මෙරට භික්‍ෂූන්ට අවශ්‍ය සිවුරු මෙරටම නිපදවයි…

September 21, 2020 at 8:02 am | lanka C news
මෙරට භික්‍ෂූන්ට අවශ්‍ය සිවුරු මෙරටම නිපදවයි…

මෙරට වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා 40,000කට අධික පිරිසක් වෙනුවෙන් අවශ්‍ය කරන නියමාකර ප්‍රමිතියෙන් යුතු සිවුරු, වසරකට ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඒ අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන්නේ ආනයනික සිවුරු වලින් බවත් කර්මාන්ත අමාත්‍යංශයේ පැවති සාකච්ච්ජාවකදී පැවසිණි.

ඒ අනුව එම දේශීය සිවුරු අවශ්‍යතාව සපුරාලීමට අප රට තුළදීම සිවුරු නිර්මාණය කිරීමට ඇති හැකියාව පිළිබදව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා දැනුවත් කරමින් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය පිණිස පැමිණි කෝට්ටේ පාර්ශවයේ අනුනායක පුජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ ඒ පිළිබද දීර්ඝ පැහැදිලි කිරීමක් කරන ලදි.

මිට දශක ගණනාවකට පෙර මෙරට ස්වාමින් වහන්සේලාට අවශ්‍ය ප්‍රමිතියෙන්ය යුතු සිවුරු රාජ්‍ය ආයතනයක් වන ලංකා සළුසල ආයතනය විසින් නිර්මාණය කළ බවත්, පසුකාලිනව දේශීය සිවුරු නිෂ්පාදනය ඉතා අවම මට්ටමකට වැටීම නිසා තායිලන්තය වැනි රටවලින් මෙරටට සිවුරු වැඩි වශයෙන් ගෙන ආ බවත් අනුනායක හිමියෝ පැවසූහ . තවද තායිලන්තය, මියන්මාරය, ලාඕසය වැනි රටවල ස්වාමින්වහන්සේලාට ඔවුන්ගේ රට තුළ නිපදවන ඔවුන්ටම අනන්‍යවූ සිවුරු ඇති බවත් ලංකාවේ ස්වාමින් වහන්සේලාට එවැනි අනන්‍යතාවයක් නිර්මාණය කර ගැනීම කළයුතු බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ කරුණු පැහැදිලි කළේය. ඒ අනුව රාජ්‍ය අනුග්‍රහය ඇතිව දේශීය නිර්මාණකරුවන් ලවා ඉදිරියේදී සිවුරු නිපදවීමට අවශ්‍ය පසුබිම සකසාගැනීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යවරයා හමුවීමට පැමිණි බව උන් වහන්සේ වැඩි දුරටත් පැවසිය.

සියලු කරුණු පිළිබද සලකා බැලීමෙන් පසු කර්මාන්ත අමාත්‍යවරයා පැමිණි සිටි නිලධාරින් හමුවේ කියා සිටියේ හැකි ඉක්මනින් ඒ සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසය. ඒ අනුව නිසි ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය යොදා ගනිමින් සිවුරු නිෂ්පාදනයට අවශ්‍ය අධ්‍යනයන් සිදුකරන ලෙස මෙම සාකච්ජාවට පැමිණ සිටි ශ්‍රී ලංකා රෙදිපිළි හා ඇගළුම් අභ්‍යාස ආයතනයේ නිලධාරීන්ට ඇමතිවරයා උපදෙස් ලබාදෙන ලදි, ඔවුන් විසින් නිපදවන රෙදි යොදාගනිමින් ප්‍රමිතියෙන් යුතු සිවුරු නිර්මාණය කිරීම සහ ඒවා දේශීයව විකිණීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස ලංකා සළුසල ආයතනයේ සභාපතිවරයාට ඇමතිවරයා විසින් උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරචි, රෙදිපිළි හා ඇගළුම් අභ්‍යාස ආයතනයේ නිලධාරිහු , පළාත් කෘෂිකර්ම නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

– අනුරුද්ද බණ්ඩාර

19,366 views

9 Comments to “මෙරට භික්‍ෂූන්ට අවශ්‍ය සිවුරු මෙරටම නිපදවයි…”

  1. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    පිටරට සිවුරු පමණක්ම දරන චීවරධාරී පිරිසක් ඉන්න බව අප අමතක නොකලයුතුයි. ඔවුන්ට ඔය රජයේ පෙහෙකම්හල්වල ගෝනි සිවුරු දැරීම අපහසුයි කියා කොටුව දුම්‍රියපල ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරන්නත් ඉඩ තිබෙනවා.

