මෙරට බැංකු 13ක් ශ්‍රේණිගත කිරීම් පහත දමන්න ෆිච් රේටින්ග්ස් අරඹයි.. ලයිස්තුව මෙන්න..

April 13, 2022 at 10:00 am | lanka C news
මෙරට බැංකු 13ක් ශ්‍රේණිගත කිරීම් පහත දමන්න ෆිච් රේටින්ග්ස් අරඹයි.. ලයිස්තුව මෙන්න..

මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක ශ්‍රේණි ගත කිරීම් වලින් පහත හෙලීම සඳහා ෆිච් රේටිං ආයතනය විසින් නිරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ බැංකු පද්ධතියේ විදේශ විනිමය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

එසේ නිරීක්ෂණ තත්ත්වයට පත් කර ඇති බැංකු ලැයිස්තුව මෙසේය.

  1. මහජන බැංකුව
  2. කොමර්ෂල් බැංකුව
  3. හැටන් නැෂනල් බැංකුව
  4. සම්පත් බැංකුව
  5. ජාතික සංවර්ධන බැංකුව
  6. DFCC බැංකුව
  7. සෙලාන් බැංකුව
  8. නේෂන් ට‍්‍රස්ට් බැංකුව
  9. පෑන් ඒෂියා බැංකුව
  10. යුනියන් බැංකුව
  11. අමානා බැංකුව
  12. සණස සංවර්ධන බැංකුව
  13. ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව බැංකුව (HDFC)
105,777 views

14 Comments to “මෙරට බැංකු 13ක් ශ්‍රේණිගත කිරීම් පහත දමන්න ෆිච් රේටින්ග්ස් අරඹයි.. ලයිස්තුව මෙන්න..”

  1. Banku Sudda says:

    How come bank of ceylon not in the list? Very strange.

  2. Sam says:

    දැන් ආන්ඩුවට් මාර වැඩේ වෙලා තිබෙන්නේ .පනින උන් මහින්දගෙන් ඉල්ලන්නෙත් ඩොලර් .ශාන්ත බන්ඩාරගේ මිලියන 1000 ඉල්ලා තිබෙන්නේ ඩොලර් වලින් පසුව ඒව ඩොලර් කර දෙන බවට පොරොන්ඩු පිට තමා ඩීල් එක වෙලා තිබෙන්නේ

    • පියරත්න ගමගේ says:

      මිලියන දාහක් ..මොංගල්ද හැටිද.ඒක ඩොලර් වලින් ඕන කියල කියද්දි ශාන්ත බණ්ඩාර ගෙ සාක්කුවේ ද හිටියේ..ගිය පාර මෛත්‍රී පස්සේ ගිහින් මනාප මදිවෙලා පාර්ලිමේන්තු එන්න බැරි වෙලා සාලින්ද දිසානායක මැරුණු නිසා පාර්ලිමේන්තු ආවේ.. විමල් ගම්මන්පිල පස්සෙ ගිහින් නන්නත්තාර වෙන්නේ නැතුව ඌ රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ ඇයි කියලා හිතන්න ඇති… අගමැති සිහිනය බිඳී ගිය විමල් ගෙ චොර වෙච්ච frustrated මූණ ඊයේ press briefing එකේ දැක්කෙ නැතෙයි

  3. ජනතාව says:

    මේ ආණ්ඩුව රට මේ තත්වයට ඇදල දැම්මා. නැට්ටටම හිදෙනකම් සංවර්ධන ව්‍යාපෘති කරමින් හිටිය මිසක් මේ අනතුර ගැන වගක් තිබ්බෙ නෑ. මිලියන ගණන් විවෘත කිරීම් උත්සවවලට වියදම් කලේ හරක් වගේ. ජාතිවාදය පසෙකලා ශ්‍රී ලංකිකයන්ට රට ගොඩ නැගීමට ඉඩ දී මේ රජය යා යුතුයි

  4. Nalaka says:

    Where is bank of Ceylon. Most of uneducated idiots work there. Specially managers are utter loose nuts…..
    I’m wonder why com Bank and seylan Banks are in the list

    • Gratiaen. says:

      Fully agree with your comment! BOC of course is full of discourteous staff.

    • Ppp says:

      May be they are the only bank who are still capable in forex in the country.Com & Seylan are just an ordinary domestic banks.Your purspective comes with only your personal  experience and ratings have nothing to do with it.

  5. Banker says:

    ජනතාව මේ ආර්ථික අර්බුදය හමුවේ සියලු ණය බැංකු වෙත ගෙවීම ඇත් හිටුවිය යුතුයි . ඒ ණය පැහැර හැරීමට නොවේ. ගෙවීමට උනන්දුවක් ඇතත් හැකියාවක් නැති නිසා . එක සේ පෙළ ගැසී අසාධාරණ පොලිය අය කිරීමට මේ අවස්ථාවේ විරුද්ධ වෙමු . දඩ පොළිය ප්‍රතික්‍ෂේප කරමු . 2018 තෙක් default සියළු ණය කැප හැරීමට කටයුතු කිරීමට රජයට බැංකු වෙත අණ කිරීමට ඉල්ලමු . ඒ 2018 පසු සියළු බැංකු අකණ්ඩව වසර 4ක් දැනටමත් ලාබ පෙන්වා ඇති නිසා තවදුරටත් 2018 පෙර 2018 ය කර ගැනීමෙන් ඔවුන්ගේ අදික පොලි මත ලාබය තව දුරටත් ඉහළ යාම වසංගත හා ආර්ථික අර්බුදය හමුවේ සාධාරණ නොවන නිසා .

