මෙරට බලවතෙක් ගුවන් යානයේ කණ පැලෙන්න බීලා යකා නටයි.. මැලේසියාවෙන් බස්සා රදවා ගනී.. ගුවන් යානය යයි..

June 25, 2019 at 9:20 am | lanka C news
මෙරට බලවතෙක් ගුවන් යානයේ කණ පැලෙන්න බීලා යකා නටයි.. මැලේසියාවෙන් බස්සා රදවා ගනී.. ගුවන් යානය යයි..

කොරියාවේ ධීවර හා සාගර අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන සමුළුවකට සහභාගි වීමට ගුවන් යානයකින් යමින් සිටි ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු එම ගුවන් යානය තුළදී බීමතින් අශෝභන ආකාරයෙන් හැසිරීම නිසා මැලේසියාව ක්වාලාලාම්පූර්හිදී එරට බලධාරීන් විසින් එම පුද්ගලයා රඳවා තබාගෙන ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

එම අතිරේක ලේකම්වරයා සමග අදාළ සමුළුවට සහභාගි වීමට පැමිණි අනෙක් ඉංජිනේරුවරයා පමණක් ඊළ`ග ගුවන් යානයෙන් කොරියාව බලා ගොස් තිබේ.

මෙම සමුළුව 23 වැනිදා සිට ලබන 30 වැනිදා දක්වා රටවල් ගණනාවක සහභාගිත්වයෙන් කොරියාවේදී පැවැත්වේ. ගුවන් යානයේ ගමන් ගත් මගීන්ද අපහසුතාවට පත්වන අයුරින් ධීවර අමාත්‍යාංශයේ මේ අතිරේක ලේකම්වරයා හැසිරී ඇති බවත්, මොහු ඒ වන විට අධික ලෙස බීමත්ව සිට ඇති බවත් පැවසේ.

මෙම බීමත් අතිරේක ලේකම්වරයා සම්බන්ධයෙන් දැනටමත් මැලේසියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට හා ධීවර අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබේ.

මෙම අතිරේක ලේකම්වරයා සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය මේ වන විට පරීක්‍ෂණයක් අරඹා තිබේ.

රුපියල් ලක්‍ෂ ගණන් වැයකර සමුළු සඳහා යොමුකළ මෙවැනි නිලධාරියකු බීමතින් හැසිරෙමින් ශ‍්‍රී ලංකාවට කළ අපකීර්තිය ගැන ධීවර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු දැඩි අප‍්‍රසාදය පළකර සිටිති.

අරුණ බෝගහවත්ත
– divaina

87,953 Viewers

20 Comments to “මෙරට බලවතෙක් ගුවන් යානයේ කණ පැලෙන්න බීලා යකා නටයි.. මැලේසියාවෙන් බස්සා රදවා ගනී.. ගුවන් යානය යයි..”

  1. Nish says:

    අපෙ රටෙ මිනිස්සුන්ට ලොකු දේවල් දෙකක් තියෙනවා. එකක් බොන එක. අනික රට යන එක. ලන්කාවෙ මිනිස්සු යන ෆ්ලයිට් වල බොන්න දෙන්න නරකයි.

  2. Mangala says:

    Beela beela pissuma natanna upan jathiyak.Ganna deyak naha.

  3. Asoka says:

    දැන් මේවා පත්තරෙන් දැකලා ජනාධිපතිතුමා කොරියාවට යන ගුවන් යානා සියල්ල තහනම් කරයි

    • jay says:

      He is a SLAS officer.Inquiry will be conducted by another SLAS officer. Nothing will happen to him. Most of the SLAS people are jokers like him. What will happen to this country with these type of people at the helm.

      • RW says:

        Like what happened to the culprit of the Meethotamulla dump disaster. The culprit is an SLAS officer. He escaped without any punishment although the Presidential Committee has named him.

    • Samuel says:

      ඇත්තම කතාව ….

  4. lolla says:

    Aiyoo…we are Sri lankans ne…..
    Our Cricketers tried to jump out of an Aircraft……and some got caught for shop lifting….
    What about Our Politicians……..Ha….Ha…..all are fun people…. we are fun lankans………

    • gadol says:

      lolla
      සෑම ලාංකිකයකුම එක වගේ නැහැ … සෑම රටකම විවිධාකාර ගතිගුණ ,හැසිරීම් තියන පුද්ගලයෝ ඉන්නවා ..එනිසා බේබදු පුද්ගලයෝ කරපු මෝඩ වැඩවලට මුළු රටේම මිනිසුන් ඔවුන්ගේ මිම්මෙන් මනින්න එපා බූරුවෝ

      • Rupa says:

        ඔබ හරි , ඒ උනත් තැනක හැසිරෙන්නට නොදන්නා අමනයින් බුද්ධිමතුන් ලෙස රටක නියොජනයට යවන අමන දේශපාලකයින් හදුනා ගන්න.

  5. simion says:

    පව් දෙයියනේ ….ගමේ ගොඩේ හැදිච්චි මෝඩ අහිංසකයෙක් වෙන්ඩ ඕනෑ….විස්කි, බ්‍රැණ්ඩි, බකාඩි, වොඩ්කා, බෝතල් පුරවගෙන සුදු කෙල්ලෝ කරත්ත තල්ලුකරගෙන එනකොට මූට පිස්සු හැදෙන්න ඇති…කොච්චර බිව්වත් නොමිලේ නේ…..

  6. Samuel says:

    සියලුම ෆ්ලයිට් වල බොන්න දෙන්න නරකයි. ඒ වැය වෙනුවට දෙන ආහාර වෙීල තවත් සවිමත් සහ රසවත් කරන්න.

  7. Rupa says:

    තැනක හැසිරෙන්නට නොදන්නා අමනයින් බුද්ධිමතුන් ලෙස රට නියොජනයට යවන අමන දේශපාලකයින් හදුනා ගන්න.

  8. Maaraya says:

    Sri Lanka Embassy in Malaysia is another thief den. All the staff finding ways to earn money there. Keeping bad agents under their pants and sharing money of the poor workers. Office is in a hotel as well. So this enquiry will not conduct by them in good ways as well.

  9. Love nature says:

    බයිබලයේ කියන විදියට දෙවියන් වහන්සේ වතුර වයින් කල එකේ විපාක

  10. Asela says:

    They are beggers the government servants. They havnt seen a bottle of whisky in life. All those who have come from remote villages

  11. kara says:

    jarawa beela beela.. honda drink ekak dakkama .. bonne peretha kamata .. Ethin badu thamai.. Ane mehemath lekamla.. Mun beela saddeth danawa..

Main News