මෙරට සියලු දරුවන්ගේ තාත්තා මමයි.. එකම දරුවෙකුට කොරෝනා නොහැදී බේරාගත්තා..

June 28, 2020 at 3:50 pm | lanka C news
මෙරට සියලු දරුවන්ගේ තාත්තා මමයි.. එකම දරුවෙකුට කොරෝනා නොහැදී බේරාගත්තා..

තමන් අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කරන්නේ මෙරට සියලු පාසැල් දරුවන්ගේ තාත්තා හැටියට බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ දී පැවති ජන හමුවකදී අදහස් පළකරමිනි.

ඇමතිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

‘මම අධ්‍යාපන ඇමති පුටුවේ වාඩිවෙන්නේ මේ රටේ සියලු පාසල් දරුවන්ගේ තාත්තා කෙනෙකු හැටියයි.

ප්‍රථමයෙන් දරුවන් වෙනුවෙන් තීන්දු ගන්නට තමන්ට ජනාධිපතිතුමත් අගමැතිතුමත් උපදෙස් ලබාදී තිබෙනවා.

එක ළමයෙකුට කොරොනා හැදුනේ නැති එකම රට ලංකාවයි. මම තාත්ත කෙනෙක් විදියටයි බැලුවේ.

සහරාන් ගහද්දී එදා කිව්වේ ලක්ෂයක් දෙන්නම් පාසල් යන්න කියලයි’

190 views
Main News