මෙරට බහුතර ජනතාවගේ බලාපොරොත්තුව බැසිල් පාර්ලිමේන්තු පැමිණ ඇමති ධුරයක් බාර ගැනීමයි..- ඩිලාන්

November 4, 2020 at 12:02 am | lanka C news
මෙරට බහුතර ජනතාවගේ බලාපොරොත්තුව බැසිල් පාර්ලිමේන්තු පැමිණ ඇමති ධුරයක් බාර ගැනීමයි..- ඩිලාන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවතත් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම මෙරට බහුතර ජනතාවගේ බලාපොරොත්තුව බව පාර්ලිමේන්තුු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මෙවර පාර්ලිමේන්තුවෙන් 2/3ක බහුතර බලයක් දිනා ගැනීමට හැකි වූයේ බැසිල් රාජපක්‍ෂ මහතාගේ සංවිධාන ශක්තිය නිසා බවද ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ දී ද මෙරට ආර්ථික ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා සහාය වූ බවද ඔහු පෙන්වා දෙයි.

එනිසා මෙරට බහුතර ජනතාව බලාපොරොත්තු වන්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ආර්ථිකය සම්බන්ධ වගකීමක් බාර ගැනීම බවත් ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

32,536 views

37 Comments to “මෙරට බහුතර ජනතාවගේ බලාපොරොත්තුව බැසිල් පාර්ලිමේන්තු පැමිණ ඇමති ධුරයක් බාර ගැනීමයි..- ඩිලාන්”

  1. kkuruwita says:

    ජනතාවගේ බය සැකය තියෙන්නේ ගිය සැරේ වගේ මෙදා පාරත් මෙයා මුස්ලිම් චන්ද ඕනෑ කියල රිෂාඩ්ලා හකීම්ලා වාගේ තවත් අය කර ගහ ගනීද කියන එකයි. අක්කර දහස් ගනනින් විල්පත්තුවෙ වන විනාශය කරන වෙලාවෙ, රිෂාඩ් කිව්වෙ මේවා අපිට දුන්නෙ බැසිල් කියලනේද ? මේකයි අපිට තියෙන බය. නැත්තම් බැසිල් ගැන අපිට වෙන අවුලක් නැහැ.

  2. Dilshan says:

    ඔව් ඔව් අපිට මේ කොරෝන අස්සෙ තියෙන එකම බලාපොරොත්තුව ඕක තමා.යහපාලන නාට්ටිය බලල එපා වෙලා ඒක ඉවර උනා විතරයි.තවත් නාට්ටියක්.

  3. සමන්ත says:

    බහුතර ජනතාවගේ මතය ප්‍රකාශ කරන්න මෙතුමා රහස් ඡන්දයක්වත් තිබ්බාද? මිනිස්සු ඡන්දය දුන්නේ ජනාධිපතිට වැඩි බලයක් දෙන්න ස්ථාවර ආණ්ඩුවක් හදන්න අවශ්‍ය නිසා මිසක් අයිතිකාරයෙක් නැති නිවසක අයිතිකාරයෙක්වව පාර්ලිමේන්තුවට ගේන්න නෙමේ.. අමතක කරන්න එපා ගෝටා ජනාධිපති වෙන කොට එතුමා කිසිම පක්ෂයක සාමාජිකයකුත් නොවන බව…

    • Saradiel says:

      ඩිලාන් ඔබතුමා කෙසේද ජනතාවගේ මතය ජනතාවගෙන් ප්‍රශ්න නොකර ප්‍රකාශ කරන්නේ ? ලැජ්ජයි ඔබවැනි අවස්ථාවාදීන් ගැන ..අපේ රටට හෙනගහලා තියෙන්නේ මෙවැනි අවස්ථාවාදී දේශපාලුවන් නිසයි …තමන්ගේ වාසියට බලයට ඕනෑම බලු වැඩක් කරයි

  4. බකට් හැරී says:

    ගෝඨාභය මහත්තයටත් මහින්ද මහත්තයට වගේ නොසිතූ විධිහට ගෙදර යන්න වෙනවා ඔය බැසිල්ව පාර්ලිමේන්තුවට අරගත්තොත්

    • වෙරි සොරි says:

      අනේ මේ ඇමති කමක් ඕනෙ නම් කරුණාකරලා ඊලග මැතිවරණෙන් දිනලා එන්න. පින් සිද්ද වෙයි ගෝඨාභය ජනාධිපති තුමාට /මහින්ද අගමැති තුමාට මේ අවු.5 නිදහසේ වැඩ කරන්න ඉඩ දීලා පුලුවන් උදව්වක් ඔහොම ඉදන් කරන්න..ජනතාවට සේවය කරන්න තනතුරු ඕනෙ නෑ කියලනේ කිව්වෙ.එක එක හෙන්චයියො දාලා පොදු පෙරමුණ හදපු අය පාච්චල් කරවලා කරන යටි කූට්ටු වැඩ නවත්තන්න.

  5. Jagath Hettiarachchi says:

    මෙරට බහුතර ජනතාවගේ බලාපොරොත්තුව බැසිලුයි මහින්දයි තොපියි රොත්තම මැරිලා යන එකය.

    එතකොට ගෝටා ට යි ශවේන්ද්‍රට යි අර කරගෙන ආපු වැඩ ටික ඉවර කර ගන්න පුලුවන්.

    යන්තං ඔලුව උස්සනකොටම කඩා පාත් උනා කාලකන්නි හැත්ත.

    ඉවරයි ලංකාව.

    • jagath says:

      Hariyata ma hari.

    • JOHN says:

      බැසිල් ගෙන් අපේ රට ජාතියට ඇති ඵලය කුමක්ද ? ඔහු අපේ රට එපා කියා ඇමරිකන් පුරවැසිභාවය ලබා ගත් පුද්ගලයෙක් එවැනි පුද්ගලයෙක් ගැන විශ්වාසයක් තැබිය නොහැක …ඔහු ගැන ජනතාවගේ විශ්වාසයක් නැත 2015 ඔහු රටින් පැනලා ගිය හැටි අමතකද ?

  6. Sun says:

    This fellow learned all the dirty things from the americans and planning to induce them to the innocent people of this country.

  7. Jayantha says:

    ගෝඨාභය මහත්තයටත් මහින්ද මහත්තයට වගේ නොසිතූ විධිහට ගෙදර යන්න වෙනවා ඔය රිෂාඩ්ලා හකීම්ලා වාගේ තවත් අය කර ගහ ගත්බැසිල්ව පාර්ලිමේන්තුවට අරගත්තොත්

  8. Modaya says:

    Who wants this guy? What has he done to the people? Is the government bankrupt? Are not there anyone among Viyathmaga? Hope the government do not expect the destiny as what befallen on them in 2015.

  9. Ruhdtug says:

    Hooo hoooooo hoooooooooo!!! Apoi mage jande…

  10. ද්විත්ව පුරවැසියා says:

    හහ්….හහ්….හා…. පේනවා නේද මගෙ වැඩ … ??? හහ්….හහ්….හා….හහ්….හහ්….හා….

Main News