මෙරට සමාගම් ඩේටා මාෆියාවක…
February 21, 2020 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
ශ්‍රී ලංකාව ඩිජිටල් ලෝකය ජයගන්න පවතින ඩේටා මාෆියාව විශාල බාදාවක්
ශ්‍රී ලංකාවට ඩිජිටල් ලෝකය ජයගන්නට තිබෙනා ප්‍රධාන බාදාවක් ලෙස යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන ඩේටා මාෆියාව හේතුවී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට සිදුකල අධ්‍යනයකදී හෙළිදරව් වී ඇත.
බොහෝ ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයින් ප්‍රමාණයක් මේ පිලිබදව මැසිවිලි නැගුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකිරීමට එම අන්තර්ජාල සේවා සපයන ආයතන මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවද කටයුතු කරන බවක් දැකගත හැකිය.
විශේෂයෙන්ම යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් තම පාරිභෝගිකයන්ට ලබාදීමට ගිවිසුමකින් බැදීසිටින අන්තර්ජාල වේගයෙන් හරි අඩකට වැඩි (50% ත් 70%) අතර අන්තර්ජාල වේග ප්‍රමාණයක් වත් ලබාදීමට අපොහොසත්වී ඇත.
යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් රාත්‍රී 12න් පසුව ලබාදෙන දත්ත (Night Time Data) සදහා දෙනු ලබන අන්තර්ජාල වේගය මන්දගාමී සිදුකිරීමක් සිදුකරන බවක්ද අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා අන්තර්ජාල පාරිභෝගිකයන්ගේ සුභසිද්ධිය මෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි ඩිජිටල් අනාගතයේ සුරක්ෂිතතාවය රැකගැනීමට පලදායි ලෙස අන්තර්ජාල සේවා සපයන සමාගම් නියාමනය කර කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දැනුම් දෙමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
මේ ඩේට මාෆියාව තොරතුරු තාක්ෂනවේදීන්ට දැන් තියෙන එකක් වුනාට අපිටනම් දැන් මතක ඇති කාලෙ ඉඳල තියෙන එකක්. අපි සල්ලි ගෙවල උංගෙ එනිටයිම්, නයිට් ටයිම්වලට කොටු වෙන්නෝනෙ. ඒ මදිවට එක එකාගෙ එක එක නීති. එක එකා දෙන එක එක විදිහේ මගුල් පැකේජ්. මේව TRC එකට කියල වැඩක් නෑ. උන්ට මේව ගානක් නෑ. මේව හැර වෙන වෙන වැඩ මහ ගොඩක් ඇතිනෙ උන්ට.
රට වැසියන් වු අපි මේ දුරකථන/අන්තරජාල සේවා සපයන ආයතන වල සුරාකැමට ගොදුරු වෙලා බොහෝ කල්! අපිට තියෙන ප්‍රශ්නේ අපි කාටද මේවා කියන්නේ කියන එකයි! – රට වැසියට සවන් දෙන්න කිසිම රාජ්‍ය ආයතනයක් නැ – බලය තියෙන එකා හැම දේම කරලා මිනිස්සුන්ගේ රිරි මාංශ උරාගන්නවා, 1977 ඉඳලා රටේ ඇති වුන තත්වය එයයි. රටේ කොච්චර නිති-රිති තිබුනත් එවා ක්රීයාත්මක වෙන්නෙ නැ! – මේ ඩේටා මාෆියාව දැනට රටේ තිබෙන විශාලතම වංචාව. ලොකේ කොහේවත් මේ ආකාරයට ඩේටා විකුනන්නේ නැ!!! TCR ආයතනය මේවා නොදන්නවා නෙවෙයි හැබැයි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැ! මේ සමාගම් ටෙලිකොම් එකේ ලොක්කන්ට මිලියන ගනං ගෙවනවා. ගමරලගේ මල්ලි ටෙලිකොම් එකෙන් ගත්ත ලක්ෂ විස්සේ පඩියෙන් ඒක පැහැදිලි වුනා! – රජයේ ඕනැම ආයතනයක ඉහලම ලොක්කාට “දොල-පිදෙනි දෙනකොට”, රටේ නිති-රිති ක්‍රියාත්මක කරන්න ඒකා ඉඩ දෙන්නෙ නැ!!! – ඩේටා විකිනිමයි – කුඩු ව්‍යාපාරයයි හිතු හිතු ගනං සල්ලි හම්බ කරන්න පුලුවන් ව්‍යාපාර.
