මෙරට විදෙස් තානාපති 50 දෙනාගෙන් 28ක් ආණ්ඩුවේ නෑදෑ හිතවතුන්.. ලයිස්තුව මෙන්න..

November 21, 2016 at 1:06 am | lanka C news
මෙරට විදෙස් තානාපති 50 දෙනාගෙන් 28ක් ආණ්ඩුවේ නෑදෑ හිතවතුන්.. ලයිස්තුව මෙන්න..

ශ‍්‍රි ලංකාව නියෝජනය කරමින් විදේශ රටවල රදවා සිටින දූත මණ්ඩල ප්‍රධානින් 50 දෙනාගෙන් 27 දෙනෙකු දේශපාලඥයින්ගේ නෑදෑ හිතවතුන් හා දේශපාලන සම්බන්ධකම් අනුව පත් කර ඇතැයි හෙලිව තිබේ.

තානාපතිවරුන් සිවු දෙනෙකු මෙතෙක් පත්කොට නොමැති අතර 19 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ තානාපති සේවාවෙන්ද පත් කොට තිබේ.

ඒ අනුව එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය ලෙස පත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඥාති සහෝදරියක් මෙන්ම ස්වදේශීය සබන් කර්මාන්තශාලාවේ අධිපති අමාරි විජේවර්ධනයි. එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරුන් සහ පක්ෂයේ ක්‍රියාකාරින් වන කරුණාසේන කොඩිතුවක්කු චීනයේත්, මහාචාර්ය ධම්මික ගංගනාථ දිසානායක ජපානයේත්, තිලක් රනවිරාජා ප්‍රංශයේත්, දයා පැල්පොල ඉතාලියේත්, නිමල් වීරරත්න සිංගප්පූරුවටත්, සමන් වීරසිංහ රුසියාවටත්, සෝමසුන්දරම් ස්කන්ධකුමාර ඕස්ට්‍රේලියාවටත්, එච්.ආර්. පියසිරි මියන්මාරයටත් ආදී ලෙස හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් පත් කර ඇත.

නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ තිබූ සෑම රජයක් විසින්ම විදේශ දුත මණ්ඩල සමාජිකයින් ලෙස ශ්‍රී ලංකා තානාපති සේවයේ නිලධාරීන්ට පිටින් එම පක්ෂවල දේශපාලනයට සම්බන්ධ හිතමිතුරන් මෙන්ම නෑදෑයන් පත් කර තිබේ.

එහෙත් ‘මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්’ ප්‍රතිපත්තිය අනුව පවුල්වාදය ඉතා බරපතළ දූෂණයක් මෙන්ම මහින්ද රාජපක්ෂ රජයට දැඩි ලෙස දෝෂාරෝපණය එල්ලවූ කාරනාවක් විය.

යහපාලන නියමුවන් වූ මාදුළුවාවේ සෝභිත හිමි මෙන්ම මහාචාර්ය සරත් විජේසුරියලා සහ ජනතා විමුක්ති පෙරමුණද එදා මහින්ද රාජපක්ෂ රජය පෙරලීමට තරම්ම දේශපාලන වේදිකාවල නිතර දෙවේලේ මේ සම්බන්ධයෙන් මහ හඩක් නැගූහ.

ඔවුන් එදා කියා සිටියේ අනාගත මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ යහපාලන රජයක් තුල කිසිම පාලකයකුගේ නෑදෑයෙකුට හෝ දේශපාලන හිත්වත්කම් මත ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නියෝජනය කිරීමට තානාපති සේවයන් පිටතින් කිසිම දේශපාලන පත්වීමක් ලෙස තානාපතිවරුන් පත් නොකරන බවයි.

ශ‍්‍රී ලංකා තානාපති නිලධාරීන් ගැව විකිපීඩියා වාර්තාව මෙතනින්

58 views

16 Comments to “මෙරට විදෙස් තානාපති 50 දෙනාගෙන් 28ක් ආණ්ඩුවේ නෑදෑ හිතවතුන්.. ලයිස්තුව මෙන්න..”

  1. අනාචාර්ය සරත් විජේසුරිය says:

    කථාව දෝලාවෙන් ගමන පයින්.

