මෙරට ප‍්‍රධානතම දේශපාලන ධාරාව පොහොට්ටුවයි.. එය දරුවන් පවා දන්නවා..

June 9, 2019 at 8:02 am | lanka C news
මෙරට ප‍්‍රධානතම දේශපාලන ධාරාව පොහොට්ටුවයි.. එය දරුවන් පවා දන්නවා..

රටේ ප‍්‍රධානතම දේශපාලන ධාරාව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බවබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

අපි තවම සන්ධානයක් ලෙස ගොඩනැගී නැහැ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපිට මතයක් තිබෙනවා. අපිට අපේ අපේක්‍ෂකයෙක් පිළිබඳව මතයක් තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විදිහටත් ඔවුන්ටත් මතයක් තිබෙන්න පුළුවන්. වෙනත් දේශපාලන පක්‍ෂවලටත් තව තවත්  මත ඇති. ඒ මතවලට අපි ගරු කරනවා. ඔවුන්ට දරන්න තිබෙන ඒ අයිතිය අපි පිළිගත යුතුයි.

නමුත් අවසානයේ පොදු එකඟතාවකට පැමිණිය යුතු වෙනවා. මේ මොහොතේ තිබෙන රටේ ප‍්‍රධානතම දේශපාලන ධාරාව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඉතින් දේශපාලන විද්‍යාවෙන් උසස් පෙළ හදාරන දරුවන් පවා දන්නවා මේ මොහොතේ මේ රටේ තිබෙන ප‍්‍රධාන දේශපාලන ධාරාව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා.

එනිසා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපට මතයක් තිබෙනවා. ඒ මතය අපි දරන අතරේ අපත් එක්ක සන්ධානගත නොවූ දේශපාලන පක්‍ෂයකට ඔවුන්ට ඔවුන්ගේම මතයක් තිබෙන්න  ඕන කියලා අපි පිළිගන්නවා. ඒ සරල දේශපාලන කාරණාවක්.

– චමින්ද කරුණාරත්න

12,100 Viewers

3 Comments to “මෙරට ප‍්‍රධානතම දේශපාලන ධාරාව පොහොට්ටුවයි.. එය දරුවන් පවා දන්නවා..”

  1. kawinda says:

    ekama de kiyanawane. oba mokakda kiyanna hadanne..?

  2. Gone gota says:

    Ube daruwn wnna athi..

    Ape daruwan nam dane ubala okkoma wihilu karayo kiyala…..

  3. nissanka says:

    Uba American karayek kiyala ape daruwan pawa dannanwa.

Main News