  2. Hudson says:

    Give them a trouser and shirt, that’s better.

  3. ලිට්රෝ අමිල says:

    ලංකාවේ හදන්න යන රෙදිවලින් මහන සිවුරු අපිට හරියන්නේ නැහැ. අපිට ඕනේ සිලික් වගේ රෙදි වලින් මහපු ආනයනය කරපු සිවුරු සහ හොද ජෝක්කු.

  4. SUDATH says:

    දැන් සිටින සමහර හාමුදුරුවරුන් ලංකාවේ සිවුරු අඳින්නේ නැහැ.ඔවුන් ඉල්ලන්නේ තායිලන්ත සිවුරු.මම දානමය පිංකමකට ලංකාවේ මහන සිවුරු මිලෙන් වැඩි හොඳම සිවුරු 7ක් පූජාකළා.පන්සලේ හාමුදුරුවන් පැවසුවේ ඔය සිවුරු අපි අඳින්නේ නැහැ තායිලන්ත සිවුරු තමයි අඳින්නේ අඳින්නේ යනුවෙන්.ඕකයි දැන් තත්වය.

    • අල්ලපු ගෙදර තිනන් says:

      තායි සිවුරු නියම කොට්න් වලින් හදන්නේ. ලංකාව වගේ ඝර්ම කලාපීය රටකට ගැලපෙන්නේ කොට්න් සිවුරු. 65/35, සිල්ක් රෙදි ලංකාවට නොගැලපෙයි. එම තත්ත්වයෙන්ම සිවුරු ලංකාවේ නිපදවන්නට ගත් තීරණය ඉතා වටිනවා.

  5. Sakunthala says:

    විමල් වීරවංශ මැතිතුමාට ගොඩාක් පිං ඔය වැඩේට අත ගැවුවට​. ඔය වැඩේ කරන්න තිබුණේ ගොඩාක් කලින්

    • මැදමුලනෙ මුත්තා says:

      හාමුදුරුවරැන්ට සිවුරැ මහල ආර්ථිකය ගොඩගන්න පුළුවන්ද? වීරවංශ කොළුවට ඔහොම අදහස් තමයි එන්නෙ.
      ආර්ථික විද්‍යාවෙ සංකල්පයක් තියෙනවා Comparative Advantage ( සාපේක්ෂතා වාසිය) කියල. ඒ කියන්නෙ සිය රටට වඩා අඩු මිළකට එය පිටරටකින් අපනයනය කරගත හැකිනමි උනන්දු විය යුත්තේ අඩු පිරිවැයකින් නිපදවා අපනයනය කළ හැකි භාණ්ඩ නිෂ්පාදනයටයි කියල.

      • චන්දරේ says:

        අඩුම පිරිවැයකින් නිස්පාදනේ වෙන උබෙ පස්ස පැත්ත පිටරටට විකුනමු
        සාපේක්ස වාසිය උබට කටින් දාන්න හම්බෙයි

  6. අල්ලපු ගෙදර තිනන් says:

    විමල් මහත්තයා විශාල පුණ්‍යවන්ත වැඩක් මේ තරන්නේ. තායි සිවුරු නියම කොට්න් වලින් හදන්නේ. ලංකාව වගේ ඝර්ම කලාපීය රටකට ගැලපෙන්නේ කොට්න් සිවුරු. 65/35, සිල්ක් රෙදි ලංකාවට නොගැලපෙයි. එම තත්ත්වයෙන්ම සිවුරු ලංකාවේ නිපදවන්නට ගත් තීරණය ඉතා වටිනවා.

Main News