මෙරට බදු එකතු කිරීම ඇමරිකානු මැකින්සි සමාගමට පවරයි.. කොමිස් මුදල කෝටි 185යි..

September 23, 2016 at 10:40 am | lanka C news
මෙරට බදු එකතු කිරීම ඇමරිකානු මැකින්සි සමාගමට පවරයි.. කොමිස් මුදල කෝටි 185යි..

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් ඇති බව එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති  නියෝජිතයෝ ඊයේ දිනයේ මල්වතු මහ නාහිමියන් සමග කරුණු දැක්වූහ.

දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ද කමිටුවේ කැදවුම්කරැ එච්.ඒ.එල්. උදයසිරි මහතා එහිදී කියා සිටියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු පරිපාලනය හා බදු එකතු කිරීමේ කටයුතු ඇමරිකානු මැකින්සි සමාගමට පවරා දැමීමට රජය සූදානම් වන බවයි.

අදාල සමාගම මේ කාරය සදහා රැපියල් කෝටි 185 පමණ මුදලක් කොමිස් වශයෙන් ලබා ගැනීමට නියමිත බවද ඔහු පැවසීය.

එම මුදලින් මෙරට අමාත්‍යංශ තුනක් පමණ වසරක් නඩත්තු කල හැකි යයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

3 views

4 Comments to “මෙරට බදු එකතු කිරීම ඇමරිකානු මැකින්සි සමාගමට පවරයි.. කොමිස් මුදල කෝටි 185යි..”

  1. තිස්ස says:

    මල්වත්තෙන් ලැබෙන උත්තරය මේකයි… මහත්තයෝ… ඡනාධිපතිතුමයි අගමැතිතුමයි මට පොරොන්දු වෙලා තියෙනවා එහෙම ඇමෙරිකන් සමාගමකට බදු එකතු කරන්න දෙන්නේ නෑයි කියලා… ඉතින් ඔබතුමන්ලා ඇයි මේ කලබල වෙන්නේ…? ටිකක් ඉවසලා හිටියොත් නේද හොද…?

    • ගජන් says:

      මතයක් විතරනේ කලේ නෑ නේ .ඇයි ඔබතුමාලා කරදර වෙන්නේ ?
      අනේ මේවගේ උන් එදා රජකාලේ හිටියනං අද සිංහල ජාතිය කියල එකක් නෑ .මුන්ට මඩු වලිගෙන් තලලා එලියට දාන්න ඕනා ශාසනෙන්

  2. K shantha says:

    I trust PM and PRESIDENT

    that is the most simple answer

  3. Aranayake says:

    Minissu baya koranna epa. Agamathi, janadhipathi dennama ehema wedak koranne denne netha.

Main News