මෙරට සරසවියක ඇරඹෙන පළමු තාක්ෂණ පීඨය අග්නිදිග විශ්ව විද්‍යාලයෙදී ආරම්භ කෙරේ…

December 7, 2016 at 2:08 am | lanka C news
මෙරට සරසවියක ඇරඹෙන පළමු තාක්ෂණ පීඨය අග්නිදිග විශ්ව විද්‍යාලයෙදී ආරම්භ කෙරේ…

අනාගත රැකියා ඉල්ලූමට ගැලපෙන පරිදි උපාධි පාඨමාලාවන් නවීකරණය කිරීම නව රජයේ උසස් අධ්‍යාපන ප‍්‍රතිපත්ති අතර මූලික ස්ථානයක් ගනී. දිවයින පුරා විශ්ව විද්‍යාලවල නව තාක්ෂණ පීඨ 05ක් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මීට පෙර ප‍්‍රකාශ කළේය. එහි පළමු තාක්ෂණ පීඨය අග්නිදිග විශ්ව විද්‍යාලයෙදී ආරම්භ වේ. තාක්ෂණ විෂය සඳහා ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් කරගන්නා පළමු ශිෂ්‍ය කණ්ඩායම ශ‍්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය වෙත ඇතුලත් කර ගැනීම ඊයේ (05) දින සිදු කෙරින.

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ආරම්භ වන තාක්ෂණ පීඨය සඳහා සිසු සිසුවියන් 160 දෙනෙකු උපාධි පාඨමාලාවන් දෙකක් වෙනුවෙන් ඇතුලත් කරගැනීමට නියමිතයි. එ් යටතේ කෘෂිකර්ම තාක්ෂණවේදය සඳහා සිසුන් 85 දෙනෙකු සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය සඳහා සිසුන් 75 දෙනෙකු ඇතුලත් කර ගැනේ. සිව් වසරක පූර්ණ ඉංග‍්‍රීසි මාධ්‍ය පාඨමාලාවක් ලෙස මෙම පාඨමාලාව සැලසුම් කර ඇත. එහිදී රැුකියා වෙළඳපොල ඉල්ලූමට සරිලන පරිදි ප‍්‍රායෝගික ක‍්‍රියාකරකම් පිළිබඳ වැඩි අවධානයක් යොමුකර තිබීම මෙම පාඨමාලාවේ විශේෂ ලක්ෂණයක්. එ් සඳහා අවශ්‍ය වන නවීන විද්‍යාගාර පහසුකම්, ගොවිපලක් ඇතුළු පහසුකම් රැසක් විශ්ව විද්‍යාලය සතුව පවතී.

පාඨාමාලාවන් වෙනුවෙන් ඉංග‍්‍රීසි හා තොරතුරු තාක්ෂණ මූලික පාඨමාලා එළඹෙන ජනවාරි මස ආරම්භ කෙරේ. සියළු සිසුන් වෙනුවෙන් පූර්ණ නේවාසික පහසුකම්ද හිමිවන මෙම තාක්ෂණ පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ආචාර්්‍ය එම්.ජී.එම්.තාරික් මහතා කටයුතු කරයි.

– රජිත සමරසූරිය

25 views
Main News