මෙරට බස් රථවල සේවයට ඉන්දීය බස් රියදුරන් ගෙන්වති..

February 15, 2017 at 3:00 pm | lanka C news
මෙරට බස් රථවල සේවයට ඉන්දීය බස් රියදුරන් ගෙන්වති..

මෙරට බස් රථවල සේවය කිරීම සදහා බස් රියදුරන් ඉන්දියාවෙන් ගෙවීමට තීරණය කල බව සමස්ත ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ඉදිරි දිනකිහිපයේදී රජය සමග සාකච්චා කර කඩිනමින්ම මෙම ක‍්‍රියාමාර්ගයට යොමුවන බවයි.

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල දෛනිකව බස් රථ විශාල ප‍්‍රමාණයක් රියදුරන් නොමැති වීමෙන් ධාවනය කල නොහැකි වීමෙන් තම සංගමය මෙම තීරණයට එළැඹුනු බවද ඔහු සදහන් කලේය.

229 views
Main News