මෙරට බීජ පිළිබඳ තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නෑ…
January 11, 2022 at 1:20 pm | lanka C news
මෙරටට අවශ්‍ය බීජ අවශ්‍යතාව හා මෙරටේ බීජ නිෂ්පාදනය පිළිබඳ නිවැරදි තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කුණ්ඩසාලේ බීජ නිෂ්පාදන ගොවිපලේ කළ සංචාරයකදී අනාවරණය විය.
මෙරටේ වගා කරන බෝග අනුව වාර්ෂිකව අවශ්‍ය බීජ ප්‍රමාණය, ඒ අවශ්‍යතාව සඳහා මෙරටේ නිෂ්පාදනය කරන බීජ ප්‍රමාණය හා වාර්ෂිකව ආනයනය කරන බීජ ප්‍රමාණය හා වර්ගය පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගෙන සම්පූර්ණ වාර්තාවක් තමන්ට ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙරට තුළ කවුරුන් බීජ නිෂ්පාදනය කළත් කවුරුන් බීජ ආනයනය කළත් ඒ සියලු තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ගමේ ගොවියාගේ සිට මහා පරිමාණයෙන් ගොවිතැන් කරන ගොවි සමාගම් මෙරට තුළ වගා කරන බෝගය, ඒවායේ ප්‍රමාණයන්, එයින් දේශීය පරිභෝජනයට ලබා ගන්නා ප්‍රමාණය අපනයනය කරන ප්‍රමාණය ආදී සියලු තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ බීජ නිෂ්පාදනය, ආනයනය, බීජ බෙදාහැරිම හා බීජ මිල නියාමනය කිරීම ආදී සියලු කටයුතු කුණ්ඩසාලේ බීජ ගොවිපල මඟින් සිදු කිරිමේ වැඩපිළිවෙළක් සකස්කර ක්‍රියාත්මක කළයුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
කුණ්ඩසාලේ බීජ ගොවිපල තුළ බෝග වර්ග 22ක බීජ නිෂ්පාදනය කරන බවද මෙහිදී අනාවරණය විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් සියලුම ගොවිපලවල සෑම බිම් අඟලක්ම ආදර්ශමත් ලෙස වගාවට යොදා ගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයට ගිය අමාත්‍යවරයා එහි අධ්‍යාපනය ලබන සිසුන් සමඟ ද සාකච්ඡා කර ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු කළේය.
මහනුවර දිගන පිහිටි හයිලන්ඩ් යෝගට් හා කල්කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව හා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මාබේරිය තැන්න ගොවිපල ද අමාත්‍යවරයාගේ නීරික්ෂණයට ලක්විය.
ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්
දේශීය වී වර්ග දෙන්න දේශීය වී වර්ග කාබනික පොහොර සමග වගාකළ හැක
හයිබ්‍රිඩ් වී වලට රසායනික ඕනේ
කෘශිකර්ම දෙපාර්තමේන්තුව යනු එදා කාබනිකව වගා කල ගොවියාව රසායනික පොහොර, කෘමිනාශක වලට පුරුදු කරන්න අටවපු ආයතනයක්. ඕක විසුරුවා දාන්න ඕනෙ. එතකොට කාබනික වගාව ඉස්සර වගේ නියමෙට කෙරෙයි.
මේ රටේ තියන කෘෂිකර්ම අමාත්‍යාංශය වහල ඒ සල්ලි වලින් පුලුවන් ගොවියන්ට හෙම මාසෙකට ම් රුපියල් 5000ක් ගානේ ගෙවන්න . ඒ තරමට කෘෂිකර්ම අමාත්‍යාංශය සේවකයන් ඉන්නව නිකන් කාකා බිබි..
මම කියන්නෙ බොරුනම් කෘෂිකර්ම අමාත්‍යාංශය ට මසකට යන වියදම් හා රටේම ඉන්න ගොවි පවුල් ගනන බෙදල බලන්න
සහතික ඇත්ත. වහන එක සෙතක්. කාලයක් රාජගිරියේ බිල්ඩිමකට ගෙවිවා මතකද?
උඩුකුඹුර මහත්තයෝ !
ලිපිය කොට වැඩිනේ, කොච්චරද කියනවන් මට දෙසරයක් බැලුනා, කියෙව්වා නොවෙයි බැලුනා මොකද වෙනදා පතරන්ග ජාතකය නැති නිසා.
ලොක්කා තැනකට ගියාම ඔහොම සුලුවෙන් වැඩ පරීක්ෂා කරලා නවත්න්නේ නෑ නේද? ඇශ්ටි හැලෙන්න නෙලල නේද exit වෙන්නේ?
ප්‍රියන්ති
කාබනික වගාවට අපගේ සම්පුර්ණ විරෝධය පල කරමු. මේක සාර්ථක උනොත් ගොවි උද්ඝෝෂණ වෙනුවෙන් පොහොර සමාගම් වලින් අපේ පක්ෂයට ලැබෙන සහනාධාරය අහෝසි වෙනවා. එතකොට අපේ ගොවි සහෝදරයින්ට ලැබෙන ගතමනාවත් දෙන්න බැරිවෙනවා.
ඔව් අපි හදාගන්න බලන් ඉන්න කප්පම් ලන්තය බකල් වෙනවා.
Biija gena witharak neweyi okunge bijja gena ahawwath okun danne nee
මේ රටේ කෘශිකර්මාන්තය මෙහෙයවන්නෙ සමාගම් කිහිපයක් පොහොර ,පලිබෝද නාශක සහ බීජ,ගෙන්වන්නෙ උන්.ගොවියාට තමන්ගේම බීජ හදාගන්න බෙරිවෙන බීජ තමා මුන් දෙන්නෙ .සමාගම්වලින් පිට බීජ වගාකලොත් ඒකට විරුද්දව කෘශිකර්ම නිලදාරීන්ම අකුල් හෙලනව මොකද බීජ ගෙන්වන සමාගම් හොදට ගෙවනවා උන්ට සමාගම්වල බීජ ප්‍රවර්ධනය කිරීමට
👍Hariyata hari.
අපේ දේවල් හොයා ඉදීම අපේ දේවල් රැක ගැනීමට කළ හැකියි හැකි එකම විසඳුම යයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හිතනවා ඇති. ඒ හින්දා තොරතුරු එකතු කරන්න ඕන නැතුව ඇති.