    • සුරාජ් says:

      රනිල් කියන්නේ මිස්ටර් ක්ලින් නෙවෙයි මිස්ටර් බ්ලැක් රනිල් එදා ඉඳන්ම කලේ කුණු වැඩ
      එදා 2002 2004 unp ආණ්ඩුව කාලේ මැලේසියාවේ තානාපති වසයෙන් රනිල් පත්කළේ කිසිම උගත්කමක් නැති තානාපති කෙනෙක් තබා ඔෆිස් එකක ක්ලාක් කෙනෙක් වෙන්නවත් දැනුමක් නැති රෝසි සේනානායක
      ඒ ගැහැණිය එකල තානාපති හැසිරීම දන්නේ නැතිව මුළු තානාපතිසේවයම ලජ්ජාවට පත්කලා
      තව මොන කතාද ?රනිල් කලින් කියල හිතුවේ ඊයේ පෙරේද ඉපදුනු ෆේස් බූක් මෝඩයෝ

    • Amda says:

      පයින් නෙවෙයි හොම්බෙන්

  2. එන්ජීඕ වියංගොඩ  says:

    “අපි එදා කියා සිටියේ අනාගත මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ යහපාලන රජයක් තුල කිසිම පාලකයකුගේ නෑදෑයෙකුට හෝ දේශපාලන හිත්වත්කම් මත ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නියෝජනය කිරීමට තානාපති සේවයන් පිටතින් කිසිම දේශපාලන පත්වීමක් ලෙස තානාපතිවරුන් පත් නොකරන බවයි”

    අපි කියන කොට එහෙමයි. කරනකොට මෙහෙමයි!

    • XYZ says:

      The Foreign Office Diplomats are good to issue Pass-ports and Visas. That is also discouraged by them as it is too cumbersome. Their policy is more work means more trouble- less work means less trouble and no work means no trouble. They don’t do any promotions in trade, tourism or shipping

  3. මහරෝහලේ පිරිමි සාත්තු සේවිකාව  says:

    ඕව ඡන්ද කාලවල කියන කථානෙ. ඕව වැඩියෙ ගනන් ගන්ඩ එපා!

    • ලප කුමාර. says:

      නැතිව, නැතිව. ඉඳල හිටලවත් එහෙම බොරුවක් දෙකක් කිව්වෙ නැත්නම් කවුද අපිට ඩොලර වලින් සංග්රහ කරන්නෙ?

  4. asaranaya says:

    අහාලා නැද්ද කියනකොට එහෙමයි කරන කොට මෙහෙමයි කියලා, මගුල් යෝජනා කරන්නෙ කපුවෝ නානාප්‍රකාර බොරුකියල එයාකාරයෙන් සොබිතයලා ,ආචාරි කුලෙ සරත් විජේසුරියලා ලප ප්‍රින්සස්ලා කලේ ඒ වැඩේ තමයි , කපුවන්ගෙ ගාණ අරගෙන උන් මාරු, සොබිතයා වල පල්ලෙට.මාරු .අනික් අයටත් යතාකාලයෙදී ඒදේ සිද්දවෙයි.මුන් ඔක්කොම කබරයෝ

  5. මංගලගේ නෑනා මුත්‍රන්ගනී says:

    මුත්‍රන්ගනී චිබාරක් වන මම ICTA (International Conference Tour Agency ) එකේ නමට සබාපති. උස නිසා SLIIT එකේ කම්කරු .
    සොරි හොදේ

  6. රාජගිරියේ රත්නේ says:

    ඒ විතරක්ද ඩිෆෙන්ඩර් හිරුනිකගේ නැන්දා, කැනඩාවේ පුරවැසියෙකුවන ලොස් ඇන්ජලීස්හි, ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ස්වර්ණා ගුණරත්න

  7. former SGP of the Parliament and UNP national list member Priyani Wijesundara is ambesader in
    Austriya

  8. Wilson Thilakaratna says:

    Munta yanta aluth apayak hadanna wei. A new hell has to be opened to send these hooligans after their Death.

  9. sena says:

    Who is appointed the H.R.Piyasiri

  10. Chintaka says:

    Make the list from Wikipedia but show clearly who are the SLFS officers. Also add a column to indicate whose relative is the person. Journalism needs some home work to get the message across clearly.

Main News