සම්පූර්ණ යෙන්ම එකඟයි.
විශේෂයෙන්ම ලංකා සි නිවුස් ට ස්තුතිවන්ත වෙනවා මේ වගේ රටේ මිනිස්සුන්ට එදි නෙදා ජිවිතයට බලපාන ජාතික ප්‍රශ්නවලට මාධ්‍ය ඉඩක් දීම ගැන!!! මේ රටේ “ජාතික පත්තර” කඩමාලු, ගුවන් විදුලි නාලකා, හෝ TV ගුබ්බැයම් මේ රටේ කිසිම ජාතික ප්‍රශ්නයක් ගැන කථා කරන්නැ! උං කොම්පැනි කාරයන්ගේ ඇඩ්වලින් මිලියන ගනං අරන් රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න යට ගහලා කාට හරි දේශපාලන ගොට්ටක් අල්ලනවා. අපේ රටේ මේ ඩේටා මංකොල්ල කැම කොම්මාපැනි කාරයෝ, මාධ්‍ය ආයතන, දේශපාලකයෝ ඔක්කෝම එකතුවෙලා කරන මහා පරිමාන ජාවරමක්! – ලොකේ වෙනත් කිසිම රටක මේ වගේ තාක්ෂන සේවාවක් මේ ආකාරයට රටේ ජනතාව හුරාගෙන කන ජාවාරමක් කරගෙන නැ! මේ අපේ රට ද කියල කියන්නත් ලැජ්ජයි.
TRC එක කියන්නෙ අමුම මාෆියාවක්. ඹ්කට කොච්චර සුදුසුකම් තියෙන කොච්චර qualified එකෙක් ලොක්ක විදිහට දැම්ම කිව්වත් උන් හැම එකාම ඔය දුරකථන සමාගම්වල ඉත්තෙක් වෙලා උන්ට ඹ්න නීති හදලා දෙන කොන්තරාත්තුව තමයි අන්තිමට කරන්නෙ.
මම පාවිච්චි කරන uk ඩේටා සහ වොය්ස් පැකෙජ් එක ලංකාවෙ පැකෙජ් වලට වඩා ලාබය් සහ පුලුල්.
මම පාවිච්චි කරන uk ඩේටා සහ රෝමිං වොය්ස් පැකෙජ් එක ලංකාවෙ පැකෙජ් වලට වඩා ලාබය් සහ පුලුල්.
SL Telecom කියනවා ඒ ගොල්ලන්ගේ PEAK TIME DETA SPEED එක 8MB සහ 21MB අතර තියෙනවා කියල..ඒත්, ඇත්තටම ඒගොල්ලෝ පාරිභෝගිකයින් රවටල දෙන්නෙ MAX.SPEED එක 4MB වලටත් අඩුවෙන්..මේවා කැත වැඩ…බලු වැඩ….මුන් පාරිභෝගිකයෝ සම්පුර්ණයෙන්ම ගසා කනවා…
Night time data is a mafia !
සල්ලි ගත්තානම් ඩෙටා වලට එවට කාලෙ නොදි මිනිස්සුන්ට පාවිච්චි කරන්න දිපන් …සල්ලි ගන්නවා ඉතිරි ඩෙටා වෙලාවට පාවිච්චි කරෙ නැහැ කියලා …ආයෙමත් විකුනලා සල්ලි හම්බකරනවා..
ඩේටා කැපෙන්නේ නෑ කියපු You Tube පැකේජ් එකේ මගේ ඩේටා මෙගාබයිට් සිය ගාණක් මේ වෙනකොට Dialog එකෙන් හොරෙන් කපලා!
ඩේටා කැපෙන්නේ නෑ කියපු You Tube පැකේජ් එකේ මගේ ඩේටා මෙගාබයිට් සිය ගාණක් මේ වෙනකොට Dialog එකෙන් හොරෙන් කපලා!
I have slt data package.no confidence about other providers. But sad to say slt same as others.
1212 hot line does not serve well . Recently I had a problem , 1212 does not cover this issue. At the end no clear answer.
Finally had. To go to telephone directory. Found the name of my old friends name now he is DGM for some area and he solve problem.
But helpless customers, specially children who use data, who will cover their issues about data?
Someone must take responsibility