මෙරට ප‍්‍රධාන පෙලේ වාහන ආනයන සමාගම් කිහිපයකට පාරිභෝගික අධිකාරිය නඩු දමයි..

October 30, 2021 at 8:02 am | lanka C news
මෙරට ප‍්‍රධාන පෙලේ වාහන ආනයන සමාගම් කිහිපයකට පාරිභෝගික අධිකාරිය නඩු දමයි..

දිනෙන් දින ඉහල යන භාණ්ඩ මිල අතර වාහන අමතර කොටස් ද ඉන් ප්‍රධාන එකක් වේ. පාලනය කළ නොහැකි හේතු සාධක මත මිල ඉහළ යාම වැළැක්විය නොහැකි වුවද පවතින තත්වය හමුවේ අසාධාරණ ලාභ උපයමින් නීති විරෝධීව කටයුතු කළ මෙරට වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන ප්‍රධාන පෙළේ සමාගම් කීපයක ට එරෙහිව පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් නීත්‍යානුකූලව කටයුතු සිදු කොට ඇත.

මෙරට ප‍්‍රධාන පෙලේ වාහන ආනයන සමාගම් කිහිපයකට එරෙහිව වාහන අමතර කොටස් වල මිල සඳහන් නොකිරීම, සඳහන් මිල වෙනස් කිරීම, මිල සඳහන් නොකර පැරණි තොග ද වර්තමාන මිල ගණන් වලට අලෙවි කිරීම සම්බන්ධව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

මේ අනුව වාහන අමතර කොටස් වල මිල ලකුණු නොකිරීම සහ ඒ හරහා සිදුකරන අක්‍රමිකතා පිළිබඳව දිස්ත්‍රික්කය පුරා පිහිටි වෙළඳසැල් සහ ආයතන සම්බන්ධව පුත්තලම පාරිභෝගික අධිකාරිය මගින් තව දුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

– කැලුම් ආර්. පුත්තලම

38,963 views

3 Comments to “මෙරට ප‍්‍රධාන පෙලේ වාහන ආනයන සමාගම් කිහිපයකට පාරිභෝගික අධිකාරිය නඩු දමයි..”

  1. sam says:

    හොඳ වැඩේ.

    තව අවුරුදු දහයකින් පහළොවකින් ඔය නඩුව විභාගයට ගත්තාම, ජීවිත කාලයටම අමතක නොවෙන්න, රුපියල් හත්සිය පනහක, දාහක දඩයක් ගහයි.

  2. Soldaduwa says:

    Where is the Major General and the gazzette?

  3. Rattar says:

    අර ගඳ කබ්බ ගෙන් අහන්න ඕන
    අමතර කොටස් වල ගනං ගැන දන්නේ නැද්ද කියල.
    උගෙ කට ඇරෙන්නෙ වාහන ගෙන්වන එකට විතරයි.මොකද ඕකුන්ගෙ සැප වාහන ටික එලියට ගන්න.
    රටට හෙන ගැහුවත් කමක් නෑ.

Main News