මෙරට සියළු නිවාසවලට හිරු එලියෙන් විදුලිය..

September 10, 2020 at 4:40 pm | lanka C news
මෙරට සියළු නිවාසවලට හිරු එලියෙන් විදුලිය..

මෙරට දුප්පත් පොහොසත් භේදයක් නැතිව සියලු නිවාස වලට සූර්ය බලයෙන් විදුලිය නිපදවීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

පාසල් සදහා විදුලි බලය මත සූර්ය පැනල මගින් හිරු එළිය භාවිතයෙන් නිපදවා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

එමෙන්ම රජයේ ගොඩනැගිලි, ආණ්ඩුවේ අමාත්‍යාංශය ආදී හැකි උපරිම ආයතන ප්‍රමාණයක් සූර්ය බලයෙන් බලගන්වන්නට සැලසුම් කරන බව ද ඔහු සඳහන් කළේ ය.

2030 වන විට මෙරට පුනර්ජනනීය බලශක්තිය මගින් 80%ක් විදුලි නිෂ්පාදනය කිරීමේ ඉලක්කයක් ඇතිව වැඩ කරන බවද ඔහු පැවසීය.

ඇමතිවරයා මේ බව සදහන් කලේ අනුරාධපුරයේ පැවති උත්සවයක් අමතමිනි.

90,097 views

29 Comments to “මෙරට සියළු නිවාසවලට හිරු එලියෙන් විදුලිය..”

  1. Abba says:

    Definitely CEB engineers will oppose this move

  2. චංඩි මල්ලී says:

    සබීතාගෙ බිල්ඩිමට විශාල මුදලක් ගෙවන්න වුන සිද්ධියට වගකීම කාගෙද?

  3. ivan says:

    Very good government must give a subsidy. CEB, telecom and water board engineers are culprits

  4. Yaka says:

    බෝඩ් එකේ ඉන්න බහිරව පෙරේත ඉන්ජිනේරුවො දැනටත් මේකට කොක්ක ඇදල තියෙන්නෙ.. දැනටම සෝලා පවර් එක බෝඩ් එකෙන් සල්ලි දීල ගන්න එක නවත්තන්න කියල කේස් එක ඇදල තියෙන්නෙ ඒකෙන් වෙන්නෙ අපි ලක්ශ 3-4 දීල යුනිට් එක ගැහුවාම මාසෙ බිල 0 වෙන් එක විතරයි.. ඒත් අතින් යුනිට් එකට සල්ලි ගෙවන්න ඕනෙ..අනෙක් සෝලා කාරයො අම්බානක හම්බකරනවා මෙවගෙන් පොඩිම යුනිට් එකකින් අඩුම ලක්ශයක්වත් තියාගන්නවා .. රාජ්‍ය ආයතනයක් තිබුනනම් අඩු මිලට බඩු ටික ගන්න මේක හරියන්න ඉඩ තිබුන..

  5. niroshan says:

    I had a bad experience with the solar loan application through a bank, still it is on process seems the bank is reluctant to release money for solar projects or else the procedure is not customer friendly.I think government should involve actively to expedite the same.

Main News