    • KD says:

      ඔයාට පිස්සු ද? සමස්ත බැංකු පද්ධතියම පහතට ගෙන ඒමට ඔබට අවශ්‍යද?
      පාර මාරු වෙන්න කලින් බලන්න. ඒ හා සමානව, ඔබ කුණු ලිවීමට පෙර ප්රතිවිපාක ගැන සිතන්න.v

  6. SKF says:

    මෙහෙන් හොරා කාපු සල්ලි තියන දේශපාලුවොන්ට ගොඩගහගත්ත සල්ලි එළියට ගන්න බැරුව හිටියෙ මාට්ටු වෙන නිසා. බැංකුවෙ දාන්න බෑ account check කරද්දී අහු වෙනව. හැමදාටම එකතු කරල තියාගෙන ඉන්නත් බෑ. හොඳම දේ උනේ ඒ සල්ලි පිටරට පටවන එක. ඒත් බැන්කු හරහා යවන්න බෑ මාට්ටු වෙනව.

    ඒ හින්ද උන් කලේ මෙහෙ ඉන්න උන්ඩියල් කාරයින්ට රුපියල් දුන්නා. උන්ඩියල් කාරයෝ පිට රට තියෙන දේශපාලුවගෙ ගිනුමට ඩොලර් පිරෙවුවා. හැබැයි ඕක දිගටම කරන්න නම් උන්ඩියල් කාරයො ලග ඩොලර් තියෙන්න ඕනේ.

    ඒකට තමයි ප්ලෑන් කරල rates fixed තියාගෙන ඉඳල මිනිස්සු උන්ඩියල් වලට සල්ලි දෙන්න පුරුදු කෙරෙව්වෙ. වැඩේ ටිකක් හරි ගියා. හැබැයි මදි. එතකොට තමයි කපුටාස් press conference එකකදි කිව්වෙ උන්ඩියල් හරි මොකෙන් හරි ඩොලර් එවපල්ලා කියල. මිනිස්සු non stop ඩොලර් දුන්නා උන්ඩියල් මුදලාලිලට. උන්ගෙ ඩොලර් සංචිත වැඩි වුනා. බැංකු වලට වඩා උන්ඩියල් උන්ගෙ වත්කම් වැඩි උනා. දේශපාලුවො උන්ඩියල් හරහා පිට රට ගිනුම් වලට ඩොලර් පිරෙවුවා.

    හොරකම් නවත්තන්න ඕනෙනම් බැංකුවලට ඩොලර් දීපල්ලා ගොං වැඩ නොකර.
    එහෙම බැරිනම් එවන්නෙ නැතුව හිටපල්ලා.

  7. ජන හඩ says:

    මෙයින් කියන්නේ හෙට අනිද්දා රජයට වැටුප් ගෙවන්නත් අපහසු වෙනවා. රට යථා තත්වයට එනකන් කඩවල බඩු නැතිවෙනවා. එතකොට මුදල් බඩු භාණ්ඩවල රුපියල්වලින් වටිනාකම නැත්තටම නැතිවෙනවා. මේ හොරු ගිහිල්ලා අලුත් විශ්වාසනීය ක්‍රමයක් අැති කිරීමට උගතුන් පෙරමුණ නොගත්තොත් කොස් දෙල් අල බතල ගෙදර වවාගෙන කන තත්වයට රට එනවා. රජයේ හොරු ගිහින් අන්තර්වාර පාලනයක් ඇති කරන්න ඉක්මන් කරන්න.

  8. SL Banker says:

    ජනතාව මේ ආර්ථික අර්බුදය හමුවේ සියලු ණය බැංකු වෙත ගෙවීම අත් හිටුවිය යුතුයි . ඒ ණය පැහැර හැරීමට නොවේ. ගෙවීමට උනන්දුවක් ඇතත් හැකියාවක් නැති නිසා . එක සේ පෙළ ගැසී අසාධාරණ පොලිය අය කිරීමට මේ අවස්ථාවේ විරුද්ධ වෙමු . දඩ පොළිය ප්‍රතික්‍ෂේප කරමු . 2018 තෙක් default සියළු ණය කපා හැරීමට කටයුතු කිරීමට රජයට බැංකු වෙත අණ කිරීමට ඉල්ලමු . ඒ 2018 පසු සියළු බැංකු අකණ්ඩව වසර 4ක් දැනටමත් ලාබ පෙන්වා ඇති නිසා තවදුරටත් 2018 පෙර deafault ණය අය කර ගැනීමෙන් ඔවුන්ගේ අධ්ක පොලි මත ලාබය තව දුරටත් ඉහළ යාම වසංගත හා ආර්ථික අර්බුදය හමුවේ සාධාරණ නොවන නිසා .

  9. Ppp says:

    සියළු බැංකු කඩා වැටීමේ පහසුම මග.ඔබ ණය ගත්තේ අපේ තැංපතු වලින්.ණය නොගෙවීම නිසා අපට පොළී තබා මුදලවත් නොලැබෙනු ඇත.බූරුවෙකු නොවන්න.

  10. Jude perera says:

    Boc mulinma down grade kala masekata issella

Main News