මෙරට ප‍්‍රධානතම ව්‍යාපාර වන ජෝන් කීල්ස්, හේලීස්, අබාන්ස්, සොෆ්ට්ලොජික්, සිංගර්, රිචඩ් පීරිස් බරපතල ලෙස කඩා වැටේ..

August 23, 2018 at 2:10 pm | lanka C news
මෙරට ප‍්‍රධානතම ව්‍යාපාර වන ජෝන් කීල්ස්, හේලීස්, අබාන්ස්, සොෆ්ට්ලොජික්, සිංගර්, රිචඩ් පීරිස් බරපතල ලෙස කඩා වැටේ..

මෙරට ව්‍යාපාර කටයුතු කරන ප්‍රධාන සමාගම් ගණනාවක ව්‍යාපාර කටයුතු 20%කින් පමණ කඩා වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

2018 වසරේ පලමු කාර්තුව තුළ මෙරට මූල්‍ය තත්ත්වය දැනුම්දීමට භාණ්ඩාගාරය විසින් පාර්ලිමේන්තුව ඇති වාර්තාව තුළ මේ බව සඳහන්ව ඇති බවද ඔහු කියා සිටී.

ජෝන් කීල්ස් සමාගම 68% කින්, රිචඩ් පීරිස් සමාගම 49% කින්, හේමාස් 20%කින්, අබාන්ස්, සිංගර්, සොෆ්ට්ලොජික් 30%කින් ව්‍යාපාර කඩා වැටී ඇති බව එම වාර්තාවේ දැක්වෙන බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම හේලීස් සමාගම මෙම කාලයේදී රුපියල් මිලියන 372ක අලාභයක් සිදුව ඇති බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

285 views