෛද්‍ය සංගමය සිය වෘත්තීය සංවර්ධනය, ගුණාත්මක සෞඛ්‍ය සේවාව, නායකත්වය පිළිබද අදහස්, මෙම සමුළුෙවිදී හුවමාරු කරගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. විද්්‍යුත් සෞඛ්‍ය සේවාව තුළින් මහජන සෞඛ්‍ය අභියෝගවලට විසදුම් සෙවිය යුතුයි. ශ‍්‍රී ලංකාව සෞඛ්‍ය තොරතුරු පවත්වාගෙන යන රටක් ලෙස මා හදුන්වනවා. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල අවශ්‍යතා මත ශ‍්‍රී ලංකාව ලබා ඇති සෞඛ්‍ය දියුණුව තුල පුහුණූවීෙමි අවස්ථා ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානමින් සිටිනවා. ජංගම තාක්ෂණය තුලින් සෞඛ්‍ය සේවාවට සිදු කළ හැකි කාර්යභාරය ඉතා වැදගත්. ශ‍්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කිරීමට සමත් වුවද තවදුරටත් එවැනි රෝග මර්දනය කිරිම සදහා ද වැඩපිළිවෙලක් දියත් කළ යුතු වෙනවා. ගෝලීය ආරක්ෂාව උදෙසා සෞඛ්‍ය යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීම, දැනුම හුවමාරුව, බෝනොවන රෝග මර්දනය ආදී ක‍්‍රියාමාර්ග රැසක් මෙම සමුළුෙවි දී ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා’

– නිපුන් ඒකනායක

78 views
Main News