මෙරට සිදුවන මහා ඉඩම් මංකොල්ලයට ඇමැති ෆයිසර් හා පවුලේ අය සම්බන්ධයි…

November 2, 2016 at 2:10 pm | lanka C news
මෙරට සිදුවන මහා ඉඩම් මංකොල්ලයට ඇමැති ෆයිසර් හා පවුලේ අය සම්බන්ධයි…

රට තුළ සිදුවන මහා ඉඩම් මංකොල්ලයට පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා සහ ඔහුගේ පවුලේ උදවිය සම්බන්ධ බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ චෝදනා කර සිටියහ.

එහෙයින් ඔහු ඇමැති ධුරයෙන් නෙරපා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

ශ්‍රී පාදස්‌ථානය අවට ඉඩමක හෝටලයක්‌ ඉදිකිරීමේ සිද්ධියට අදාළ ඉඩම් ගනුදෙනුව පිටුපසත් gnanasaraතවත් ඉඩම් ගනුදෙනු රැසක්‌ පිටුපසත් සිටින්නේ ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා බවත් අලුත්කඩේ උසාවිය පැත්තේ ගැවසුණහොත් ඒ පිළිබඳ දැනගත හැකි බවත් උන්වහන්සේ කීහ.

නීතිඥ ලෝගුවට මුවාවී ඔහු දිගින් දිගටම මේ වංචාවන් සිදු කරන බවටත් ඔහු මුල මැද අග නැති ‘ගනුදෙනු’ කර ආයෝජකයන් මුලා කර ඇති බවටත් ඥනසාර හිමියෝ චෝදනා කළහ.

– දිවයින

46 views
Main News