මෙරට වැඩිපුරම නින්දා අපහාස මටයි.. ඒ වාර්තාව බිදින්න බෑ.. බිරිදට, දරුවන්ට වෙබ් අඩවි බලන්න එපා කිවුවා..- ජනපති
December 19, 2016 at 2:10 pm | lanka C news
අද වන විට මෙරට අන්තර්ජාල වෙබ් අඩවි තුලින් වැඩිපුරම නින්දා අපහාස විදින පුද්ගලයා තමන් බවත් ඒ වාර්තාව කිසිවෙකුට බිද දැමිය නොහැති බවත් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ පැවති අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සමුළුව අමතමිනි.
තම බිරිදට හා දරුවන්ටද වෙබ් අඩවි බලන්න එපා යයි දන්වා ඇතැයිද කී ජනාධිපතිවරයා අපහාසාත්වමක පුවත් වාර්තා කරන වෙබ් අඩවිවලට එරෙහිව ඉදිරියේදී නව නීති සකස් කරන බවද කියා සිටියේය.